මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 19, 2020

හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු......කැනේඩියානු සංචාරයක මතකය

 

නයගරා ඇල්ල වටේ රවුමක් යමු  1

ටොරොන්ටෝවේ ඉන්න අපට පැය 2 කට අඩු කාලයකින් අවුරුද්දෙ ඕනෑම කාලයක බලන්න පුළුවන් ජනප්රිය තැනක් තියෙනවා . ලංකාවෙන් එන නෑදෑ හිතවත්තු කවුරු උනත් එක්කගෙන යන මෙතැන තියෙන දේවල් වලින් අපි දන්නෙ කොච්චර ටිකයිද ? ලෝකයේ තිබෙන දිය ඇලි අතරින් ජනප්රියම සහ ලස්සනම දිය ඇල්ල  ඇල්ල . ඉස්සර වෙලාම ඔබ පුදුම වේවි නයගරා ඇල්ල අවුරුදු 12500 ක් විතර පරණයි කිව්වාම . නයගරාවේ ඉතිහාසය අවුරු 18000 ක් පරණ අයිස් යුගය දක්වාම යනවා . කිලෝමීටර ගානක් ඝනකම අයිස් තට්ටු දියවෙලා හැදුණු Niagara Escarpment සංචාරයට කැමති අයට  දවසක සංචාරයන්ට වටිනා තැන් රැසක් ඉතිරි කර තිබෙනවා . එය පටන් ගන්නේ අපට කිට්ටු Milton නගරයේ ඉදන් . වගේම මුල්ම නයගරා ඇල්ල තිබිලා තියෙන්නෙ අද අපි දකින ඇල්ලට හැතැප්ම 6-7 ක් විතර පහලින් තියෙන Lewiston කියන ප්රදේශයේ . මුලින් කොටස් 5 ක් විදිහට තිබුණු ඇල්ල කාලයත් එක්ක මෙතැනට එනකොට එක කොටසක් බවට පත්වෙලා . අපි අද දකින  Horseshoe Falls. දැනටත් අවුරුද්දකට ඇල්ල මීටරයක් පස්සට යනවා . මේ යන විදිහට ඇල්ල පස්සට ගියොත් තවත් අවුරුදු 50000 කින් ඇල්ල හැතැප්ම 20 ක් ගියාම උසේ  වෙනසක් නැතුව ඇල්ල වෙනුවට නයගරා ගග විතරක් ඉතුරු වේවි.


ඇමෙරිකාව සහ කැනඩාව අතර දේශ සීමාවේ තියෙන නයගරා ඇල්ලේ සහ නයගරා ගගේ ජලය 1950 දී අත්සන් කෙරුණු ගිවිසුමක් යටතේ පාලනය වෙනවා . අනුව සංචාරකයින් වැඩි උදේ 8 සිට රාත්රී 10 දක්වා වැඩි වතුර ප්රමාණයකුත් අනෙක් කාලයට ඉන් අඩකුත් ලෙස ජලය මුදා හරින්නේ 1954 දී ඉදිකෙරුණු  International Control Dam නම් බැම්මක් මගින් . නයගරා ඇල්ල පහු කරලා ටික දුරක් ඉස්සරහට ගියාම ඔබට බැම්ම් බලන්න පුළුවන් . එමගින් ජල විදුලි බල නිෂ්පාදනය සහ අනෙකුත් කටයුතු සදහා ජලය කාර්යක්ෂම ලෙස යොදාගන්නවා . ඉන් වතුර එකතු කරන ජලාශය හැදින්වෙන්නේ  Chippawa - Grass Island pool නමින් .

Horseshoe Falls


ලෝකයේ
දියඇලි වර්ගීකරණයේදී නයගරා ඇල්ල ඉලක්කම් අතරට එන්නේ නැහැ . එහෙත් ජනප්රියතාව අතින් සහ අශ්ව ලාඩමක් හැඩයේ අපූරු පිහිටීම නිසා මේ ඇල්ල ලෝකයේ බොහෝ දෙනා අතර පතල වෙලා තියෙන්නෙ ලස්සනම දිය ඇල්ල විදිහට . කැනඩාවට , ඇමෙරිකාවට සංචාරය පිණිස එන බොහෝ දෙනා අමතක නොකර මෙතැන බලන්න එන්නෙ නිසයි . අඩි 188 ක් උස අශ්ව ලාඩම් ඇල්ල විනාඩියකට කියුබික් අඩි මිලියන 6 දිය කදක් ඊරි විලේ ඉදන් ඔන්ටාරියෝ විලට දිය ගෙන යන නයගරා ගගට මුදාහරිනවා . ඇල්ලේ පලල අඩි 2200 ක් විතර වෙනවා . ශීත කාලයට ඇල්ල වටේම වගේම කොටස් අයිස් මිදිලා තිබ්බත් ඇල්ල මෑත කාලයේදී එය සම්පුර්ණයෙන්ම මිදිලා තියෙන්නේ 1848 මාර්තු 29 වෙනිදා විතරයි . 1985, 1902, 1906, 1911, 1932, 1936, 2014, සහ  2017 දී වාර්තාගත විදිහට මිදිලා තියෙනවා . ශීත කාලයේ ජනවාරි , පෙබරවාරි මාස වලදී ඇල්ලට ගියොත් ඔබට අමුතුම අත්දැකීමක් බලන්න පුළුවන් . මේ ළගම තියෙන ඇමෙරිකන් දිය ඇල්ල අඩි 110 ක් උසයි . අඩි 850 ක් පළලයි .විනාඩියකට ටොන් 50 ක් තරම් දියවුණු Rock Flour ලවණ මුදාහරින හින්ද නයගරා ඇල්ලේ වතුර කොලපාටට පේනවා .


