මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 7, 2021

සරසවි යන දියණියට ...... අනුරුද්ධ වැලිගමගේ....

 

විසල් අහසේ ඉගිල යන්නට

කාලයයි කදිමයි

තුරුණු පිරිපුන් ජවය අරගෙන

දුරට පියඹන්නයි ....

  

සුදු සඳක මුදු මොලොක් රැස් සේ

එළිය පතුරන්නයි

සිනාසීගෙන හෙමින් ඇවිදින්

වැඩි දුරක් යන්නයි .....

 

උගත් ගුණ දම් සිරිත් මල්දම්

ලෙසින් පලදන්නයි

ඔබේ ගමනට සියළු බාධක

දුරුව හැඩ වෙන්නයි ......

 

අනුරුද්ධ වැලිගමගේ


2021 අගෝස්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය

https://londonkavi.com/



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

2 comments:

  1. මගේ දූලා දෙන්නත් යනව මේ අවුරුද්දේ සැප්තැම්බර් වල. කවිය අගෙයි

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ඔබේ ලෙංගතු ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ දියණියන් දෙදෙනාටත් සුබ පැතුම් එක් කල බව කියන්න.

      Delete