මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 8, 2020

කෝච්චියේ අද මේ කොයි යන්නේ .... රුපවාහිනී ළමා ගීත.....අනුරුද්ධ වැලිගමගේ

Daily Mirror - 'Viceroy Special' assures settling dues: Railways Dept.


හොස් ....හොස් ...හොස් ...හොස්
හොස් ....හොස් ...හොස් ...හොස් .....
අගුරුයි කෑවේ වතුරයි බීවේ ..
දැන් දැන් ඩීසල් වලිනුයි යන්නේ .
හොස් ....හොස් ...හොස් ...හොස් .
හොස් ....හොස් ...හොස් ...හොස් .....

පාලම් කීයක් දැන් පහු කෙරුවද
 දියඇලි කීයක් ඔබ දැකගත්තද
 බිංගේ අතරින් රිංගා යනවිට
 චුට්ටක්වත් බය හිතුනේ නැතිවද

හොස් ....හොස් ...හොස් ...හොස් .....

හිරු හා හිනැහෙන තේ වතු මැද්දෙන්
 කරලින් පිරි කෙත්වතු රැස අතරින්
 උඩරට මැණිකෙට පට කුඩ සොයමින්
 කොළොම්පුරට දිව ගියාද විගහින්

හොස් ....හොස් ...හොස් ...හොස් .....

මහ හඩ නගමින් හූ හඩ දෙන්නේ
යකඩ යකා යන නම ලැබ ගන්නේ
 පුංචි ළමුන් රැස වාඩිකරවාගෙන
කෝච්චියේ අද මේ කොයි යන්නේ

හොස් ....හොස් ...හොස් ...හොස් .....

අනුරුද්ධ වැලිගමගේ

Image result for sri lankan trains canadian locomotives

6 comments:

  1. මේ කවි පෙළ දුටු විට මට මතකයට ආවා දැනට වසර 25 කට පමණ පෙර මා පරිසර අමාත්‍යංශයේ වැඩකරන කාලේ අමාත්යංශය මගින් කරන ලද වැදගත් Project එකක් ගැන. ඒ කාලේ අමාත්යාංශයේ සහකාර ලේකම් වරයේක්ව සිටි සුනිල් සරත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ දෙපස සොබා අසිරිය කව ගී සින්දු, කෙටි විස්තර, දෙබස් ආදිය සහිත 'කොළඹ - මහනුවර පරිසර දුම්රිය' නමින් පොතක් සකස් කළා. පසුව අධ්‍යාපන අමාත්යාන්ශයේද සහයෝගය ඇතිව, කොළඹ සහ අවට පාසල් සිසුන් සහ ගුරු මහත්මා මහත්මීන් 200 දෙනෙකු දුම්රියෙන් කොළඹ සිට මහනුවරට ගෙන ගියා. මේ සඳහා මැදිරි හයක දුම්රියක් කුලියට ගත්තා. දුම්රිය මැදිරි සියල්ලම ශබ්ද විකාශන මෙවලම් මගින් සම්බන්ධ කර තිබුනා. පරිසරය සහ දුම්රිය මාර්ගයේ ඉතිහාසය ගැන දන්නා කිහිප දෙනෙක් මග දිගට විස්තර ප්‍රචාරයක් කළා. කොළඹ සිට ඉදිරියට යන විට හමුවන ගංගා,කෙත්වතු, පොල්වතු ආදියත් නගර සහ ග්‍රාමීය ප්‍රදේශ ගැනත්, දුම්රිය පාරේ බින් ගෙවල් කඳු පල්ලම් ගැනත් වටිනා තොරතුරු රාශියක් පාසල් සිසුන්ට ලබා දුන්නා. එදිනම සවස් එම දුම්රියෙන්ම ආපසු කොළඹට ආවා. මෙය හරිම අපූරු අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා ඔබේ සුන්දර අත්දැකීම් බෙදා ගත්තාට ස්තූතියි. මේ ගීය ජාතික රුපවාහිනී ළමා ගී වැඩසටහන සදහා 1990 දී පමණ කොලබ ඩි ඇස් සේනානායකයේ සිටියදී ලියූ එකක්. එදා වගේම අදත් මම දුම්රිය එක්ක තදින් බැදී ඉන්නවා. දැනටත් දවසකට පැය 2 ක් විතර ටොරොන්ටෝවේ රැකියාවට යන එන අතරේ දුම්රියේ ගත කරනවා. ඔබේ සටහන් සහ ලිපි රස විදිනවා.

      Delete
  2. ලස්සණයයි හැමදාම වගේ ...

    රුහුණ නේද ?

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම තමා. බෙන්තර වෙන්න ඕන

      Delete
  3. අලුත් කෝච්චියක් දාල නේද? යකඩ යකෙක්

    ReplyDelete
    Replies
    1. අජිත් ...දැන් ගල් අගුරු කෝච්චිවල සාමාන්‍ය අයට යන්න බැරි තරම් ගණන්

      Delete