මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 22, 2020

ලාස් වේගාස් ...පව්කාර නගරයේ රැයක් ..........ඇමෙරිකානු සංචාරයක මතකය ...... Grand Canyon වටේ රවුමක් 1.

Image result for las vegas"

  
Mojave කාන්තාරයේ තිබෙන මේ ඉසව්ව අද ලෝකයේ බොහෝ දෙනෙක් සංචාරය කරන තැනක්. වසර 10,000 පටන් Paleo Indian ජනතාව ජීවත් වූ බව සැලකෙන මෙය 1829 දී Antonio Armijo සහ බාලදක්ෂ Rafael Rivera නව මෙක්සිකෝ ප්රාන්තයේ සිට ලොස් ඇන්ජලීස් බලා හැකි පහසු මගක් සොයා යාමේදී හමුවූ බිම් කඩක්. Las Vegas යන නම Spanish බසින් The Medows යන අරුත දෙනවා .ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් දුම්රිය මාර්ග ආයෝජකයෙකු සහ පතල් කරුවෙකු වූ William A Clark ලාස් වේගාස් නගරය ඉදිකිරීමේ මූලිකයා ලෙස සැලකෙනවා. ලාස් වේගාස් නගරය සහ අවට ඇතුලත් වන පරිපාලන ප්රදේශය ඔහුගේ නමින් නම් කර ඇත්තේ නිසා .1930 දී ඉදිකෙරුණු Hoover Dam බහුකාර්ය ව්යාපෘතිය මගින් නගරයට අවශ් ජලය සහ විදුලිය ලැබීම නෙවාඩාවේ කාන්තාර ගත මේ බිම ඉසුරු පුරයක් කරන්නට පසුතලය හැදුවා.

Image result for las vegas night"


මගේ මතකය යන්නේ  Bugsy චිත්රපටයට. නිව් යෝර්ක් නගරයේ පාතාල නායකයෙකු තම පවුල අතහැර හොලිවුඩයට යනවා. රූමත්  Virginia Hill නම් කාන්තාවට වශී වන ඔහු වෙනුවෙන් 1946 දී නෙවාඩා කාන්තාරයේ හදන The Flamingo හෝටල් සහ කැසිනෝ සංකීර්ණය Las Vegas වල වර්තමාන සංවර්ධනයේ මුලික අවස්ථාව බවයි කියැවෙන්නේ .අවිවාහක පිරිමින් සහ ගැහැණුන් සූදුව, කම් සැප සහ විනෝදය තකා නිතර දෙවේලේ ගොඩ වැදෙන මේ නගරය හැදින්වෙන්නේ පව්කාර නගරය නමින් ( Sin City ) . විවාහකයන්ට පවා වෙනසකට පවුලෙන් මිදී කෙටි නිවාඩුව කට යාහැකි තැනක් ලෙසින් ව්යාපාර ප්රවර්ධනය කෙරෙන මෙය ජනප්රිය සංස්කෘතියේ විස්තර කෙරෙන්නේ සුරලොවක් ලෙසින්.


Image result for bugsy movie poster"Image result for virginia hill bugsy siegel"



පහුගිය අවුරුද්දේ දසත හරහා ඔබව ගෙනගිය රොකී කදුවැටිය වටා රවුමක් ලිපි පෙලට ඉතා ඉහල ප්රතිචාරයක් ලැබුණා. බොහෝ දෙනා සදහන් කර තිබුනේ අපේ ලිපි පෙල කියවා බැන්ෆ් වලට ගොස් එන්නට ගිය ගමන Jasper,  Kamloops කරා  දික් කල බව. තුලින් රොකී කදුවැටියේ කැනඩාවේ රුව ගුණ හරිහැටි දකින්නට කල මග පෙන්වීමට ඔවුන් ස්තුති කර තිබුණා. අපට ගැන ඇත්තේ සියුම් ආඩම්බරයක් .නිකම්ම් එතැනට යනවාට වඩා වැඩි සංචාරක වටිනාකමක් දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ස්වභාව ධර්මයේ අපුරු නිමැවුමක් වන The Grand Canyon වටා ඔබව එක්කන් යන්නයි අපේ මේ උත්සාහය. අපි ගමන පටන් ගත්තෙ Las Vegas වලින්.

Image result for las vegas"


කොස්මික් කිරණ පර්යේෂණ කල සල්පර් කදු මුදුනේ සිට බැන්ෆ් වන පෙතට හෙලන බැල්මක් .......රොකී කදුවැටිය වටේ රවුමක් 1



නිල් විල් බලමින් ඇතබැස්කා ග්ලැසියරයට යෝධ බසයක නැගී ගිය ගමනක්.........කැනේඩියානු සංචාරයක මතකය ..... රොකී කදුවැටිය වටේ රවුමක් 2.



