මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 29, 2020

සුදෝ නුබේ හිත ගිලිහී යයිද හිතෙනවා.......කවි.....අනුරුද්ධ වැලිගමගේ


63 Palm Alley Peradeniya Royal Botanical Park Kandy Sri Lanka ...


නිල් දියවර පේලි සැදී තරු ඇහිදිනවා
ක්ෂිතිජ ඉමට ඇස් මානා අපි තනිවෙනවා
සක්වල පරදන ආදර හැගුම් වැඩෙනවා
නිල් ඇස්වල දිගු කවියක් ලියල තියෙනවා

දිගු කෙහෙරැලි නළලත මත හාදු තියනවා
බොළද වදන් සවනට මී බින්දු හලනවා
රන් දෙකොපොල රතු දෙතොලේ රටා මවනවා
ඔබෙන් මිදී යන්නට සිත අකමැති වෙනවා

තාර පාර මාර ගසින් සෙවණ ලබනවා
ඒ හෙවනේ අපි සුන්දර සිහින මවනවා
දැගිලි බැදි දවසක් ගැන හිත ලතැවෙනවා
සුදෝ නුබේ හිත ගිලිහී යයිද හිතෙනවා


අනුරුද්ධ වැලිගමගේ

Image result for couple in river bank


සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

4 comments:

  1. සුන්දර සන්සුන් කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. තරින්දි ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . කලබල තරුණ පෙම්වතෙකුගේ සිතුවිල්ලක්.

      Delete
  2. මතකය අලුත් වන රසවත් කවී පෙළක්.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . මතක අවදි කරවන්න කවිය හොද බේතක්.

      Delete