මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, June 14, 2018

හරම්බේ හන්දියෙන් හැරී සිහින ලෝකයට ....ඇමෙරිකානු සංචාරයක මතකය ..... - ඩිස්නි ලෝකයට යමු 1.

Get magical start to 2020 with $49 Disney Florida resident ticket deal


හරම්බේ ගම්මානයත් , ආනන්දපුර් ගම්මානයත් ලෝක සිතියමේ ඇත්තේ කෙන්යාවෙත් , කිලෝමීටර දහස් ගණනක දුරින් ඉන්දියාවේ වුවත් විනාඩි පහක ඇවිදින දුරින් ඒ ගම් දෙක ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ හි පිහිටි සත්ව රාජධානිය තුලය. වෝල්ට් ඩිස්නි නම් වූ මහා සිහින නිමවුම්කරුගේ දෙවන සිහින ලෝකය වූ ඩිස්නි ලෝකයට අපි  පිවිස සිටියෙමු. ගිම්හාන කාලයේදී මගහැරුණු නිවාඩුවකට කදිම මේ සිහින ලෝකය  මැ ජික් රාජධානිය , ඇප්කොට් ,ඩිස්නි හොලිවුඩ් චිත්‍රාගාරය සහ සත්ව රාජධානිය යන උද්‍යාන 4 න් , ජල උද්‍යාන 2 කින් සහ වෙළද උද්‍යානයකින් සමන්විත විශාල ව්‍යාපෘතියකි.



කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉදිකෙරුණු ඩිස්නිලන්තය නම් වූ සිහින උද්‍යානයේ අති සාර්ථකත්වය මැද වඩාත් විශාල වපසරියක නිමැවුණු ෆ්ලොරිඩා ව්‍යාපෘතිය නම් කෙරුනේ ඩිස්නි ලෝකය යන නමිනි. එය අද ලෝකයේ වැඩිම පිරිසක් සංචාරය කරන වසරකදී ලෝකයේ වැඩිම මල්වෙඩි ප්‍රමාණයක් මගින් අලංකාරවත් කරන දිව්‍ය ලෝකයක් බඳු යැයි කිව හැකිය. එයටම අයත් බස් , දුම්රිය , සුවිසල් මංමාවත් ප්‍රමාණයක් , එකවර වාහන විසිපන්දහසකට වඩා නවතා තැබිය හැකි රථ ගාල්, කාමර විසි දහසකට වඩා ඇති නවාතැන් පහසුකම් , භෝජනාගාර, වෙනමම ගුවන් තොටුපල බස් ප්‍රවාහන සේවාවක් ඇති උතුරු ඇමෙරිකාවේ ඇති තවත් නගරයක් බ දුය
විවිධ තේමාවන් ඔස්සේ එකිනෙකට වෙනස් නැවුම් , ලෝකයේ අන් තැනකදී දැකිය නොහැකි ඩිස්නි උද්‍යානවලටම ආවේණික අත්දැකීම් සමග දිනෙන් දින අළුත් වන ඩිස්නි ලෝකය කුඩා ළදරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම සියළු දෙනාටම රසවි දිය හැකි, සතුටු විය හැකි විනෝද උද්‍යාන පෙළකි.

Disney World Theme Park Tickets in Orlando, Florida | Walt Disney ...



.ඩිස්නි හොලිවූඩ් චිත්‍රාගාරය  ( Disney Hollywood Studios)

Potential New Names for Disney's Hollywood Studios Revealed ...


