මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 2, 2023

ලන්ඩන් කවියට ආසිරි .....







 කවිපොත් ගිලිහිලා යනකොට අතින්                 අත 

වෙබ් පිටු , මුහුණු පොත මත ඇත තරුණ        හිත 

කොට කොට අකුරු පුවරුවෙ ඇති අකුරු          මත 

සමහරු ලියනවා කවිපද ඇතුව                          හිත 


සෙවුම් මෙවලමෙන් ගන්නා රූ                         අලවා 

පියකරු අකුරු ගලපයි ගුණයෙන්                    බලවා 

වෙබ් නැණ ඇතුව ඩිජිටල් ගැලපුම්                  කරවා 

මාසෙන් මාසෙ හැඩවෙයි මේ කවි                   දරුවා 


සදැසින්, නිසදැසින් සහ පෙර පැවති               කවින් 

කදිමට, සීරුවට අමුණා ලබැදි                        පෙමින් 

ලොව දස දෙසින් කවි එක්කොට වෙහෙස    වෙමින් 

කරනා මෙහෙය අගයමි, ආසිරි තුනුරුවන් බෙලෙන්    


අනුරුද්ධ වැලිගමගේ 

ලන්ඩන් කවි වෙබ් දිගුව 

https://londonkavi.com/


අගනුවර තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයෙකු වන විල්සන් හෑගොඩ සහ නන්දා හෑගොඩ යුවලගේ පුතකු වන, ලාල් හෑගොඩ කිවිදුන්ගේ සොයුරු, අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම් නීතිඥ  අනුර හෑගොඩ මහතා ලන්ඩන් කවියේ සංස්කාරක වරයායි.


ලන්ඩන් කවියේ ඉදිරි ගමනට සුබ පතනවා. මේ වනවිටත් අපේ සිංහල බ්ලොග් සාමාජිකයින් කිහිප දෙනෙක් ලන්ඩන් කවියට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. අපි බ්ලොග් තුලින් කියවන කවි නිර්මාණ ලොව වටා විසිරුණු තවත් වෙනස් රසික පිරිසකට ගෙනයන්නට ලන්ඩන් කවිය වෙත යවන්න කියල ඉල්ලා සිටින්නට කැමතියි. ඔබේ නිර්මාණය සහ සේයාරුවක් මේ වෙබ් යොමුවට යවන්න. ඔබේ කවියටත් මීළග ලන්ඩන් කවි කලාපයේ ඉඩක් ලැබේවි.  

නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව  

https://londonkavi.com/contact/

ලන්ඩන් කවිය ගැන මා ලියූ මේ පොස්ටුවෙන් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 

ලන්ඩන් කවිය සහ සිසිල සඟරාව...........

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_30.html

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

6 comments:

  1. නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්තාවක් ලැබෙන එක බොහොම වටිනව. ජය✌

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. නිකමට හරි කවියක් ලිය වුනොතින් ලන්ඩන් කවියට යවන්න අමතක කරන්න එපා .

      Delete
  2. ලන්ඩන් කවි වෙබ් සඟරාව කියන්නේ අගනා කවි එකතුවක්. දැන් කාලේ ඒ තරම් කවි ප්‍රමාණයක් හැම මාසෙකටම සැරයක් එක තැනක දකින්න ලැබෙනවා කියන්නෙත් සම්පතක්. මටත් මේ සත්කාර්යයට දායක වෙන්න පාර කිව්වාට ඔබටයි ස්තුතිය අනුරුද්ධ.

    ReplyDelete
    Replies
    1. හෙල්මලී ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ දායකත්වය ලන්ඩන් කවියට විශාල අත්වැලක්. සිංහලෙන් කවි කියවන ප්‍රජාවට ඔබ හැර දෙන්නේ විශාල කවුළුවක්. ඒත් එක්කම ඔබ කවියා ගැන ඊට එක් කරන කෙටි සටහන හරිම වැදගත්.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. COVID වසංගත කාළයේ මට ලැබුණු වීඩියෝ පටයක තිබූ ඉංග්‍රීසි කවි පෙළක් එහි ඇති ගැඹුරු අර්ථය නිසාම සිංහලට පරිවර්තනය කරන ලදී. මෙය ලන්ඩන් කවි වලටත් ගැලපේනම් සුදුස්සක් කරන්න.
    https://docs.google.com/document/d/1P86m9a9Sq6GagBGyoM_kqznFNRQfCGeLOpW5m7ld4MU/edit?usp=drive_link

    වීඩියෝ පටයේ යොමුව
    https://drive.google.com/file/d/13uAkJ9wbOcpKFP0r1E4-SiYlPVuZCd4A/view

    ReplyDelete