Great Gorge & Whirpool

නයගරා අල්ලේ ඉදන් කිලෝමීටර් 5 විතර දකුණට ගියාම හම්බවෙන ලස්සන තැනක් තියෙනවා . දැඩි පර්වතයක් වන Great Gorge හින්ද නයගරා ගග එකපාරටම අංශක 90 කින් හැරෙන මෙතැන දිය පහර හරිම සැරයි . පර්වතයේ

හැපිලා ආපහු විසිවෙන වතුර හින්ද එතැන දැඩි කැලබීමක් තියෙනවා . ඒකෙ අපුරුව එතැන තියෙන නරබුම් අටල්ල සහ පැරණි Whirlpool Aero Car සංචාරයේදී දකින්න පුළුවන් . මේ අවට ප්රදේශයේ ජවය වැඩි කාට වුනත් යෙදෙන්න පුළුවන් ත්රාසජනක ක්රියාකාරකම් රැසක් තියෙනවා .


·         White Water Walk


·         Whirlpool Adventure Course



·         Zipline to the Falls


  වගේම නොමිලේ  ගිම්හාන කාලෙට පරිසරයේ අසිරිය විදිමින් කෑම බීම ගන්නත් ,ඇවිදින්න  විවේක ගන්නත් පුළුවන් කදිම උද්යානයක් මෙතැන තියෙනවා . Niagara Glen කියන්නෙ මේ ඉසව්වේ තියෙන ඇවිදින මංපෙතක් .


Journey Behind the Falls


අවුරුදු
130 ක් පැරණි බිම්ගෙයක් තනා තිබෙන්නේ නයගරා ඇල්ල පසෙකින් තියෙන ගල් බිත්තිය හාරලා .ටිකක් තෙමුණට නයගර ඇල්ල ලගින්ම බලන්න පුළුවන් තැන මේකයි . කිලෝමීටර 65 වේගයෙන් වැටෙන සුවිසල් දිය කදක් මීදුම මැද්දෙන් පේන මේ අත්දැකීම ජීවිතයේ එක වතාවක් බලන්නට කදිම අත්දැකීමක් .



Hornblower Niagara Cruises


නයගරාවට එන හැමෝම වගේ යන මේ සංචාරය විශාල කැටමරන් බෝට්ටුවකින් ඇල්ල ගාවටම යන එකක් . අවුරුදු 100 තරම් කාලයක් තිස්සේ ඇමෙරිකානු සහ කැනඩා අන්තයෙන් මේ චාරිකා ක්රියාත්මක වෙනවා . 700 ක් තරම් විශාල පිරිසක් ගෙනයන යාත්රා 2 ක් සහ Jet cruise බෝට්ටුවක්  මෙහි සේවයට යොදවා තියෙන්නේ අප්රේල් මාසෙ ඉදන් නොවැම්බර් දක්වා කාලයේදී .


Niagara’s Fury


නයගරාවේ ඉතිහාසය සොයායන අංශක 360 ක් සිව්මාන ( 4D) චිත්රපට මධ්යස්ථානයේදී ඔබට අයිස් යුගයේ ඉදන් මේ දක්වා ගමන විදගන්න පුළුවන් . ඔබ ඇගලා ඉන්න වැහි කබාය තෙමෙනකොට ඔබට දැනෙන්නෙ ඔබ නයගරා ඇල්ල අතේ ගෑවෙන දුරින් ඉන්න බවක් .

පොදු ප්රවාහන සේවා


හැම අවුරුද්දකම ගිම්හානයේ ජුනි 22 ඉදන් සැප්තැම්බර් 3 වැනිදා වෙනකම් සෙනසුරාදා සහ ඉරිදා දවස්වල සහ නිවාඩු දවස්වලට විශේෂ දුම්රිය 3 ක් ටොරොන්ටෝ සහ නයගරා අතර ක්රියාත්මක වෙනවා . බයිසිකල් රැගෙන යන්නට පුළුවන් මැදිරි 3 ක් තියෙන දුම්රියෙන් ඔබට නයගරා යන්න පුළුවන් .

ඊට අමතරව නයගරා ආශ්රිත සියළුම සංචාරක ස්ථාන ආවරණය කෙරෙන පොදු ප්රවාහන බස් සේවය WEGO පාවිච්චිය වාහනය නවත්තන්න තැන් හොය හොයා ඉන්න අයටත් පහසුවක් වේවි .


කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව ගැන නයගරා ආශ්රිත සංචාරක ස්ථාන එක්ක ඊළග මාසයේදී හමුවෙමු .

සටහන   අනුරුද්ධ වැලිගමගේ  

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 ඔක්තෝබර් කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


3 comments: