මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 7, 2020

හීන වලට පාට දෙන්න ...එක රෑනේ ඉගිල එන්න...

 



හීන වලට පාට දෙන්න

දේදුන්නක නැගල එන්න

ලස්සන සිතුවම් මවන්න

එක රෑනේ ඉගිල එන්න

එකමුතු වී සොයුරු දමින්

එක රෑනේ ඉගිල එන්න

 

පාට පාට මල් පොකුරක්

වාගේ එකවිට බැදෙන්න

වෙනසම ලස්සන කරලා

හිත් යායේ පුබුදුවන්න

මල් පොකුරක් වගේ එකට

නොමියෙන මිතු දම් පුරන්න

 

තරු කැට දිලෙනා අහසේ

නෙක නෙක හැඩතල මවන්න

මුතු ඇමිනු මාලය වී

මුතුහර විලසින් දිලෙන්න

එකමුතු වී දස්කම් පා

ගුණ දම් සුවදින් පිරෙන්න

 

අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි




5 comments:

  1. මේ ඔයාගේ තවත් සින්දුවක්ද? හොඳයි

    ReplyDelete
    Replies
    1. තාම කවුරුවත් ඉල්ලුවේ නැහැ . බලාගෙන ඉන්නවා . ඒත් මම හිතුවේ අජිත් තාම තාම කටුගෙයි කියලා .

      Delete
  2. අපූරු සිතිවිල්ලක්. පුංචි පැටව් මල් වගේ ම තමයි.

    ReplyDelete