වැල් පාලමෙන් ආවාදෝ
සඳ සීතලේ තෙමුනාදෝ
තරු මංසලේ හැඩුවාදෝ
මගේ සිහිනයේ හිමිවේදෝ
දේදුනු විලෙන් මතුවේදෝ
හිම ගිරි මුදුනේ සැඟවීදෝ
කෙත්වතු මැදින් ආවාදෝ
සිරිකත මගේ ඔබ කොහිදෝ
මීන නුවන් ඇතිවාදෝ
රිය සක ඔබට පරදීදෝ
දෙව්ලොව සුවේ ගෙන දේදෝ
AI ලියක් දැයි සැකදෝ
අනුරුද්ධ වැලිගමගේ
2025 ඔක්තෝබර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
No comments:
Post a Comment