මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Tuesday, July 24, 2018

මං ගැන ........අනුරුද්ධ වැලිගමගේ

මං ගැන ........


මං රස්සාවට ලියන්නෙක් නෙවෙයි . උසස් පෙළට ජීව විද්යා විෂය ධාරාවෙන් ඉගෙනගෙන ලංකාවෙ බැංකුවක ඉලක්කම් එක්ක ඔට්ටු වෙච්ච මං කැනඩාවෙත් රස්සාවටකරන්නෙ ඒකයි .

ලියන එක පටන් ගත්තෙ හතරෙ පන්තියෙදි විජය පත්තරෙන්ලේක්හවුසියේ මිහිරවිදුනැණ , නවයුගය , සිළුමිණ ( විශ්ව මහිම පිටුව ) කල්පනා , පෙරමග සහ දෙසතියටවිශේෂාංග ලේඛකයෙක් විදිහට ලිව්වෙ ඊට පස්සෙ .

මාතර රාහුලේ ඉගෙන ගත්ත කාලෙ ශ්රී ලංකා ගුවන් විදුලියේ රුහුණු සේවයට සම්බන්ධවුනේ රුහුණු ළමා රගමඩලේ ළමා ශිල්පියෙක් විදිහට හඩ කවන්න .පිටපත් ලියන්න .කොළඹ ඩී ඇස් එකට ආවට පස්සෙ ජාතික රූපවාහිනියේ ළමා ගී ලියන්නත් , ටෙක්නිර්මාණ පදනමේ වීඩියෝ නිෂ්පාදන වැඩමුළුවකටත් සහභාගී වෙන්න පුළුවන් වුනා .

1996-2001 කාලෙදි සිරස , එම් ටී වී සහ ශක්ති ටී වී වල සති අන්ත පුවත්නිෂ්පාදකවරයා විදිහට වැඩ කරන්නත් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන් ජනසන්නිවේදන ඩිප්ලෝමාව ගන්නත් හැකිවුණේ මාධ් ගැන තිබුණු උනන්දුව නිසා .

පවුල් වෙලා , කැනඩාවට ඇවිත් ටිකක් පිලිවෙලක් වුණාට පස්සෙ ආයෙමත් ලියන්න ,හඩ කවන්න රූප මාධ්යයෙන් යමක් කරන්න පටන් ගත්තෙ  ගැන තියෙන ආසාව හින්දාකැනඩාවේ පලවන දසත පුවත්පතේ සංචාරයක මතකය ලිපි මාලාව තුලින්සවන අන්තර්ජාලගුවන් විදුලියේ දින නැති දිනපොත නමින් රේඩියෝ කෙටිකතාව සහ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ  ලබැදි , නොමැකෙන ගී රස ඇතුළු වැඩසටහන් තුලින් මාව අහස් ගව්වෙන් එහා ලෝකයේදී හමුවන්න පුළුවන් 

No comments:

Post a Comment