මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 7, 2018

ඉතාලියේ සිට පැරීසියට ගිය මෝනා ලිසාත් , සුවිසල් අයිපල් කුළුණත් , අතරින් ප්‍රේම පාරාදීසයට ...........පැරීසියේ සංචාරයක මතකය 1

The eternal enigma of Leonardo da Vinci's 'Mona Lisa' - Art ...

මෝනා ලීසා චිත්රයේ ඇති මද සිනහව ගැන ඇති කතාන්තර මැද්දේ එයට ආසා නොකරන කෙනෙකු සොයාගැනීම දුෂ්කර වැඩක් . සේයාරූ තාක්ෂණය දියුණුව නොතිබූ 15 වන සියවසේදී පුද්ගල මතකයන් සදහා යොදාගැනුනේ සිත්තරෙකු විසින් අදින ලද සිතුවම් . ඉතාලියේ විසු ඩෙල් ගියෝකොන්ඩෝ ප්රභුවරයාට තම බිරිදගේ රුව සිතුවමට නගා ගැනීමට අවශ් වුනේ 1503 දී .   කාර්යය භාර දුන්නේ ප්රවීණ චිත් ශිල්පී ලියනාඩෝ ඩා වින්සි ( Leonardo Da Vinci   ) . තම ප්රියතම සිතුවම වූ බැවින් ඩාවින්සි විවිධ දෑ එකතු කරමින් එය තමා ළගම තබාගත් බව සදහන් . 1517 දී ප්රංශ රජුගේ ආරාධනයෙන් පැරීසියට යන විටත් එය රැගෙන යන්නට ඔහු අමතක කලේ නැහැ . 1519 මැයි 2 වැනිදා ඔහු මිය ගිය පසු ඔහුගේ නිර්මාණ භාරකාරත්වය දැරූ සලෙයි ( Salai) ගෙන් ප්රංශයේ ෆ්රැන්සිස් රජු මේ චිත්රය මිලදී ගත්තේ රන්කාසි 4000 කටයි . කලක් වර්සායි මැදුරේ රජුන් අසලම හුන් මෝනා ලීසා ප්රංශ විප්ලවයෙන් පසු ලුවර් මන්දිරයේ සැකසුනු කෞතුකාගාරයට පැමිණි බව සදහන් .

Leonardo da Vinci - Paintings, Drawings, Quotes, Facts, & BiographySalai — Discovering da Vinci:


 අප මීට පෙරත් දසතින් අවස්ථා කිහිපයකදීම පැරීසිය ගැන කතා කර තිබෙනවා .   පැරිස් නගර මධ්යයේ ඇති භූගත සොහොන් බිම් සහ ගැට කපන්නන් ගැනයි . උතුරු ඇමෙරිකාවෙන් යුරෝපයට යන සංචාරයක මතකය පැරීසියට ඔබව  ගෙනයන්නේ ලෝකයේ කථා බහට ලක්වූ ලෝහමය අටල්ල වන අයිපල් කුළුණ සහිතව ප්රේමවන්තයන්ගේ පාරාදීසය වන ලෝකයේ වැඩිම සංචාරකයන් පිරිසක් එකතු වන නගරය වන නිසයි.



Best Tourist Attractions in Paris, France - Travel Guide - YouTube



අයිපල් කුළුණ ( Eiffel Tower)

Image result for eiffel tower


1889 දී ප්රංශයේ පැවති ලෝක ප්රදර්ශනයට සංකේතයක් ලෙස ඉදිකල මේ ලෝහමය අටල්ලේ උස මීටර් 324 ක්. එය තට්ටු 81 ක් උස ගොඩනැගිල්ලකට සමානයි . 1930 වනතුරුම ලෝකයේ මිනිසුන් තැනු උසම ඉදිකිරීම ලෙසින් නම් දරා සිටි මෙහි නිර්මාණ ශිල්පියා වුයේ  ප්රකට ඉංජිනේරු ගුස්ටාව් අයිපල් ( Gustave Eiffel).එක් එක් උස් මට්ටම් වල නැරබුම් පරිශ් තුනක් ඇති මෙය ලෝකයේ මෙතෙක් වැඩිම පිරිසක් මුදල් ගෙවා නැරබු ස්ථානය ලෙසින් වාර්තා තබා තිබෙනවා


Image result for gustave eiffel

මෙය ඉදිකිරීම සදහා යොදාගත් වානේ වල බර පමණක් ටොන් 7300 ක් . අවන්හල් , සිනමා හල් , විදුලි සෝපාන සියල්ල සහිතව දල වශයෙන් මෙය ටොන් 10,100 බර වෙතැයි අනුමාන කෙරෙනවා . මෙය ඉදිකිරීමේදී මුලිකත්වය ගත් ප්රංශ ජාතිකයන් 72 දෙනෙකුගේ නම් මේ කුළුණේ කොටා තිබෙනවා .

1985 දී තිරගත වූ A View to Kill ජේම්ස් බොන්ඩ් චිත්රපටයේ ඇති Champ de Mars නම් උද්යානය තිබෙන්නේ අයිපල් කුළුණ මැදි කරගෙනයි . යුද්ධයට අධිපති අගහරු දෙවියන් සිහිපත් කරමින් නම් කර ඇති මෙය කුළුණ මුදුනේ සිට බලන විට හරිම ලස්සනයි . සෙයින් නදිය තිබෙන්නේ අයිපල් කුළුණට අත ළගින් . ඔබ සවස් වරුවක මෙතැනට ගියොත් තරමක් රෑ බෝවන තුරු මේ ඉසව්වේ කල් මරන්නට පුළුවන් . ගතින් වයසට ගියත් හිතින් තරුණ ප්රේමවන්තයින් වන්නත් පුළුවන්. විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ අයිපල් කුළුණ මවන්නේ මිහිබට සුරපුරක්. සෙයින් නදිය අසබඩ හිද අවට සිරි විදිමින් අතීත සිතුවිලි මතක් කරගන්නටත් පුළුවන්.

Image result for eiffel tower structure design

පැරීසිය ඉතාමත්ම ජනාකීර්නයි .පටු මාවත් නිසා වාහන තදබදය වැඩියි . ප්රධාන සංචාරක කේන්ද්රස්ථාන අසල වාහන නැවැත්වීම සදහාත් මහත් වෙහෙසක් දරන්නත් , සෑහෙන මුදලක් ගෙවන්නත් වෙනවා .එනිසා වඩා සුදුසු වන්නේ උමං දුම්රිය ( Metro ) තැනින් තැන නවතන Hop & Hop.සංචාරක මගී බස්රථ හෝ සෙයින් නදිය දිගේ යන Batobus වැනි පොදු ප්රවාහන සේවාවන් . ඒවායින් පහසුවෙන්ම අඩු ඇවිදීමකින් සංචාරක කේන්ද්රස්ථාන කරා යන්නට පුළුවන් . ගමන සැලසුම් කරන මුල් අවධියේදීම ප්රධාන දුම්රිය ස්ථානයක් අසබඩ නවාතැනක් වෙන්කරවා ගතහොත් යුරෝපයේ අනෙකුත් ප්රධාන නගර කරා යන අධිවේගී දුම්රියක් අල්ලා ගන්නත් පුළුවන් . ගුවන් තොටුපලේ සිට පහසුවෙන් දුම්රියෙන්ම නවාතැනට යන්නත් පුළුවන් .

Paris Metro to run all night long

Seine River Hop-On Hop-Off Boat Tour by Batobus - Klook Canada



ගැට කපන්නන් බහුල නිසා ඔබේ මුදල් පසුම්බි , කැමරා , දුරකථන තමන්ගේ බදේ ඉදිරිපසට වන්නට තබා ගැනීමත් නුවණට හුරුයි . ජංගම වෙළෙන්දන් සහ පෙට්ටි කඩවලින් ලාබයට සමරු සිහිවටන ගන්නට පුළුවන් .   සදහා ප්රධාන මුදල් පසුම්බිය පාවිච්චි නොකර සිල්ලර මාරු නෝට්ටු තබාගැනීම ගැට කපන්නට ගොදුරු වීමෙන් වලකා තබාවි .



ලුවර් කෞතුකාගාරය   ( Louvre Museum )

A Museum for Everyone The Louvre Pyramid Turns 30 | Louvre Museum ...


ලෝක කෞතුකාගාර වර්ගීකරණය අනුව පලවෙනි තැන හිමි කර ගන්නේ මීට පෙර සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගිය  ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ස්මිත්සෝනියන් කෞතුකාගාරයයි . එහි අංක දෙක හිමි කර ගන්නේ ලෝ ප්රකට කලා නිර්මාණ විශාල සංඛ්යාවක් ඇති ලුවර් කෞතුකාගාරය . චිත්රපටයකදී ලියනාඩෝ ඩාවින්චි  මෝනා ලීසා චිත්රය අදින අයුරු දුටු දසුන සිතේ දරාගෙන සිටි අප නරබන්නට ඇති දේ ලැයිස්තුවේ අංක එකේ තබා තිබුනේ මෝනා ලීසා චිත්රයයි . අප හිතන තරම් විශාල නැති එහි සැබෑ ප්රමාණය දිගින් අගල් 30 ක් සහ පළලින් අගල් 21 ක් . එය හොදින් බලන්නට නම් උදෑසන කෞතුකාගාරය විවුර්ත කල විගසම එය ඇති කුටියට දිව යාම නුවණැති වැඩක් . මගේ හිතවතෙකු දුන් උපදෙස මටත් , අපේ ගමන් සගයන් රැසකටත් මෝනා ලීසා ඉදිරිපස සිට හොද සේයාරු රැසක් ගන්නටත් මග පෑදු බව කිව යුතුයි .ඔබ පමා වුණොත් ඔබට මෝනා ලිසාව බලන්නට වන්නේ දුරක සිටයි . තරමටම   කුටිය ජනාකීර්ණ වෙනවා .



