මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 2, 2019

කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව .......තිලකසිරි ඒකනායක .....රේඩියෝ කෙටිකතා


Image result for girl with yellow flowers

බැච් ට්‍රිප් එකේ පළමු දවස අනුරාධපුර ගත කළ  කොල්ලන් කෙල්ලන් රැගත් බසය දෙවැනි දවසේ දවල් එකොළහ පමණ වෙනකොට අනුරාධපුරයෙන් පිටත්වුනේ දවල් කෑම කලාවැව ඉවුරේදී කන්නට හිතාගෙනය.

අනුරාධපුර ජයන්ති මාවත  පැත්තෙන් මල්වතු ඔය පාලම පේන තෙක් මානයට ආවා පමණි. තනි කෙලින් පාරේ මීටර පන්සීයක් විතර ඈතින් පරණ පන්නයේ බැග් කබලක් අතින් ගත්  සුදු සරමක් හා කමිසයකින් සැරසුණු මනුස්සයෙක්, වෙනත් ග්‍රහ ලෝකෙක ඉඳන් මේ දැන් ප්‍රාදීර්භුත වූ අයෙක් මෙන් පාරට අත දික් කරගෙන සිටියේය.

'බයිට් එකක් බයිට් එකක් ; කොල්ලෝ කීප දෙනෙක් කෑ ගැසුවෝය. අර මෑන් හිතල තියෙන්නේ මේක ලංගම බස් එකක් කියල  . මල්ලි අපි වාහනේ නවත්තලා මිනිහා දාගෙන යමු , ටිකක් දුර ගෙනිහින් බස්සමු. හොඳ බයිට් එක'.

සිසු නඩය  සමග ගානට සෙට් වෙලා හිටි ඩ්‍රයිවර කොලුවාද අන්ද මන්ද මගියා අසල බස් රිය නතර කළේය. ඔහු බසයට ගොඩ වෙද්දීම එකෙක්. 'රයිට් පස්සට යන්න පස්සට යන්න . ඔය දැන් නැග්ග එක්කෙනා ටිකට්  ගන්න . කොහාටද යන්නේ ?

ඔහු කමිස සාක්කුවට අත  දමා නෝට්ටු  කීපයක් ඇද්දේය .
'කොහාටද යන්නේ'. කොන්දොස්තර ඇසුවේය.

මගියාට දිව පැටලුනේය. ඔහුද ඒ ප්‍රශ්නයම ඇසුවේය . කොහාටද යන්නේ ?

මේ හලෝ ඔහේ බෝඩ් එක බලන් නැතිවද නැග්ගේ ? යන දිහා දන් නැතිව නගිනවා මෙතන ' . කට්ටියට බයිට් එක සෙට් වෙලාය. කෙල්ලෝ මැසිවිලි නගති. ඒයි  පව් පව් අහිංසක මනුස්සයෙක් රස්තියාදු නොකර බස්සලා යමු අනේ .
හැමෝම ආයෙමත් කොක්සන් හඬ නඟති.

බස් එක කෙලින් පාර දිගේ හැල්මේ ඉදිරියටම ඇදේ . ඒ ගමන කොන්දොස්තරලා රොත්තකි.
'ඔහේ කොහේ ඉඳන්ද එන්නේ ?.

'හිර ගෙදර ඉඳං . අද උදේ තමයි නිදහස් උනේ අවුරුදු දහයකින්'
.
එතෙක් උසුළු විසුළු හඬින් පිරී ඉතිරී තිබු බස් රිය බය බිරාන්ත නිහඬතාවයක ගිලුනේය. ඒ වෙලාවේ රජ කළ  භීතිය ගුවන් යානයක් කොල්ලකරුවෙකු විසින්  අල්ලාගත් විටෙක මෙන් විය.

හීන් හඬින්  සරසවි කොල්ලෙක් මෙසේ ඇසුවේය . මොනා වෙලාද හිරේ යන්න උනේ ?

'මගේ අතින් මිනිහෙක් මැරුණා. ගැටවර කාලේ අපෙත් අණක් ගුණක් නෑනෙ' .

මේ මිනිහා බස්සලා යමු නේදැයි අසන්නාක් මෙන් පිටුපස බැලූ ඩ්‍රයිවර් මල්ලී බස් රිය ස්ලෝ කළේය.

මේ අතරේ එකෙක් කිව්වේ නෑ අපි දිගටම යමු කියලාය ඒ කියන ගමන් ඉස්සරහම පේලියේ අසුනක මගියාට වාඩි  වෙන්නට සැලැස්සුවේය.
දැන් මේ මගියාගේ කතාව බස් එකේ පේලියෙන් පේලියට පිටිපස්සට යනකන් පැතිර ගිහිල්ලය.
හිර කාරයