මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 30, 2020

නිසොල්මන් සමයක් (වසංගත සමයක් ).... අනුරුද්ධ වැලිගමගේ .....ගීත...... ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා, සුමුදු ඇන්තනි ද ෆොන්සේකා......


 
කෝවිඩ් 19 ගැන තිබෙන අවිනිශ්චිත තත්වය තවමත් පහව ගිහින් නැහැ. බොහෝ දෙනෙක් මේ වනවිට සාමාන්‍ය ජන ජීවිතයට හුරුවෙමින් තිබෙන්නේ පරිස්සමින් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින්. පහුගිය මාර්තු මාසයේ අග වනවිට ලෝකය පුරා කවුරුත් පාහේ හිටියේ පුදුම බියකින් ගෙවල්වලට කොටුවෙලා.
පහුගිය සතියේ අන්තර්ජාලයට එක් කෙරුණු ශ්‍රී ලාල් ගේ මේ ගීතය හැඩ වුණේ සුමුදු ගේ වෙනස්ම සංගීත ආරකින්. මුහුණු පොතේ එය බෙදා  ගත්තට පස්සෙ බොහෝ දෙනෙක් එහි පදවැල් සහ නිමිත්ත ගැන අසා තිබුණා. මේ සටහන එකතු කරන්නේ ඒ වෙනුවෙන්.       
Opinion | Canada might have avoided the worst-case scenario for ...

නිමිත්ත 
අප්‍රේල් මාසෙ මුල දවසක මම ශ්‍රීලාල් එක්ක කතා කලා. පුරුද්දක් විදිහට යුද්දෙ දවස්වල ඉදන් මිය ගිය ගණන් කතා කරන පුරුද්දෙන් මිදුණු මම ඔහු එක්ක කල කතාබහ නිමා වුණේ ශ්‍රී ලාල් කල ආරාධනාවකින්.
මම ඒ ගෙවල්වලට කොටුකෙරුණු කාලය ගැන හිතුවා. සතියේ දවස්වල පැය ගාණක් ගෙවාගෙන වැඩට යන එන, සති අන්තවල ඉවරයක් නැති දිවිල්ලක් දුවන අපි ගොඩ දෙනෙක් ගෙවල් වලට වෙලා තමන්ගේ සමීපතමයන් එක්ක සතුටින් තියෙන දෙයක් කාල ජීවත්වෙන හැටි කැනඩාවේ, ලංකාවේ වගේම ලෝකේ වටේ ඉන්න යාළුවන්ගෙන් අහන්න ලැබුණා. ඒත් එක්කම ලෝකය පුරා මා සංචාරය කල තැන් පාළුවට ගිහින් ඒ තැන්වල සතුන් නිදැල්ලේ හැසිරෙන දර්ශන දැක්කා.
කඩේ කෑම වලින් මිදිලා ගෙවල්වල එක එක ජාතියේ කෑම හදල, වත්තේ පැලයක් හිටවලා මිනිස්සු තම තමන් හොයාගත්ත හැටි මට මුහුණු පොතින් දකින්න ලැබුණා. ඒ ඔක්කොම අස්සෙ තම තමන් කරන්න මග හැරුණු දේවල් කරන්න ඒ කාලය යොදාගත්ත හැටි දැක්කම මට හිතුනේ සොබාදහම මේ මිනිස්සුන්ට දීල තියෙන්නෙ දිව්‍යමය වරමක් කියලයි. ලොකු ගෙවල්, සැප වාහන, සම්පත් පස්සෙ දුවන සමාජයට ඒ කිසි දෙයක් නෙවෙයි මනුස්සකමයි, පරිසරයයි එක්ක සහජීවනයෙන් සරලව ජීවත්වීමයි වටින්නෙ කියල තේරුම් අරගෙන ඉන්න එක නේද කියලයි මට හිතුනෙ.
මම වචන වලට කැටි කලේ ඒ අදහසයි. ශ්‍රී ලාල්, සුමුදු එකතුවෙලා ඒ අදහස් ජීවත් කල අපූරුව ඔබට ගී ගීතය තුලින් අහන්න පුළුවන්.             


නිසොල්මන් සමයක්  (වසංගත සමයක් )...

බලන් සකි විගසින් 
යොමා  නෙතු කොනකින් 
සරමු හිත දසතින්
ගෙනෙන අම සැනෙකින් 
ලොවම නිසසල හිතම බියකල
නිසොල්මන් සමයක්...... 
වසංගත සමයක්....... 
හ්ම් .....නිසොල්මන් සමයක් ....

හිතන්නට අරුතක් 
ලැබුණු දිව මතුරක් 
අවදි කරවා හැගුම් පුබුදා 
 සුසුදු සද වතුරක් 
තරුද නිසසල සිහින කැටිකල 
නිසල සිත් පහසක් .........
නිසල සිත් පහසක්...........
හ්ම්...නිසල සිත් පහසක්.......

සිහින් සරයෙන් අත්ල තවරන 
සිතුම් රැලි වැස්සක් 
පරිසරය මනු බවින් එක්කල 
හැගුම් මෙත් වතුරක් 
අපට අප ගැන හිතන්නට දුන් 
දිව්යමය වරමක් ...........
දිව්යමය වරමක්......
හ්ම්... දිව්යමය වරමක්.......

බලන් සකි විගසින් 
යොමා  නෙතු කොනකින් 
සරමු හිත දසතින්
ගෙනෙන අම සැනෙකින් 
ලොවම නිසසල හිතම බියකල
නිසොල්මන් සමයක්...... 
වසංගත සමයක්....... 
හ්ම් .....නිසොල්මන් සමයක් ....

ගී පද - අනුරුද්ධ වැලිගමගේ 
ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා 
සංගීතය - සුමුදු ඇන්තනි ද ෆොන්සේකා 
ශ්‍රී ලාල් ගේ හඩින් ගැයුනු මගේ තවත් ගීත අහන්න 

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_8.html

http://ahasgawwenehalokaya.blogspot.com/2019/06/blog-post.html

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images

              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි 

Swans, dolphins return to the canals of Venice as Italy shutdown ...

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  

Best Photos of Animals Taking Over Cities on Lockdown Across the ...












2 comments:

  1. අපට අප ගැන හිතන්නට දුන් දිව්යමය වරමක් ...........
    අදහසත් ගායනයත් සංගිතයත් හරිම ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. අපට අප ගැන හිතන්නට දුන් දිව්යමය වරමක් ...........
      අදහසත් ගායනයත් සංගිතයත් හරිම ලස්සනයි !
      DILight

      Delete