ලෝක සිනමාවේ හොලිවූඩ් පුරවරයත් ,ඩිස්නි සමාගමේ අපුරුතම සිනමා නිර්මාණත් මගින් බිහිකළ සිනමා සංස්කෘතියේ වර්ණවත් පැතිකඩ බලන්නට මෙහි ඇති මහා සිනමා සංචාරය ( Great Movie Ride) පමණක් වුව ප්‍රමාණවත්ය. අනෙකුත් උද්‍යානවලදී මෙන්ම මෙහිදී ද ත්‍රාසජනක රෝල කෝස්ටර් චාරිකා සේම තට්ටු ගොඩනැගිල්ලක් වන අත්හැර දමන ලද පැරණි හෝටලයක අක්‍රිය වන විදුලි සෝපානයකදී අත්දකින්නට ලැබෙන අත්භූත අත්දැකීම් දකින්නට පෙලගැසී සිටින පිරිස් මෙහි සුලබ දසුනකි. ස්ටාර් වෝර්ස් තරු සටනේ චරිත ඔබමොබ ඇවිදිමින් කරන සංදර්ශනත්, සිනමා නිර්මාණවල තිරයෙන් පිටුපස පසුතලය සමග නිරූපණ ( Stunt Shows) බලන්නට වේලාව ඉතිරි කර ගත යුත්තේ අන් තැනකදී මේ අත්දැකීම මෙලෙන් දසිකින්නට නොහැකි නිසාය.

Disney's Hollywood Studios 2019, Orlando, Florida | Full Complete ...


New Star Wars shows storm onto the scene at Disney's Hollywood Studios


මෙහි පැවැත්වෙන රාත්‍රී සංදර්ශණය අනෙක්වාට වඩා වෙනස්ය  , චිත්‍රපට දර්ශණයක් වැනිය.බෝට්ටු කිහිපයකින්  දෙපසින් මතුවන රංග කණ්ඩායම් එළිමහන් රගහලට පෙනෙන දුපතක පිහිටි වේදිකාවෙන් මතුවන මකරුන් , ඩිස්නි චරිත අවසන වීරයා මිකී මීයා අත්භූත චරිතයක් ලෙස මතුවන අයුරු දකින්නට අපුරුය.
ඔබගේ අනෙකුත් සංචාරයන්ට වඩා ඩිස්නි සංචාරය වෙනස් වන්නේ ඔබ ගෙවිය යුතු ප්‍රමාණාත්මක විශාල මුදලට නිසි අගයක් ගැනීමට නම් ගමනට පෙර බොහෝ දේ සොයා සැලසුම් කරගැනීම අත්‍යවශ්‍ය වන බැවිනි.දින 30 කට පෙර සිට වෙන්කර ගත හැකි ෆාස්ට් පාස් වැඩිපුර ඉල්ලුමක් ඇති අත්දැකීම් සඳහා වෙන්කර ගැනීමත් උදෑසනම වැඩිපුර සෙනග එකතුවන චාරිකා සඳහා යාමත් සේම ඒ ඒ සංදර්ශණ සහ අංග ඇති තැන් සිතියමෙන් අධ්‍යනය කිරීමත් ඒ සදහා උදව්වේ .ඒ සදහා උදව් වන තොරතුරු ඩිස්නි වෙබ් අඩවියේත් අන්තර්ජාලයේත් පිටු සහ වීඩියෝ කෙටි චිත්‍රපට තුලත් පහසුවෙන් සොයාගත හැකිය.


Indiana Jones Stunt Spectacular | Walt Disney World Resort

Nighttime Shows at Disney's Hollywood Studios


සත්ව රාජධානිය ( Animal Kingdom)

Tree of Life (Disney) - Wikipedia

Tree of Life Awakens in Disney Animal Kingdom Night time show (HD ...

සත්ව රාජධානිය  සුවිසල් කෘතිම ගසක් මැදි කරගෙන ඩිස්නි ලෝකයට එකතුව නවතම උද්‍යානයයි. දහසකුත් එකක් සත්ව කැටයම් වලින් , සපිරි ඒ සුවිසල් ගස සඳහා පැරැණි තෙල් ලිඳක කොටස් උපයෝගී කරගෙන තිබේ.


Disney World Florida: Animal Kingdom


Guests are Seeing Stripes at Disney's Animal Kingdom — Zebras Out ...


