මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 1, 2024

ඒ ඔබයි .......














සඳ රෑ  යාමයේ 

සල රූ පෙරහැරේ 

සිහිනයේ මතුවුනේ 

ඔබයි 


වැහි පොදේ මතුවෙලා 

සිත මගේ කැලබුවේ 

දේදුන්න වාගේ 

තමයි 


රැළි නගා දිය මතින් 

ඇදි ඉරක් වන් ලෙසින් 

පාවෙලා ගිය බවත් 

සැබැයි 


තිස් වසක් ගිය නමුත් 

සයනයේ සිහිනයේ 

ඉදහිටක යලි රැදී 

ඉන්නවා නම් තමයි 


රැළි ගැහුණු කම්මුලෙන් 

සුද පෙනුණු කෙහෙ රොදින් 

මුහුණු පොත් පිටු තුලින් 

මතුවෙවී යන බවත් හැබැයි 


උගුරටත් හොරකමින් 

බොන බෙහෙත් වඩි ලෙසින් 

ඇවිද යන මතකයන්  

හරි හැඩයි 


අනුරුද්ධ වැලිගමගේ 

 




2024 ජුනි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

7 comments:

  1. හරිම අපූරුයි නිර්මාණය
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  2. සැම සිතකම නිතර නැගෙන ඒත් අකුරු වෙන්නැති වේදනාබර නමුත් මිහිරි මතක

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඒ බහුතරය වෙනුවෙන් තමයි ලිව්වෙ.

      Delete
  3. හරිම හැගුම්බර ඒ වගේම අනුවේදනීය,අපූරු නිර්මානයක්.මම කීපවරක්ම කියෙව්වා. ඒ සමග තියන රූ සටහන් හැගීම් වඩ වඩාත් තීව්‍ර කරනව.මට කොලොම් තොට නැත මහලු වී ගීතයත් වීර් සාරා සිනෙමා පටයත් එක වර සිහියට නැගුනා.ඒ එක්කම කියන්න ඕනෙ ගැටවර හෝ තරුන වයස පසු කල අයෙකුට පමනයි මෙය ඉතාමත්ම රස විදින්න හැකියාව තියෙන්නෙ මගේ කල්පනාවෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔබ දැක්වූ ගීයත්, සිනමා පටයත් මේ අදහසට කදිමට ගැලපෙනවා. හ්ම් " ඒ එක්කම කියන්න ඕනෙ ගැටවර හෝ තරුන වයස පසු කල අයෙකුට පමනයි මෙය ඉතාමත්ම රස විදින්න හැකියාව තියෙන්නෙ මගේ කල්පනාවෙ හැටියට." මේ කොටස නම් නියමයි .

      Delete
    2. ඔබ මගේ අදහස අනුමත කිරීම සතුටක්.ඒත් මගේ ප්‍රතිචාරයේ ' ඉතාමත් රස විදින්න' යන්න 'හදවතින්ම රස විදිය හැකි වන්නේ ' කීවානම් වඩා නිවැරදි බව පසුව හිතුනා.

      Delete