රීඩර්ස් ඩයිජෙස්ට් සගරාවේ මිලියන 8 ක් ගුණ වැයූ බෝට්ටු සවාරියෙන් අයිස් නැව තැනූ ඉසව්වට කැනේඩියානු සංචාරයක මතකය ..... රොකී කදුවැටිය වටේ රවුමක් 3





රටම එක්කල අවසන් පස් පිඩැල්ලත් , සුවිසල් රෙවෙල්ස්ටෝක් බලාගාරයත් බලන්නට...........


රොකී කදුවැටිය වටේ රවුමක් 4.


ලැව් ගිනි මැද්දේ උණු දිය උල්පතකින් නාන්නට ගිය ගමනක් 

රොකී කදුවැටිය වටේ රවුමක් 5.


Image result for las vegas"

ටොරොන්ටෝවේ ඉදන් පැය 5 පමණ ගුවන් ගමනකට පස්සෙ අපි ලාස් වේගාස් වල. ගුවන් තොටුපලෙත් කැසිනෝ හලක පසුබිම දකින්නට පුළුවන්. වේගාස් නොනිදන නගරයක්. පොඩි විවේකයක් අරන් කැසිනෝ, බාර්, වැඩිහිටි විනෝදාස්වාදන මධ්යස්ථාන තිබෙන නගර සංචාරය පටන් ගත්තෙ හවස .මුලින්ම නවාතැනෙන් පිටත් වෙලා කුලියට ගත්ත වාහනයෙන් අපි ගියේ සුප්රකට Las Vegas නගර සලකුණ ගාවට. කැනඩාවේ වගේ නෙවෙයි ඔබට වෙනත් නගරයකට කුලී වාහනය බර දෙන්න වෙනම ගාස්තුවක් (One-way fee) ගෙවන්න ඕනෙ නැති නිසා ඔබට අවශ් නම් ලොස්ඇන්ජලීස් හරි ෆීනික්ස් හරි නගරයකින් ආපහු යන ගුවන් යානය ගන්න එක කාලයත් මුදලුත් ඉතිරි කරනවා

Image result for las vegas casino"


Las Vegas නාම පුවරුව


නියෝන් විදුලි බල්බ වලින් අලංකාරවත් වුණු  Welcome to Fabulous Las Vegas සදහන ඇති අපූරු නගර පුවරුව නිර්මාණය වුනේ ව්යාපාරික Ted Rogich ගේ උවමනාවට Betty Williams අතින් .1959 මයි මාසයේදී ඉදුවූ මෙය පසුකාලීනව Clark county පළාත් පාලන ආයතනය විසින් මිලදී ගෙන තිබෙන්නේ එහි වටිනාකම නිසා.

අපි ගුවන් තොටුපොල අද්දර තියෙන වාහන නැවතුමේ වාහනය නවත්වලා සලකුණ බලන්න ගියා. ෆොටෝ ගන්න වාරය එනකම් බලා ඉන්න පෝලිමේ ඉදල ෆොටෝ කීපයක් ගැහුවා. අඩි 25 ක් උස මේ සලකුණ සමහරු හදුන්වන්නේ Las Vegas strip එකේ දකුණු අන්තය කියල .දියමන්තියක හැඩය ගන්නා මෙහි Welcome වදන ඇති කොටස කැසිනෝ වලදී භාවිතා වන රිදී කාසි සිහිගන්වන ලෙසයි තනා තිබෙන්නේ.

Image result for las vegas monorail"

Monorail

Image result for las vegas monorail"

නවාතැනට කිට්ටුව තියෙන නැවතුමෙන් අපි නැග්ගෙ Las Vegas Monorail එකට. Pearson ගුවන් තොටුපලේ, Mexico ගුවන් තොටුපලේ  මීට කලින් ලිපියකදී අප ගිය ඩිස්නි ලෝකයේ Epcot හි  දුම්රිය ගමන සිහි කරවන මේ දුම්රිය Las Vegas Strip හි MGM Grand කැසිනෝ හලේ සිට Sahara Casino දක්වා ප්රධාන කැසිනෝ හල් එක්කරන සංචාරක ප්රවාහන මාධ්යයක්. අපි ඒකෙ රවුමක් ගිහින් සුදානම් වුණේ රාත්රියේ Strip දිගේ ඇවිද යන්න.

Image result for las vegas strip hotels"

Las Vegas Strip

Image result for las vegas strip hotels"

ලාස් වේගාස් නගරයේ ප්රධාන මාවත විදිහට හැදින්වෙන Las vegas Boulavard හි කිලෝමීටර 6.8 කොටස හැදින්වෙන්නේ මේ නමින් . එහි උතුරු අන්තය වන්නේ Sahara Avenue මාර්ගය . දකුණු අන්තය Russel Road  වලින් අවසන් වෙනවා . සමහරු කියන්නේ එය අවසන් වන්නේ Mandalay Bay කැසිනෝ හල අසලින් කියලයි . සුප්රකට කැසිනෝ හල් , වැඩිහිටි විනෝදාස්වාදන මධ්යස්ථාන, නෘත් ශාලා බොහොමයක්ම පිහිටා තිබෙන්නේ මේ මාර්ගය දෙපසයි . 

Image result for las vegas strip hotels"

කැසිනෝ හල නමට අනුරූප වන අයුරින් හැඩවී තිබෙනවා. නිව් යෝර්ක් කැසිනෝ හල නිව් යෝර්ක් නගරයේ සලකුණු වන ලිබර්ටි ප්රතිමාව ඇතුළු ගොඩනැගිලි වලින්, පැරිස් කැසිනෝ හල මීට පෙර ලිපි වලදී ඔබව කැදවා ගෙන ගිය පැරිසියේ අයිපල් කුළුණ සහ Arch de Triumph සිහිගන්වන අයුරින් ඉදිකර තිබෙනවා . බෙලාජියෝ කැසිනෝ හල ඉතාලි ගෘහ නිර්මාණ ශිල්ප අනුව ඉදිකර තිබෙනවා. රාත්රියට ආලෝකමත් වූ විට මේ වීදිය අප අසා ඇති කථාවල කියැවෙන සුරපුරක් මවනවා.

Image result for bellagip water fountain"

Bellagio හෝටලය ඉදිරිපිට ඇති ජල තටාකයේ උදෑසන 11 සිට රාත්රී 12 දක්වා පැවැත්වෙන Musical Fountain සිහිගන්වන්නේ ඩුබායි හි Burj Khalifa වල ඇති ලෝකයේ උසම වතුර මලේ අසිරිය. නොමිලයේ බලන්නට පුළුවන් මෙය වඩාත් ලස්සන වන්නේ රාත්රියට විවිධ වර්ණ වලින් පැහැපත් වූ විටයි. සෑම විනාඩි 15 කටම වරක් පැවැත්වෙන මෙය බලන්නට රැස්කන පිරිස් වීඩියෝ ගත කරන්නට හොදම තැනක් සොයා පොරකන දසුන සුලබ එකක්.  

Image result for bellagip water fountain"

වෙගාස් වල අවන්හලක්, චොකලට් කඩයක් පවා අවසන් වන්නේ කැසිනෝ හලකින්. සංචාරකයින් පීරී ඉතිරී යන මෙහි Brand name වෙළදසැල් වල සමරු සදහා පිරිස් පොරකනවා. අතර Toronto Caribana උත්සවයේදී දකින ආකාරයේ අඩ නිරුවත් ඇදුමින් සැරසුණු සුරූපී කාන්තාවන් ඇවිද යනවා. ඔවුන් සමග සේය්රුවක් ගන්න සමහරු පොරකන්නේ සදහා ගණන් හෙට්ටු කරමින්. 

Image result for las vegas strip girls"

ගිනිගහන කතරේ උණුසුම අඩු කරන්නට තැනින් තැන අටවා ඇති පිනි විදින යන්ත් ගෙන දෙන්නේ සිසිලසක්. මැදියම් රැය වෙද්දී අපි ආපහු නවාතැනට යන්නට සුදානම් වුනේ හෙට උදේ ගමනට සුදානම් වෙන්නයි.

ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා.

dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න. ඉඩ ලැබෙන පරිදි
පිළිතුරු ලියන්නම්.

Image result for las vegas casino"



මීළග කලාපයෙන්  හිරු උදාවත් එක්ක Antelope Canyon සහ Horseshoe Bend හැඩ බලන්නටයමු . ........

Image result for las vegas strip hotels"


අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for las vegas strip hotels"

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019    කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට


Image result for dasatha publications


සොබාදහමේ අපූරු නිමැවුම් දෙකක් බලන්න Page නගරයට ගිය ගමනකින් ඊළග මාසයේදී හමුවෙමු.

Image result for antelope canyon"

2 comments:

  1. අපූරු තොරතුරු... ස්තූතී බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete