මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 12, 2022

චිත්‍රා ජෝසප් ගේ නාමල් සුවදක් සහ ලක්ෂ්මන් මාකාවිට ගේ ගුවනේදී ලියූ කවි ...........පොත් පිටු අතරින්.......

 



" කට්ට කෙල්ල " ඇය හඩ නගා සිනාසුනාය.

" ඔය හැමෝම ගාඩිනියා පැල අරන් එන්නේ නිකමට නෙවේ. නාමලී ඔයාට ඕවට වග උත්තර දෙන්න වෙයි . " 

" ඉදා හරි වැඩේනෙ. මං කාගෙන්වත් පැල ඉල්ලුවේ නැහැ. අර පහුනු දවස්වල කමල් මල් පැල වගයක් ගෙනාවා. ඒත් මම ඉල්ලලා එහෙම නෙවෙයි ."

" මම කලිනුත් කිව්වා වගේ කෙනෙක් දෙසැරයක් හැරිලා බලන මොකක්දෝ අමුතු චාම් ගතියක් ඔයාගෙ තියෙනවා , ඔයා විජයබාහුවට ආව අළුත කෙල්ලෝ පවා ඔයා ගැන කතා වුණා "

නවකථා කාරිනිය චිත්‍රා ජෝසප්


තායිලන්ත වැසියෝ අදින - තායි සිල්ක් සරම 
ඉන්දුනීසි වැසියො අදින - සිනිදු බතික් සරම 
බුරුමෙ වැසියො කොටට අදින - ලෝන්ගි සිල්ක් සරම 
මැති ඇමැතින් බඩ වැහෙන්න - තදට අදින සරම 

රාවණ රජ කාලෙ පටන් හෙළයො අදින සරම 
පෝයදාට සිල් රකින්න - සුදට අදින සරම 
කුබුරු වැඩට මඩ කොටන්ට - නැතුවම බැරි සරම 
පොල් කඩන්න ගස් නගින්න අමුඩෙ ගහන සරම 

ඇග පිහිනන දියනාන්න - ගැහැණු කැමති සරම 
අගු පැදුරේ නිදාගන්න - පෙරව ගත්ත සරම 
අපුල්ලන්න අපුල්ලන්න - තිරිහන් වෙන සරම 
හෝදා හෝදා අදින්නෙ මම - හම්පඩ මගේ සරම  

කිවිවර ලක්ෂ්මන් මාකාවිට 






පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....


කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන 



https://rupane.com/2021/10/09/rupane-episode-265-october-09-2021/

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ සම්පත් දායකත්වය - නවකථා කාරිනිය චිත්‍රා ජෝසප් සහ කිවිවර ලක්ෂ්මන් මාකාවිට සංස්කරණය - පුබුදු වනිගසේකර සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි

හදුන්වා දෙන අළුත්ම ගීතය ......

ඔබ නැතුව ඔබ එක්ක ඉන්න 

ගායනය -  රෝහණ දිසානායක  

ගී පද - චමින්ද ක්‍රිෂාන්ත  

සංගීතය - සුනිල් ජයසිරි

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

7 comments:

  1. මේ පොත් ලංකාවේ ගන්න තියෙනවද. තියෙනවා නම් ප්‍රකාශන සමාගම සහ මිලදී ගතහැකි තැනක් හෝ මිල ගනන් සඳහන් කළ හැකිවේ නම් ඉතාමත්ම වටිනවා කියල මම හිතනවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ විමසුම ඒ දෙපලට යැව්වා.පිළිතුරු ලැබුණු පසු දන්වන්නම්.

      Delete
    2. ලක්ෂ්මන් මාකාවිට මහතාගේ ගුවනේදී ලියු කවි පොත ලංකාවේදී සුරස පොත් මැදුරෙන් ගන්න පුළුවන්. මිල රුපියල් 250.00, දුරකථන අංකය 2694230, කැනඩාව, ඇමෙරිකාව , යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ අයට lakshman.makavita@gmail.com හරහා කැනේඩියානු ඩොලර් 10ක් ( තැපැල් ගාස්තු ඇතුලත්ව) විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයකට එව්වොත් තැපැල් මගින් ගෙන්වා ගන්න පුළුවන්. ඔහුගේ ව්ට්සැප් අංකය +19058664584

      Delete
  2. සරම කතාව මරු . අනුරුද්ධ හැම වෙලේම නව සින්දු හොයන යන එක හොඳයි. අපි තවම පරන ඒවාට ගල් වෙලා ඉන්න නිසා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සවන කවි මිණි ආර නිසා මට බොහෝ කවි කියවන්නත්, අහන්නත් ඉඩ ලැබුණා.

      Delete
  3. "සරමක්" එස වුනු තරමක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි.එය වැඩසටහනේදී එතුමා ගායනා කලා.ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete