මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, July 30, 2020

කෙත් යායේ රන් අස්වනු පිරිලා ......අනුරුද්ධ වැලිගමගේ......කවි....

Sri-Lanka Farmer | Sri lanka, Sri lankan, World of color

පිලේ කොනක දෑසක් දිලිසෙනවා

සුරුට්ටු දුම පැල්පතට ගොඩවෙලා

කුප්පියෙ එළියෙන් ඇසට පෙනෙන රුව

තනියම මොන මොනවද මුමුණනවා .

 

උදලු කෙටිය උරෙ කර පින්නාගෙන

 හිමිදිරියේ කෙත වෙත පියනගනා

සරු බිම වපුරා පැතුම් පොකුරු පොදි

 රන් දහදියෙ මහිමය කියනා

  

කෙත් යායේ රන් අස්වනු ලැබිලා

අප්පච්චිගේ මුව හසරැල් නැගිලා

ගතවූ සිවුමස තිස්සේ වෙහෙසුණු

ගතටත් සිතටත් සුවයක් ලැබිලා

 

අනුරුද්ධ වැලිගමගේ


Majority of Sri Lankans against protectionist taxes: survey ...

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



2 comments:

  1. අවුලක් ම නෑ දිගටම ලියන්න 🙃🙃🙃🙃

    ReplyDelete
    Replies
    1. යොමාල් බොහොම ස්තුතියි ඔබේ දිරිගැන්වීමට

      Delete