මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, July 22, 2018

මොනවද මන්දා- සිංහල පංතිය.....රූපවාහිනී අත්දැකීම .....ජීවිතේ ගැන අපි අපටම හිනාවෙන කෙටි රුපවාහිනී නාටකය


 අසුනක් නෙවෙයි පුතා දසුනක් ....

 දසුනක් .........

          මම පොත කියවල ඉවරයි අම්මේ...

 හා එහෙනම් ගිහින් නිදාගන්නකො....

 අර  පුතා  නේද සිංහල පොතක් කියවනවා ඇහෙන්නෙ ... මට අමුතු ලස්සනක් දැනෙනවා දරුවා වචන කියන විදිහට   

 ඔව් හෙට සිංහල පන්තියේ පිටුවක් කියන්න තියෙනවා කියන්නෙ . එයා කඩිමුඩියේ ඒකට පුරුදු වෙනව ...

 ඒකට මොකද .... පහුගිය දවසක අපේ ලොකු  කට්ටිය එකතු වෙච්ච වෙලාවක එක්කෙනෙක් ඇහුවනෙ.. ඈ බං...... මේ රටේ සිංහල ඉගෙන ගෙන කන්නද කියල............

  ඒක නම් මාර කථාවක් තමයි. ඉතින් ඔයා මොකුත් කිව්වෙ නැද්ද?

 මගෙ කටට ආවා....... ආයේ මොනව කියන්නද . ඒගොල්ලො හරි සිංහල දැන දැනත් කැඩිච්ච සිංහලෙන් කථා කර කර කරෙන්නෙ  භාෂාව කන එක තමයි.

Sri Lanka — Street Child


කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම



http://rupane.com/vimeo-video/rupane-episode-28-march-18-2017/



ජීවිතේ ගැන අපි අපටම හිනාවෙන කෙටි රුපවාහිනී නාටකය



29,53- 33.32 වෙලාවේදී බලන්න



විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා


නිෂ්පාදනය - දිනේෂ් පීරිස්

සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ

 අධ්‍යක්ෂණය - බන්දුල කුරුවිට ආරච්චි



රගපෑම් - සේන මුණසිංහ

             චාන්දනී මුණසිංහ

             ලිරේන්  අබේරත්න





http://rupane.ca/




No comments:

Post a Comment