මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 21, 2020

නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන් ...... කැනේඩියානු සංචාරයක මතකය


 කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්රිත සංචාරක බල ප්රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඉසව්වට යන අයගෙන් කීයෙන් කී දෙනෙක් ඇල්ල බලනවා ඇරෙන්නට  අසල ඇති තවත් වැදගත් තැන් මග හරිමින් කාලය නාස්ති කරනවාද ? . මේ මතකයන්ගේ අරමුණ ඊලග වතාවේ ඔබ නයගරා බලන්නට යනවිට තැන් වලටත් යන්නට අවස්ථාව උදා කර දීමයි .

පංච මහා විල් හරහා එකතුවන ජලය කැනඩාවේ ශාන්ත ලෝරන්ස් ගංගාව හරහා කිලෝමීටර 3769 ක් දුර ගෙවා අත්ලාන්තික් සයුරට එක්වෙනවා . අනුපිළිවෙලින් සුපිරියර් , මිචිගන් , හියුරන් , ඊරි විල් කරා එන මහා දියකඳ  නයගරා ඇල්ල හරහා ගොස් ඔන්ටාරියෝ විලට එක්වෙනවා . ශාන්ත ලෝරන්ස් ගඟ ඇරබෙන්නේ ඔන්ටරියෝ විලෙන් . මේ  මාර්ගය ප්රමුඛ නැව් මාර්ගයක් . වාණිජ නැව් මෙන්ම පෞද්ගලික යාත්රා ගමනා ගමනයේදී තිබු ප්රධානතම බාදකය වුයේ නයගරා ඇල්ල තරණය කිරීමයි .

කලක් තිස්සේ මිනිසුන්ට වදදුන් ගැටළුව විසදුණේ ඊරි විලත් ඔන්ටාරියෝ විලත් යාකරමින් තැනුණු කිලෝමීටර 43 ක් දිග වෙලන්ඩ් ඇල (Welland Canal) මගින් . 1824, 1839,1887 දී තැනුණු ඇලමාර්ග වැඩි දියුණු කරමින් අද භාවිතා වන වෙලන්ඩ් ඇල ඉදිකෙරුණේ 1913 දී . මිනිසුන් පඩිපෙලක් බසිනවා මෙන් තටාකයෙන් තටාකයට නැව්  ඇතුල් කරමින් තැන් (Locks) 8 කදී එකී යාත්රා උස් පහත් කිරීම විදුලි සෝපානයක ක්රියාවලියට සමානයි .

වෙලන්ඩ් ඇල මධ්‍යස්ථානය සහ ගේට්ටු අංක 3 (Welland Canal Centre & Lock 3)

එලිසබත් රැජින අධිවේගී මාවත දිගේ ශාන්ත කැතරින් (St. Catherines) නගරය පසුකරද්දී හමුවන අහස් මංපෙත (Garden City Skyway  ) මතදී ඔබ සමහරවිට මේ පරිශ්රය ඈතින් දැක ඇති . අංක 3 දරණ ගේට්ටුව හරහා නැව් ගමන් කරන වෙලාව අන්තර්ජාලයේ ඇති නිසා ඔබට පහසුවෙන් ගමන සැලසුම් කරගන්නට පුළුවන් . ජල තටාකයට නැව් ඇතුළුකරන  පිටකරන අයුරු , අනතුරු වලකන ආරක්ෂක උපක්රම , ළග ඇති පාලම් උස් පහත් කරන අයුරු මෙන්ම මෙහිදී සුවිසල් නැව් ඇලේ උස වෙනස්කම් අනුව විදුලි සෝපානයක මෙන් උස් පහත් කරන අයුරු පියවරෙන් පියවර කැමරාවට නගා ගන්නට හෝ වීඩියෝ ගත කරන්නට මෙහි ඇති නැරබුම් අටල්ල කදිම තැනක් .

ශාන්ත කැතරින් කෞතුකාගාරය ( St. Catherines Museum)

සංචාරය සදහා බොහෝ මුදල් වැයවන බව බහුතරයක් පිරිස සිතන මිත්යා මතයක් . සංචාරයේදී වැදගත් වන්නේ කලබලයෙන් යාම නොව තොරතුරු සොයාගෙන යාමයි . වෙබ් අඩවි කිහිපයකින් තොරතුරු සහ සංචාරක අත්දැකීම් වර්ගීකරණය කර ඇති ආකාරය බැලීමෙන් ඔබට මෙය පහසුවෙන් කල හැකියි . ඉතා වටිනා දැනුම් ගබඩාවක් වන මෙයට ඇතුළුවන්නට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ . නමුත් ඔබට කැමති නම් ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔබට යම් මුදල් පරිත්යාගයක් කල හැකියි . වෙලන්ඩ් ඇලේ සහ   ප්රදේශයේ ඉතිහාසය , ලාක්රෝස් (lacrosse).  නමැති පාරම්පරික ක්රීඩාව පිළිබද බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැකියි . මෙහි තිරගත වන වෙලන්ඩ් ඇල පිළිබද වාර්තා චිත්රපටය මිල කල නොහැකි අත්දැකීමක් . නොමිලයේ වාහන නවතා තැබිය හැකි සියළු  පහසුකම් පිරි මේ පරිශ්රයේ කුඩා දරුවන්ට විනෝද වන්නට බොහෝ දෑ තිබෙනවා .



වෙලන්ඩ් බිත්ති චිත් ( Weland Murals)

වෙලන්ඩ් ඇල සහ ආශ්රිත සංවර්ධනය විසින් බිහිවූ වෙලන්ඩ් නගරය කැනඩාව පුරා විසිරුණු චිත් ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 1986 දී අරඹා ඇති ව්යාපෘතියක් මගින් නගරයේ තැනින් තැන සුවිශාල බිත්ති චිත් ඇද තිබෙනවා . දැනට එහි ඇති චිත් ගණන 29 ක්. අන්තරජාලයෙන් ඔබට එම චිත් 29 පිහිටා ඇති තැන් පැහැදිලිව දැන ගන්නට පුළුවන් . ඔබ චිත්රවලට ආසා කරන්නෙක් නම් ඔබ මෙයට ලොබ බදිවී . හැබැයි මෙය තරමක් කල්ගත වන තැනින් තැනට යා යුතු වැඩක් . කුඩා දරුවන් සමග පහසු වන දෙයක් නොවෙයි . කලින් කලට අළුතින් චිත් එකතුවන තිබෙන චිත් සංරක්ෂණය වන මේ ව්යාපෘතිය දිනෙන් දින අළුත් වන දෙයක් .

අප වෙලන්ඩ් නගරයේ සිට නයගරා ඇල්ල වෙත යන මග වැටී තිබුණේ  වෙලන්ඩ් ඇල යටින් යන උමගක් ඔස්සේ . වෙලන්ඩ් ඇලේ විශාල නැවක් ගමන් ගන්නා මොහොතක දුම්රිය මාර්ග බාධකයට නැවතී හුන් අප දුටු දසුන ජීවිතයේ තවත් අමතක නොවන අත්දැකීමක් . වාහන ගමන් කරන මාර්ගයට අමතරව අප ඉඩ සලසා දුන් දුම්රිය මාර්ගයද මේ උමග තුලින් දිවෙනවා .

 

නයගරා විල මත ( Niagara On the Lake)

නිසි ජලය , නිසි දේශගුණය නිසා ඉතා සශ්රික ප්රදේශයක් හැදින්වෙන්නේ මේ නමින් . එහි සරු පසේ වැවෙන මිදී , චෙරි , බෙරි වර්ග , මල් වර්ග බලන්නටත් ගිම්හානයේදී ඔබට  පුළුවන්. නිස්කලංක විවේකයක් සදහා නවාතැන් පොල රැසක් මේ ප්රදේශයේ තිබෙනවා .



මිදි සහ වයින් ( Grapes & Wine )

රසයෙන් වැඩි වයින් නිෂ්පාදනය සදහා සුදුසු මිදි මේ ප්රදේශයේ තිබෙනවා . ලෝ පතල කැනේඩියන් අයිස් වයින් ( Canadian Ice Wine) විශේෂ බොහොමයක් මේ ප්රදේශයේදී නිපදවෙනවා . මිදි වත්තක් , මිදි වලින් වයින් නිපදවෙන හැටි , වයින් ගබඩා කර ඇති සැටි මෙන්ම අගනා වයින් බිදක රස බලන්නටත් මේ ඉසව්වේ සරන ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ .


චෙරි සහ බෙරි නෙලන්නට ( Cherry & Berry Picking)


නයගරාවට නුදුරු ලින්කන් (Lincoln) නගරය චෙරි වගාවට ප්රකටයි . කහට පිරෙන්නට විවිධ ගස්වලින් විවිධ රස චෙරි  ගස්වලට නැග ගෙඩි කඩා කන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් එම ගොවිපොල මහජනතාව සදහා අරඹන දින වකවානු දැනගන්නට පුළුවන් . අපේ අත්දැකීම් වලට අනුව වඩාත් වැදගත් වන්නේ පුළුවන් තරම් උදයෙන් එම ස්ථානවලට යාමයි . එවිට තදබදයෙන් තොරව රිසි සේ හොද අස්වැන්නක් නෙලා ගන්නත් , පවුල් කිහිපයක් එකට එක්වන අවස්ථාවක් කර ගන්නටත් පුළුවන් .

බ්ලු බෙරි , ස්ට්රෝ බෙරි ඇතුළු බෙරි වර්ග රැසක් රස බලන්නට් හැකි ගොවිපොල රැසක්   Lincoln, Grimsby, Pelham, St. Catherines, Welland  වැනි නගරවල තිබෙනවා . ලංකාවෙන් , වෙනත් රටවලින් එන නෑදෑ හිතවතුන් මෙන්ම හිත මිතුරන් සමග දිනක ගමනකට මෙය කදිමයි .

ලැව න් රා  මල් ගොවිපොල  ( Lavendar Farms )

බොහෝ සුවද විලවුන් සදහා ගන්නා ලැව න් රා  මල් වතු මවන්නේ මහත් අසිරියක් . ගිම්හාන කාලයේදී ගොවිපොල පරිශ්රයන්හිදී විවිධ ප්රදර්ශණ පැවැත් වෙනවා . මේ  ගොවිපොල චාරිකා සදහා යම් මුදලක් ගෙවිය යුතු වෙනවා .   ඇතුළුවීමේ ගාස්තු හෝ  යම් අවම ගාස්තුවක් ලෙසින් .


සටහන   - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017  මැයි කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි





4 comments:

  1. //මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.//

    සහෝ, සිංහලෙන් ලේසියෙන්ම ටයිප් කරන්න පුළුවන් හෙළකුරු keyboard එකෙන්.
    මෙතනින් යන්න.
    https://www.helakuru.lk/

    Google input tool වගේම PC එකට install කරගෙන IME එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. site එකේම ටයිප් කරගන්නත් පුළුවන්. online use කරනවා නම් සිංහල voice typing කරගන්නත් පුළුවන්. ඒක ගොඩක් ලේසියි. උත්සාහ කරලා බලන්න.

    ඔබේ බ්ලොග් රචනයට සුබ පැතුම්!
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොමත්ම ස්තුතියි. මේක නියමයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Beautiful notes and pictures of Niagara Falls!

    ReplyDelete