මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 25, 2020

කැලැන්ඩරේ කොල ඉරිලා දවස ගෙවෙනවා......ගීත.....අනුරුද්ධ වැලිගමගේ........

Image result for old calendar"


කැලැන්ඩරේ කොල ඉරිලා දවස ගෙවෙනවා
අවුරුද්දෙන් අවුරුද්දට කාලය යනවා
පුංචි අපිත් දැන් ටික ටික ලෝකෙ දකිනවා
ලොව හැඩ වැඩ කරන්න දිරිය වඩනවා

අම්මා තාත්තගේ තුරුලේ සුවද දැනෙනවා
 ගහකොළ වැල් අතරින් එළිය දකිනවා
 සීතල හිමකැට අතරේ සිසිල දැනෙනවා
 ජීවිතයම ලේසි නැතැයි කියල හිතෙනවා

කැලැන්ඩරේ කොල ඉරිලා දවස ගෙවෙනවා …….

ගුණදම් හොද පුරුදු නිතර එකතු කරනවා
 පොඩි දග වැඩ අඩුකරලා පොත් කියවනවා
 හිමි ,ගුරු, වැඩිහිටි ඔවදන් හිතට ගන්නවා
 ජීවිතයම ජයගන්නට පැතුම් පතනවා 

කැලැන්ඩරේ කොල ඉරිලා දවස ගෙවෙනවා ……


අනුරුද්ධ වැලිගමගේ

Image result for old calendar"

2018 නව වසර වෙනුවෙන් කල පැන්චන් ගේ සාදය වැඩසටහන සදහා ලියුවකි .

සංගීත නිර්මාණය - ශයන් පෙරේරා 

ගායනය -   

Image result for old calendar with kids photos"


වෙබ්ගත වූ ඒ වැඩසටහන ගැන ලියැවුණු බ්ලොග් සටහන 


No comments:

Post a Comment