මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, July 24, 2020

බබරිදු නුබ මා දකිනු නැති…........අනුරුද්ධ වැලිගමගේ........කවි....

woman pushing wall, Silhouette of a man with a beer bottle, drunk ...

පිනි කදුළැලි වැටුණා මතකයි ....

හීතල හිමිදිරියේ

දෙපා දොවන්නට සියුමැලි පෙති මත

 නුබ මෙහි එන මොහොතේ

 

අදත් වැටෙනවා සීතල පිනිබිදු

 ඊයේ දින වාගේ

ඒත් එපා බබරුනි අද එන්නට

 මේ හිමිදිරි යාමේ

 

පෙති පැහැ දරලා මධු මී පිරිලා

 රොන්ගන සැදිලා සුවද දිදී

නුබ වෙනුවෙන් සුපුරුදු මා පිපුණත්

බබරිදු නුබ මා දකිනු නැති

 

දහසක් නෙතු දස අතින් දිලෙනවා

රකුසු උකුසු ගති පිරුණු සිතින්

මධුවිත බදුනට වැඩි සෙනෙහස පෑ

 පිලිගනු කෙලෙසක ඔබ හිතකින්

 

අනුරුද්ධ  වැලිගමගේ

Maine Woman Talks About Drunk Man Who Tried To Break Into Her Hom

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment