මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 2, 2018

පුතුගේ අවුරුදු සිහිනය ....ගීත .....අනුරුද්ධ වැලිගමගේ....ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා.....


Toronto things to do: culture, shopping and entertainment


නිමිත්ත 


අවුරුදු කාලයේ දවසක මම රෑ වැඩ ඇරිලා ගෙදර එන්න පිටත් වුනා . ටොරොන්ටෝවේ සී එන් කුළුණ මුදුනින් හරි ලස්සනට අඩ හදක් පායලා තිබුනා . මට මගේ පුංචි කාලේ අම්මලාගේ ගමේ අවුරුදු ගැන මතක් වුනා . ඒ වගේම සිංහල පංතියේ පැවරුමකට දුවට අන්තර්ජාලයෙන් ලංකාවේ අවුරුදු ගැන කල විස්තරය සිහිවුණා . මට හිතුනේ මව්බිමෙන් පිට ඉන්න අපට අවුරුද්ද කොච්චර මග ඇරිලද කියල . මට හිතුනේ ඉක්මණටම අම්මටත් තාත්තාටත් දුරකථන ඇමතුමක් ගන්න ඕන කියලයි .

Image result for cn tower with moon

සීඑන් කුළුනේ මුදුනින් ලාවට සද පායලා 
දෙවැට දිගේ එරබදු මල් හිත පතුලේ තෙරපිලා
රබන් සුරල් හඩ වෙනුවට රෙගේ සින්දු කොදුරලා
අවුරුදු ඇත මේ දුරු රට අපේ හිතින් පාවෙලා

කැවුම් කොකිස් රස වෙනුවට කේක් රහට හුරුවෙලා
 දිව නැමුනද හිත හැදුණද තවමත් නැහැ තේරිලා
සිරිත් විරිත් හිත ඇතුලේ තවත් සිහින බොදවෙලා
 දුවට පුතුට පෙන්වමි මම අන්තර්ජාලයේ සරා

සීඑන් කුළුනේ මුදුනින් ලාවට සද පායලා .......

අවුරුද්දේ සිත දස අත මතක අතර සැරිසරා
තරුමල් අහසේ නැගලා නේක රටා බිහිකලා
අම්මා තාත්තා වෙනුවෙන් යලිත් මතක පිබිදිලා
 හෙට උදේම කෝල් එකක් ගන්න හිතට බලකලා

සීඑන් කුළුනේ මුදුනින් ලාවට සද පායලා .......

අනුරුද්ධ වැලිගමගේ

ගීත ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා 

Gee Arundathie: Srilal Fonseka's third solo performance to be held ...


සංගීත නිර්මාණය - විශාරද රෝහණ ධර්මකීර්ති 

Heartiest congratulations to the Best... - Roshan 'RJay ...




ගීතයේ ශ්‍රව්‍ය දෘශ්‍ය  අත්දැකීම විදින්න 

නිර්මාණය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා 

https://vimeo.com/264181759








No comments:

Post a Comment