මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 25, 2020

කවි හිතට පෙම් බැන්ද......අනුරුද්ධ වැලිගමගේ .....කවි....

girl standing in moonlight | Fantasy art, Art, Fantasy

කවි හිතට පෙම් බැන්ද

මිහිරි සිහිනය වැන්න

එකින් එක පද බැදුණු

ගෙලේ පැලදුණු මුතුහරයි මේ

සුසුදු මතකය රැදුණ ....

 

තරු මලින් එළි කෙරුණ

පිරුණු පුරහද වැන්න

එකට පද එක් කෙරුණ

නිමා නොමවන සිතුවමයි මේ

හදින් හද යා කෙරුණ ......

 

එදා හැමතින් ඇහුණ

දෙව් වදන් පෙල වැන්න

තාලයට නිති ගැයුණ

කාලයක් නැති මතක සුවදයි

සදා මගෙ සිත නිවන .......

 

අනුරුද්ධ වැලිගමගේ 


Regency Woman By Moonlight Photograph by Lee Avison

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment