මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 29, 2018

පිනි ඉහිරුණු මීදුම අස්සේ ඒ මතකය දිවයයි පස්සේ.... අනුරුද්ධ වැලිගමගේ

පිනි ඉහිරුණු මීදුම අස්සේ මතකය දිවයයි පස්සේ....

Image result for lavender farm and girl

ලැවන් ඩරා  මල් සුවදේ 
ඔබේ පුසුබ මට දැනුනේ
දේදුනු පාලම අහසේ
බොද මීදුම් තිරයකි ඇන්දේ
සුමුදු  මතක දැවටෙන්නේ .........

හිම වරුසාවට පස්සේ
සුදු පිනිකැට මුතු ඇට මැවුවේ
පිණි ඉහිරුණු තුරු ඉති මත්තේ
යුග යුග මතකය සිත රැදුණේ
මතක පොතේ පිටු පෙරලේ ........

සමණල යායක් මැද්දේ
මල් අතරිනි ඔබ රුව දුටුවේ
පිනි ඉහිරුණු මීදුම අස්සේ
මතකය දිවයයි පස්සේ
දුර දිවයයි හිත ඉස්මත්තේ ...


අනුරුද්ධ වැලිගමගේ 

Image result for lavender farm and couple

සේයාරූ - අන්තර්ජාලයෙන්  Google images

Image result for couple in snow

5 comments:

  1. අනුරුද්ධ තරහ ගන්නේ නැත්නම් කියන්න කැමතියි පලවෙනි පද පේලි 5 හේ මාත්‍රාව හරි යන්නේ නැහැ වගේ මට කොයි විධිහට කියවන්න හැදුවත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් බලන්න දැන් හොදයිද කියල ....

      Delete