දෙව්රම් වෙහෙරට යන පාරේ
සම්බුදු සිසිලෙන් පින් ඉතිරේ
බණපද ඇහෙනා හැම වාරේ
සිත දිවයනවා සංසාරේ ……
ජාතක සිතුවම් පිටු අතරේ
සම්බුදු ගුණ සුවදයි දැනුනේ
බුදුහිමි දෙසු ඒ ගුණ අතරේ
සිත සැනසෙනවා මේ සසරේ
ගොනු පසුපස යන ගැල වැන්නේ
කල කී දෑ පසුපස එන්නේ
බණදම් කියනා ඒ පාරේ
ජයමග නියතයි මේ සසරේ
අනුරුද්ධ වැලිගමගේ
දසත 2014 මැයි කලාපය
තනු නිර්මාණය සහ සංගීතය සංගීතවේදී සුනිල් ජයසිරි
මිසිසාගා දහම් පාසැලේ දරු දැරියන් බොදු බැති ගීතයක් ලෙස ගායනා කල අයුරු .... 2014
වින්දෙමි!
ReplyDeleteප්රතිචාරයට බොහොම ස්තුතියි
Deleteලස්සණයි !
ReplyDeleteප්රතිචාරයට බොහොම ස්තුතියි
Delete