මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 25, 2019

ලැව් ගිනි මැද්දේ උණු දිය උල්පතකින් නාන්නට ගිය ගමනක්..........

කැනේඩියානු සංචාරයක මතකය ..... -රොකී කදුවැටිය වටේ රවුමක් 5.


Image result for canadian rockies wildfire helicopter

බොහෝවිට ලැව් ගිනි ඇතිවන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා . කදවුරු බිම් වල ඉතිරි
කර යන නොනිමුණු ගින්දර , සිගරට් කොට ගිම්හානයේදී වියැලී තිබෙන කැලෑ
අවුළුවනවා . කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා පළාත්වල පමණක්
වසරකට එවන් ගිනි 800 කට වඩා ඇවිලෙනවා . බලධාරීන් කෙතරම් වෙහෙස වුවත්
එමගින් විනාශ වන වන සම්පත අති මහත් . ඒ වගේම ඒ ගස් යලි වගාවට අඩුම
තරමේ අවුරුදු 20 කට වැඩි කලක් යනවා . සංචාරක මතකයට ලැව් ගිනි බලපෑවේ
රොකී කදුවැටිය වටා යන ගමනේ කිහිප තැනකදීම අපට ක්‍රියාත්මක ලැව් ගිනි සේම
ලැව් ගිනි වලින් විනාශ වූ පරිසර පද්ධති දකින්නට ලැබුණු නිසාත් , ලැව් ගිනි නිසා අපට
යන්නට තිබු කෙටි දුර මාර්ග වසා තිබූ නිසා රවුමකින් ගොස් ගමන නිමාකරන්නට වූ
බැවින් . එනිසා ඔබ මෙවන් ගමනකට කාල කළමනාකරණය කරද්දී ඒ ගැනත්
හිතන්නට වෙනවා .


අපි ආයෙමත් ගමන පටන් ගත්තා . අපි අද උදෙන්ම යන්නේ උණුවතුර ළිදකට . ට්‍රාන්ස්
කැනඩා අධිවේගී මාර්ගයේ ගෝල්ඩන් වලින් අංක 95 මාර්ගයෙන් හෝ බැන්ෆ් වල සිට
එනවා නම් අංක 93 මාර්ගයෙන් මෙතැනට ලගාවෙන්න පුළුවන් .අපි ආපසු යද්දී කෙටි
අංක 93 මාර්ගය ලැව් ගිනි නිසා වසා තිබු බැවින් අපේ ගමන කිලෝමීටර 110 කින්
පමණ දික්වුනා . පැය 2 ක පමණ කාලයක් සහ ඉන්ධන අපතේ ගියා.

Image result for radium hot springs

රේඩියම් උණු වතුර ළිද ( Radium Hot springs )


Image result for radium hot springs

රොකී කදු කලාපයේ උණු වතුර ළිං රැසක්ම තිබෙනවා . මගේ මිත්‍රයා මහීතේජ
යෝජනා කලේ රේඩියම් උණුවතුර ළිද ඒ අතරින් හොදම එක විදිහටයි . රේඩියම්
උණුවතුර ළිං පිහිටා .Kootenay ජාතික උද්‍යානය අද්දර රේඩියම් ගම්මානයේ .
ඇත්තටම කියනවා නම් අපි තාමත් ඉන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ .
රේඩියම් මුලද්‍රව්‍යය සමග බැදෙන රේඩොන් ( Radon) ඉතා සුළු ප්‍රමාණයක් තිබෙන
නිසායි මෙයට රේඩියම් යන නම ලැබී තිබෙන්නේ .
අනෙකුත් උණුවතුර ලිං සේම මේ ගැනත් , මුලින්ම දැනගෙන තිබෙන්නේ
ස්වදේශිකයින් . ඒ කාලයේ හැටියට පිටතින් මිනිසුන් වැඩිපුර මේ වනගත

පළාත්වල ගැවසුණු කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය තැනීමට පැමිණි
සේවකයින්ට මේ ගැන දැනගන්න ලැබී තිබෙන්නේ ඔවුන්ගෙන් .
කලින් කලට වැඩි දියුණු වෙමින් පැමිණි මේ පරිශ්‍රය සැබැවින්ම යන්නට කදිම
තැනක් . මෙහි නාන තටාක 2 ක් තිබෙනවා . ඉන් එකක පාලිත උෂ්ණත්වය
සෙල්සියස් අංශක 44 ක් අනෙක සෙල්සියස් 29.
අපි ආයෙමත් ගමනේ . ගෝල්ඩන් හරහා ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය දිගේ
ලූවිස් විල කරා යන්නයි අපේ බලාපොරොත්තුව .

Image result for radium hot springs historical photos

Image result for lake louise

ලුවිස් විල ( Lake Louise)


Image result for lake louise

බැන්ෆ් කලාපයේ හැම්ලට් ( Hamlet) ලෙසින් නම් ලබන ලුවිස් විල ප්‍රදේශය ලෝ
පුරා පතල සංචාරක ප්‍රදේශයක් මුලින් Laggan ලෙසින් නම් ලද මේ ප්‍රදේශය
ලුවිස් නම ලැබුවේ වික්ටෝරියා රැජිනගේ හතරවන දියණිය ලුවිස් කැරොලිනා
ඇල්බර්ටා ( Louise Carolina Alberta) නිසා . ඇයගේ සැමියා කලක් කැනඩාවේ
ආණ්ඩුකාරවරයා වූ ජෝන් කැම්බෙල් ( Jhon Campbell)
ග්ලැසියර් කදු පසුබිමේ පෙනෙන ලුවිස් විල නිල්පාට දියෙන් පීරි මවන්නේ
ඉතාමත් දර්ශණීය දසුනක් . මාළු බාන්නට , බෝට්ටු පදින්නට , ඇවිදින්නට සේම
බයිසිකල් පදින්නටත් ලොව වටා සංචාරකයින් මෙහි ඇදෙන නිසා මෙහි නවාතැන්
මිලෙන් අධිකයි . ග්‍රිස්ලි වලසුන් දැකිය හැකි ගොන්ඩෝලා චාරිකාව ඇතුළු
විනෝදාස්වාදන රැසක් මේ ප්‍රදේශයේ තිබෙනවා .

Image result for Louise Caroline Alberta

Image result for moraine lake canada


මොරෙයින් විල ( Moraine Lake)


Image result for moraine lake canada

ලුවිස් විලේ සිට විනාඩි 20 ක පමණ දුරින් මොරෙයින් විල පිහිටා තිබෙනවා .
කදු මුදුන් 10 නිම්නයේ පිහිටා ඇති මෙය තවත් දර්ශණීය ග්ලැසියර දිය පිරි
විලක් . ගස්වල කොටන් දියේ ගසාගෙන විත් එකතුවූ විල් කොනේ ගල්තලාවක්
මතට නැග පැය ගණනක් වුවත් ගත කරන්නට පුළුවන් . බෝට්ටු පදින්නට ,
ඇවිදින්නට , කදවුරු බිමක මේ තරම් ලස්සන තවත් තැනක් නැහැ .

Image result for moraine lake


ජොන්ස්ටන් ආගාධය සහ දියඇලි

 ( Jhonston Canyon lower & Upper  Falls)


Image result for johnston canyon
අප රොකී කදු ගමනේදී මුලින් දුටු බෝ විල දියෙන් පුරවන බෝ ගංගාව මේ
ප්‍රදේශයේදී අලංකාර දිය ඇලි දෙකක් මවනවා . ඒ පහල ඇල්ල සහ ඉහල
විදිහට .
දිය පහර දිගේ ඉදිරියට යන මාර්ගය හරිම දැකුම්කළුයි . ගමන අවසානයේදී
ඔබට කුඩා ගුහාවකින් එබී දිය ඇල්ල දකින්න පුළුවන් ඇල්ලෙන් විසිරෙන දිය
පහර මවන මීදුම සහ පින්න ඔබව තෙත් කරාවි .

Image result for johnston canyon



ඔබ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරන්නේ නම් මේ සංචාරක
ඉසව් සදහා ඔබව ගෙනයන Parks Canada බස්රථ දුම්රිය පොල සහ බැන්ෆ්
නගරයේ ස්ථාන කිහිපයක සිට ක්‍රියාත්මක වෙනවා .
මේ ප්‍රදේශයේත් බයිසිකල් පදින්නට සහ ඇවිදින්නට Trails සකස් කර තිබෙන්නේ
මෙය බැන්ෆ් වන රක්ෂිතයේ පිහිටා තිබෙන නිසා .
මේ ලිපි පෙල හරහා ඔබ කැනේඩියානු පරිසරයේ රුව, ගුණ විදින්නට ඇතැයි
සිතනවා . අන්තර්ජාලයෙන් තවත් විස්තර සොයාගෙන ඔබම මේ ගමන ගියොත්
අපට වචන වලින් කුඩා ඉඩක සටහන් තබන්නට බැරි බොහෝ දේ ඔබේම
පසදුරන්ගෙන් විදින්නට පුළුවන් වේවි .හෙට දිනයේ වැන්කුවර් බලා යන ගුවන්
යානය ගැන හිතමින් අපි කැල්ගරි නගරයේ අපේ නවාතැන වෙත ගියා .
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .

Image result for parks canada bus

dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි
පිළිතුරු ලියන්නම් .
මීළග කලාපයෙන් මනරම් වැන්කුවර් දූපත වෙත යමු . ........

Image result for johnston canyon


අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for johnston canyon


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  ඔක්තෝබර්  කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Image result for dasatha




2 comments:




  1. ඔබගේ සටහන කියවන විට මමත් සංචාරය කරාමෙන් දැනුණි . එතරම් තාත්වික ලියවිල්ලක් . ස්තුතී වටිනා තොරතුරු බෙදාගත්තා ට .

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete