මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 5, 2022

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .

 

කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ තියෙන බැන්ෆ් ජාතික උද්‍යානය කදවුරු බිම් අත්දැකීමක් ලබන්නට කැනඩාවේ තිබෙන හොදම තැන කියලයි කියන්නෙ  . බැන්ෆ් ජාතික උද්‍යානයේ  පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ හෙටම මේ ගමන සැලසුම් කරාවි.

එන්න අපිත් එක්ක Banff Gondola, Sulpher Mountain, Cave & Basin site, Jhonston Canyon, Lake louise, Morraine Lake බලන්න යන්න. බැන්ෆ් වනෝද්‍යානයේ RV - Recreational Vehicle සහ Camping කරන්නට බලාපොරොත්තු තබාගෙන ඉන්නා අයට තිබෙන පහසුකම් දැකගන්න.  ඒත් එක්කම ජලාශයක පතුලේ ගිලී ගිය Minnewanka Landing ගම්මානය ගැන තොරතුරු දැනගන්න. අවසානයේදී  ඔබට Lake Minnewanka  මතක රසවිදින්නත් පුළුවන්. 

2022 නොවැම්බර් 05 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි 




https://rupane.com/2022/11/05/rupane-episode-320-november-05-2022/

*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -  කල්ප සමරතුංග 

කැමරාකරණය - ගොයුම් එරංග , හෙසදි වැලිගමගේ   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

















මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

6 comments:

  1. ඉරිසියාව ලෝකෙට උපදින්නේ
    මේන්න මේ වගෙ තැන්වලදියිනේ
    හැමෝම ඉන්නේ ඔහේ නෙවෙයිනේ
    නිකමට ඒ බව මාත් කියන්නේ

    ReplyDelete
    Replies
    1. නිදි ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. බොහෝ දෙනෙකුට නොලැබෙන මේ අත්දැකීම් බෙදා ගන්නයි බ්ලොග් එක සහ රූපණ අන්තර් ජාල රූපවාහිනිය හරහා මම මේ දේවල් එකතු කරන්නේ. ඔබටත් ළගදීම කැනඩාවට හෝ මේ හා සමාන අත්දැකීමක් තිබෙන තැනකට යන්නට අවස්ථාවක් ලැබේවායි පැතුම් එක් කරනවා.

      Delete
  2. ස්තූතියි . එපිසෝඩ් එක නිවාඩු වෙලාවක බලන්නම්

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඉඩ තියෙන වෙලාවක වෙබ් එකට ගොඩවෙලා බලන්න .

      Delete
  3. Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete