මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 1, 2020

කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට…..එඩ්වඩ් ජයකොඩි........අනුරුද්ධ වැලිගමගේ.....ගීත

Teacher pools to cover duties of teaches on leave | Page 14 ...

 

නම් පොතේ නුබ නමට බිංදුවක් වැටුණුවිට

මගේ හිත වෙහෙසුණා නුබේ රුව සොයන්නට

විදුබිමම පොඩි දෙපා පියවරක් නොදුටු බව

 කෑ ගසා කී නමුදු මා දෙනෙත සොයයි නුබ

 

කුඹුරෙ වල් නෙලන්නට , හේනේ පැල් රකින්නට

අප්පච්චි එක්කලා මී දෙනුන් බදින්නට

නෑවිදින් පාසැලට නුබ යලිත් එන කලට

කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට

 

 නම් පොතේ නුබ නමට...

 

වෙහෙසවී පාඩමට වාර අවසානයට

 හැමදාම පන්තියේ පළවෙනියා වුණා නුබ

සිත් දරා දිළිදුකම නෙතු සිනා සලනවිට

 පුතේ නුබ ගැන හඩයි දුක හිතුණු මගේ හිත

 

 නම් පොතේ නුබ නමට...

 

අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ

ජාතික රූපවාහිනියේ ළමා ගී වැඩසටහනින් විකාශය විය 

1990-1992 කාලයේදී ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ ගීතය VHS පටිගත කිරීමකින් . උපුටාගෙන ඇති බැවින් එහි ශ්‍රව්‍ය දෘශ්‍ය තත්වයේ අඩුපාඩු ගැන කමා කරන්න

Edward Jayakody - Karadiya Gabare.mp3 by Himantha Kushan on ...

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි     

Priyanath Rathnayake Songs MP3 | Priyanath Rathnayake Sinhala ...

   සංගීතය - ප්‍රියනාත් රත්නායක

මේ නිර්මාණ වලට දායක වූ යමෙක් වේ නම් හදුනා ගන්නට මගේ මුහුණු පොත හෝ අහස් ගව්ව විද්‍යුත් තැපෑල මගින් අමතන්න . ahasgawwa1@gmail.com


Sri Lankan Childs Images, Stock Photos & Vectors | Shutterstock


ස්තුතිය - ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ළමා ගී නිෂ්පාදක කණ්ඩායමට සහ සංස්කරණය කල දිනේෂ් පීරිස් සොයුරාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


Asian Countries Top Child Labour List



මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


3 comments:

  1. ලස්සන සින්දුවක්. සුභ පැතුම් අනුරුද්ධ ඔබට

    ReplyDelete
  2. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

    ReplyDelete
  3. ලස්සන පදරචනයක් මල්ලී.ගීතය දැනුනා හොඳටම.මේක ඔයාගේ ඉස්සර post එකක් වුනත් අදයි ඇහුවෙ නම්. ගුරුවරියක් විදිහට මගේ හිතටත් දැනුත් දැනෙනවා දරුවන්ගෙ නාමලේඛනයේ නම් ලකුනු කරනකොට ඒ වගේ බින්දුවක් වැටෙන දරුවන් ගැන සංවේදීව හොයලා බලපු අතීතය.
    දරුවො ගැන සංවේදීව හොයන බලන ඕනම ගුරුවරයෙකුගෙ හිත තමයි ඔයා ලියන්න ඇත්තෙ.කොහොමවුනත් ඒ අත්දැකීම විඳපු කෙනෙක් විදිහට මට ගොඩක්ම දැනුනා ඒ ගීතය.
    ඒ කාලෙ ඔය රූපවාහිනී වැඩසටහන් මාත් බැලුවා.එඩ්වඩ් ජයකොඩි මහත්මයා දරුවො එක්ක කරපු ගීත වැඩසටහන් ගනනාවක් බැලුවා .ඒකාලේ campus වුනත් ඔය සින්දුවත් අහන්න ඇති.
    ඔයාගෙ අනිත් පදරචනා වගේම මේකත් ලස්සනයි.සුබපැතුම් මල්ලි ඔයාට.ඉදිරියටත් ඔයාගේ නිර්මාණ විඳින්නට අහන්නට කැමතියි.

    ReplyDelete