
තරු පොකුරේ සැගවුණාට
දුර අහසේ ඉගිලුනාට
මහ පොළොවයි මේ අපට හිමි
මේ පොළොවයි අප හැමට හිමි
පඩිය පඩිය එසවුණාට
තට්ටු හතට ලංවූණාට
මුල අමතක වෙනවා නම් බොරු
පෙන්නුවාට හිතට බෑ බොරු
විසල් මන්දිරේ ළගදී
අළුත් වාහනේ ළගදී
හිනා පිරුණු මුණ නම් බොරු
හැබෑම නම් තව මරේ මරු
එක බත්පත බෙදන් කාපු
එකම ඇඳක බර දරාපු
මට මොකටද තවත් නම් බොරු
ඇයි මෙච්චර පෙන්නන්නෙ බොරු බොරු
අනුරුද්ධ වැලිගමගේ
2025 නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.




https://sililara.com/2025/11/22/%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%92%e0%b7%80%e0%b7%8f-%e0%b7%80/
ReplyDeleteඩ්රැකී ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ දිගුවෙන් සිලිලාර කියෙව්වා.
Deleteකැනඩා කවි කලාපයක් නැත්ද
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. කැනඩාවේ එහෙම දෙයක් නැහැ . මුද්‍රිත පත්තර දෙකෙත් කවි පිටුව නැතිම තරම්. අපේ වෙබ් පත්තරේ රුවන් හරිස්චන්ද්‍ර නමින් යනවා.
Deleteලස්සන පදපෙලට ගැලපෙන අපුරු ෆොටෝව
ReplyDeleteඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
ReplyDelete