


අපි රොකී කදු වටා යන ගමන පටන් ගත්තේ ටොරොන්ටෝවේ සිට කැල්ගරි නගරය දක්වා කල ගුවන් ගමනකින් පසුවයි . කැල්ගරි ගුවන් තොටුපලේ දී කුලියට ගත් අර්ධ උපයෝගීතා වාහනය ( Semi Utility Vehicle) දිනකට අසීමිත දුරක් ධාවනය කල හැකි වීම අපට පහසුවක් වුනා . කැනඩාවේදී අත්විදින්නට වන එක් දිශාවකට පමණක් යාමේදී අයකරන අධික ගාස්තුවෙන් මිදෙන්නට අපට රථය ආපසු කැල්ගරි වලට බාර දිය යුතුව තිබුනා . ( නොඑසේ නම් අපට වැන්කුවර් නගරය දක්වා ගොස් එය භාර දිය හැකිව තිබුනා ) එනිසා අපේ ගමන් මග කැල්ගරි සිට බැන්ෆ් දක්වාත් , බැන්ෆ් සිට ජැස්පර් දක්වාත් , ජැස්පර් සිට කැම්ලුප්ස් දක්වාත් , කැම්ලුප්ස් වලින් ආපසු කැල්ගරි දක්වාත් අදියර කිහිපයකින් කල එකක් වුනා . මුළු ගමනේ දුර ප්‍රමාණය කිලෝමීටර් 1500 කට වඩා වැඩි එකක් .







කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 මැයි කලාපයේ පලවිය .
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
![]()
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.







