මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, July 29, 2018

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් .....රූපවාහිනි අත්දැකීම ....නොමැකෙන ගී රස


Image result for premakeerthi de alwis

ජුලි  31 වැනිදාට යෙදෙන ප්‍රේමකීර්ති අනුස්මරණය වෙනුවෙන් ඔහුගේ පාසැල් සගයෙක්  විසින් ගීත නිර්මාණ පිළිබදව විමසා බැලෙන වැඩසටහනක්

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම


1947 ජුනි මස 3 වැනි දින කොළබ දී උපත ලබන සමරවීර මුදලිගේ දොන් ප්රේම කීර්ති අල්විස් ගුවන් විදුලියේ ළමා පිටියට එන්නේ සින්දු කියන්නටයි. කරුණාරත්න අබේසේකරයන්ගේ මග පෙන්වීම මත මුද්දරය ගැන ලියැවුණු සටහනක් කියවමින් නිවේදන කලාවට එක්වන ඔහු ගුවන් විදුලි සහ රුපවාහිනී මාධ් තුල සැබෑ වෙනසක් කල ජනප්රිය සන්නිවේදකයෙකු ලෙස ප්රකටය.

විශාල ගායක ගායිකාවන් පිරිසකට බොහෝවිට සැණකින් ගීත ලියු මේ සොදුරු කලාකරුවා කුහක මිනිසුන්ගේ පලිගැනීම් වලට ලක්ව ගුවන් විදුලියේ විවිධ සේවා ස්ථාන වලට මාරුවීම් ලබයි. ජීවිතයේ දහසකුත් එකක් දුක්ගැහැට විදි ඔහු හැමවාරයකම ලද අත්දැකීම් කුන්ඩුමනි , බානෙන් බැද වැනි ගීත හරහා ආපසු ගුණමකු සමාජය වෙත දායාද කර තිබේ.

සමන් අතාවුදහෙට්ටි ප්රේමකීර්ති අනුස්මරණ දේශනයකදී සදහන් කල පරිද්දෙන් මිතුරන් සහ සේවා සගයන් කිසිදා පොතක් පත්තරයක් කියවනවා නොදුටු ප්රේමකීර්ති තම නිර්මාණ තුලට විශ්වය හකුළුවා  දැක්වූ ආකාරය අපුරුයි. රුපවාහිනිය තම රුපය තහනම් කල සමයක ඇස් දෙක පමණක් පෙන්වමින් අඳුන වැඩසටහන හරහා සමාජ ප්රශ්න විමර්ශනය කල අපුර්වත්වය වැඩිහිටි ඔබට අදත් සිහිවෙනවා නිසැකයි.

දොස්තර හොදහිත කාටුන් මාලාවට , චිත්රපටවලට ලියු ගීත වලට අමතරව ඔහු පුවත් පත් කලා වේදියෙකු , චිත් ශිල්පියෙකු සහ  නොසැලෙන ඉන්ද්රකීලය නම් කවි පොතපල කරමින් කවියෙකු ලෙස දැක්වූ දස්කම් අති විශිෂ්ටයි. තවත් දහසකුත් දෑ ලොවට සගවමින් 1989 ජුලි  මස 31 වැනි දා නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව අකාලයේ අප අතරින් වෙන්ව යන්නේ ඔහුගේම කවියක සදහන් පරිද්දෙන්


http://rupane.com/vimeo-video/rupane-episode-47-july-29-2017/


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා



අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්



සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ


වැඩසටහන ඉදිරිපත් කිරීම - අනුෂ්කා ගම්මුදලි


සම්පත් දායකයා  - ආචාර්ය සරත් චන්ද්‍රසේකර


සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි


ගීත ගායනය - වරුණි මාරසිංහ

http://rupane.ca/

Image result for rupane




No comments:

Post a Comment