මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 6, 2024

අහස් ගව්ව, යොදුන කෙටිව ලෝකෙම එක යායයි….

 



සදට තරුට මල් පෙත්තට, කවි ලිව්වා ඉවරයි

මුහුණු පොතේ ලෝකෙ පුරා, ගමන හරිම කදිමයි

වට්ස් ඇප් වල , වයිබර් වල වල් පල් හරි බොහොමයි 

ඇති හැටියට වඩා වැඩියි පෙන්නිල්ලයි , බොරුවයි 


ගහ කොල ගැන , දිය ඇලි ගැන, ගී පද අද නෑසෙයි

රොකට් එකෙන් හදට ගිහින්,හිනා වෙන්න දවසයි

ගුවනින් හරි මුහුදින් හරි යන්න ගමන් බොහොමයි 

හරි විදිහට ඉතිරියකට ඉඩ නම් අඩු පාටයි 


ආදරයට සුවද කවා ලිව්ව,හසුන් කටුගෙයි

ඩේට් නොමැති , ෆෝන්  නොමැති එදා පෙමත් කදිමයි 

හැංගි හැංගි පෙම්කල හැටි කිව්වම හරි පුදුමයි 

අප්පච්චී ඒ ඇත්තද ? සුදු දෝනිත් විමසයි  


අහස් ගව්ව,  යොදුන කෙටිව ලෝකෙම එක යායයි

ගම , රට අත ළගට ඇවිත් හිතන්න බැරි තරමයි   

වෙනස තමයි ඉදිරියටම යන්නෙ කියව බලවයි 

අනේ අපොයි නොම කියමින්,  යනෙනා අය අරුමයි ........



අනුරුද්ධ වැලිගමගේ 














2023 දෙසැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

12 comments:

  1. හරිම ලස්සනයි නිර්මාණය . සුබ පැතුම් සහෝදරයා ඔබට .
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. Replies
    1. මය්යා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. ඇත්තෙන්ම! ලෝකය තනි යායක්

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. ලෝකයම දැන් විශ්ව ගම්මානයක් නොවැ.ඒක වෙලාවකටහොදා වෙලවකට නරකයි

    ReplyDelete
    Replies
    1. සඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ හරියටම හරි.

      Delete
  5. අපුරු නිර්මාණයක් අයියේ.

    ReplyDelete
    Replies
    1. නිලක්ෂි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  6. එදා ප්‍රේමය හා අද ප්‍රේමය අතර පරතරය බොහෝ දේ කියා දෙයි.

    ReplyDelete
  7. රසවත් නිර්මාණයක් අනුරුද්ධ . ඔබට සුබ පැතුම්.

    ReplyDelete