මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 5, 2022

ලන්ඩන් කවියෙන් යලි මතුවුණු වසංගත සමයක්.... අනුරුද්ධ වැලිගමගේ....


බලන් සකි විගසින්

වසා නෙතු කොනකින්

සරමු හිත දසතින්

ගෙනෙන අම සැනෙකින්

ලොවම නිසසල හිතම බියකල

නිසොල්මන් සමයක් (වසංගත සමයක් )....

 

හිතන්නට අරුතක්

ලැබුණු දිව මතුරක්

අවදි කරවා හැගුම් පුබුදන

සුමුදු සද වතුරක්

තරුද නිසසල සිහින කැටිකල

නිසල සිත් පහසක් .........

 

සිහින් සරයෙන් අත්ල තවරන

සිතුම් රැලි වැස්සක්

පරිසරය මිනිසත් බැවින් එක්කල

හැගුම් මෙත් වතුරක්

අපට අප ගැන හිතන්නට දුන්

දිව්යමය වරමක් ...........

 

අනුරුද්ධ වැලිගමගේ

ගීතය ගායනා කලේ - කැනඩාවේ ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා 

ගීතය සංගීතවත් කලේ - කැනඩාවේ සුමුදු ඇන්තනි ද ෆොන්සේකා 




2022 පෙබරවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



6 comments:

  1. හ්ම් අපූරුයි..
    අනුර හෑගොඩ ලාල් හෑගොඩගේ කවුරු හරිද අනුරුද්ධ...

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අනුර හෑගොඩ මහතා ලාල් හෑගොඩ මහතාගේ සහෝදරයා. ලන්ඩන් වල ඉදන් කවියට සෑහෙන මෙහෙයක් කරන කෙනෙක්. ඔබේ කවි ඇතොත් ලන්ඩන් කවියට යවන්න.

      Delete
  2. බොහොම අපුරුයි. රස වින්දා පෙර සේම.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. අපූරුයි. වෙනත් විධිහකින් බැලීමක්

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මේ ගීය ලියැවුණේ 2020 අප්‍රේල් මාසයේ. ජනප්‍රිය සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ නගර පාළුවෙලා තිබුණු කාලයේ. මම අදත් හිතනවා මාධ්‍යය මේ වසංගතය ගැන වාර්තා කල තරමට එය දරුණු නැහැ කියල. ඒ හරහා ලෝකයට බොහෝ හොද දේ සිද්ධ වුණා.

      Delete