සෙයින් නදිය අසබඩ 12 වන සියවසේ සිට තිබු රජ මාලිගාවක් ප්රංශ විප්ලවයෙන් පසු 1793 දී කෞතුකාගාරයක් බවට පත් වුයේ ප්රංශ රජ මාලිගාවල තිබු සිතුවම් සහ බොහෝ වටිනා දෑ සුරක්ෂිත කරමින් . නැපෝලියන් අධිරාජ්යයාගේ යුරෝපා ආක්රමණ තුලින් තවත් බොහෝ දෑ මෙයට එකතු වූ අතර ක්රමවත් ලෙස අධ්යක්ෂක වරයෙකු යටතේ මෙය පරිපාලනය සකස් කරනු ලැබුවේත් නැපෝලියන් පාලන සමයේදී . දවසින් දවස සංරක්ෂණය කෙරුණු දෑ මෙයට එකතු වෙනවා .

Visit the Louvre museum at your leisure with a skip-the-line ...



පුරා දින කිහිපයක් පුරාම බලන්නට තරම් දේ ඇති මෙහි තිබෙන මයිකල් ඇන්ජෙලෝ ( Michael Angelo )ගේ මරණයට කැප වූ වහලා (Dying slave) සහ Venus de Milo ග්රීක ප්රතිමාවත් මහජනතාව රැස්   කකා බලන තවත් අංග දෙකක් . කෞතුකාගාර වර්ගීකරණ තුල ලුවර් වලට ඉතා වටිනාකමක් ලැබෙන්නේ එහි ඇති සැකැස්ම , අන්තර්ගතය සහ ඒවා ඉදිරි පරම්පරාවට ගෙන යාමේදී දක්වන දක්ෂතාවය නිසා . ගෘහ නිර්මාණ ශිල්පී අයි එම් පෙයි ( I M Pei) ගේ සැලසුමකට 1988 දී ඉදිවුණු විදුරු පිරමිඩය එය 21 වන සියවසට විවර කල දොරටුව වෙනවා .

Louvre Museum Last Minute Tickets - It's not sold out! - TourScanner


Avenue des Champs-Élysées`

Image result for avenue des champs-élysées paris

ලුවර් කෞතුකාගාරය ඉදිරිපස ඇති කුළුණ අද්දරින් ඇරබෙන ටියුලිස් උද්යානය ( Jardin des Tuileries)  පැරිසියේ ඇති තවත් ලස්සන තැනක්. මේ හරහා කිලෝමීටර 2 ක් පමණ ඇවිද ගිය විට ලෝකයේ මිල අධිකම විලාසිතා වීදියක් හමු වෙනවා. නිව් යෝර්ක් , මිලානෝ වැනි විලාසිතාවලට ප්රකට නගර අතරේ පැරීසියට හිමි වන්නේ මුල් තැනක් . උමං දුම්රියකදී , ආපන ශාලාවකදී පමණක් නොව මහ මගේදී පවා අළුත් විලාසිතා වලින් පිරි පැරිස් නගර වැසියන් වෙන්කර හදුනා ගන්නට පුළුවන් . මිලදී ගන්නට අපහසු වුවත් , Window Shopping... සදහාත් ලෝකයේ ජනකාන්ත  තරු දැකිය හැකි  තවත් සංචාරක පරිශ්රයක් ලෙසත් මෙහි ඇති වැදගත්කම අති මහත් . 


Jardin des Tuileries - Paris tourist office





ඊලග සතියේදී පාන් නැත්නම් කේක් කාපල්ලා කී මේරි ඇනටනට් බිසවත් නැපෝලියන් අධිරාජ්යයාත් හමුවන්නට අතීතයට ගිය ගමනක්

Le Versailles secret de Marie-Antoinette (2018)


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන

අනුරුද්ධ වැලිගමගේ

Marie Antoinette Private Apartments Reopened in Versailles after ...


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 දෙසැම්බර්  කලාපයේ පලවිය .

විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට


http://dasatha.com/december-2017/

Canadian Minority Media Database | Dasatha
www.dasatha.com

සේයාරූ -    හෙසදී වැලිගමගේ

                   සහ අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  


28 Top-Rated Tourist Attractions in Paris | PlanetWare






No comments:

Post a Comment