මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, July 12, 2018

සඳ එළිය දිගේ,මල් සුවඳ දිගේ……කවි ......අනුරුද්ධ වැලිගමගේ





Image result for moon and stars

සඳ එළිය දිගේ,මල් සුවඳ දිගේ
තරු රටා දිගේ විගහින්
හනි හනික දුවයි ගත විඩා නොදෙයි
මේ මිහිරි කවක් විලසින්………..

මහ සයුරු මැදින් කළු වලාකුළින්
හනි හනික දුවයි විගහින්
තරු අතර රැඳී නෙක රටා අ දී
යලි එබී බලයි සැණෙකින්


දුරු කතර ගෙවා සරතැස නිමවා
මද නිසොල්මනේ හිඳිමින්
නෙතු කවුළු පියන් නිති විවර කරන්
විද බලයි අරුම කදිමින්


අනුරුද්ධ වැලිගමගේ


Related image

No comments:

Post a Comment