මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 2, 2020

කොත මුදුනින් පායන සද .........කවි.....අනුරුද්ධ වැලිගමගේ.....


 Sponsor me to teach kids in Sri Lanka - GoGetFunding | GoGetFunding

කොත මුදුනින් පායන සද
වෙසක් දාට හරි එළියයි
පන්සල බිම සුදු වැලි මත
රටා මවා සිත පිනවයි

කොඩිවැල් ලෙලදී සුළගට
සුමිහිරි ගීතයක් මවයි
සුදෝ සුදට සාදු නදට
අත්වැල් ගී ගයනු වැනියි

සිල්වත් වූ පුංචි කැකුළු
මුතුකැට ඇමිණුවා වගෙයි
මල් පෙරහැර සාදු නදින්
වෙසක් සදට පින් පුරවයි

පාට වැටුණු වෙසක් තොරණ
ජාතක පොත් පිටු කියවයි
සම්බුදු සිරිතේ රුවගුණ
ගුණ දහමින් බවුන් වඩයි


අනුරුද්ධ වැලිගමගේ

Vesak 2018

අන්තර්ජාලයෙන් 
 Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

File:Piliyandala Vesak Thorana 2016.jpg - Wikimedia Commons

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව

2 comments:

  1. සිංහල ටයිප් කරන්න Pencil ඇප්ලිකේෂන් එක දාගන්න.... කවි ටික නියමයි...

    ReplyDelete
    Replies
    1. මිතිල ඔබේ ඇගයුමට බොහොම ස්තුතියි . ඇප් එක දාගත්තා . ඒකටත් බොහොම ස්තුතියි.

      Delete