අප්‍රිකාවේදී ඔබට ලැබිය හැකි සෆාරි අත්දැකීම් සේම , ආසියාවේදී ඔබට ලැබිය හැකි ආසියානු සංස්කෘතිය මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ එවරස්ට් කන්ද තරණය කරන්නට යන සංචාරක පිරිසකට යෙටී හමුවන ත්‍රාසජනක රෝල කෝස්ටර් ගමනකුත්, කාලි ගඟේ පෙන නගින දියරැළි අතර සිරවන බෝට්ටු චාරිකාවක තෙත බරිත මතකයන්ද මතු කරමිනි.

10 Freaky Facts about Expedition Everest


ඩයිනසෝරයන්,කෘමීන්ගේ ලෝකවලට එබුනු රඟහලේදී ඔවුනගේ ගඳ සුවද මෙන්ම තැවරුමද දැනුණු මොහොතට මතකය ඇවිද යද්දී සිංහ රජු (Lion King ) ප්‍රසාංගික නාට්යය එහි වර්ණවත් බව නිසාම යලිදු බලන්නට සිත්වූ බවද කිව යුතුය. අනෙකුත් උද්‍යානවලදී වෙන් වෙන්ව සිටින මිකී සහ මිනී පෙම් යුවල මෙම උද්‍යානය තුලදී සෆාරි ගවේෂණ චාරිකාවට සුදානම්ව සිටින මොහොතේ එකට හමුවන්නට හැකිය.   
ඉන්දියානු උරුවක් ගත් මෙහි රාත්‍රි සංදර්ශණය සදහා අලංකාරවත් ඇදුම් විසිතුරු සමග හින්දි නැටුම් එක්කරගෙන ඇති අතර ඩිස්නි සිනමාවත් , එකී රංගනයත් සම්මිශ්‍රණය කරමින් දියමත තැනූ වේදිකා බෝට්ටු මත මතුකරන අරුමය මතකයේ තවමත් රැව් දෙන බව කිව යුතුය.

Disney Lion King Stock Photos - Download 1,049 Royalty Free Photos


ටොරොන්ටෝවේ සිට දින දෙකක පමණ  රථ ධාවනයකින් , පැය 3 ක ගුවන් ගමනකින් ඔබට මෙහි ළඟාවිය හැකිය. Sea World, Universal Studios සහ NASA ආයතන මේ ආසන්නයේම ඇති බැවින් වේලාව සහ මුල්‍යමය හැකියාව මත ඒවාද ඔබේ ගමනට ඈදා ගත හැකිය.
* මෙම අත්දැකීමේ සමහර ඉංග්‍රීසි යෙදුම් වල පරිවර්තන එම අර්ථය නියමාකාරයෙන් නිරුපණය නොකරන බව සැලකුව මනාය       

Hot water: SeaWorld faces class-action lawsuits and investigations ...

   
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
මීළග කලාපයෙන්  මිකී මීයා වෝල්ට් ඩිස්නිව ගෙන ගිය දුරක් .......
සටහන
අනුරුද්ධ වැලිගමගේ

Disney's Animal Kingdom Theme Park | Guide & Tickets Info

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


Disney's Hollywood Studios at 30: There's no better symbol of The ...



කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 ජනවාරි  කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

http://dasatha.com/

Image result for dasatha




මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  



                                                     

2 comments:

  1. අනුරුද්ධ, රසවත් ඒ වගේම් බොහෝ තොරතුරු අඩංගුයි, බොහෝ ප්‍රයෝජනවත් ලිපි. දිගටම ලියන්න. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට . විවේක වෙලාවට කියවල, අහලා මගේ අනෙක් නිර්මාණ වලත් අඩුපාඩු කියන්න . බ්ලොග් කලාවේ ප්‍රවීණ ඔබගේ ඇගයුම මට මහත් සවියක් .

      Delete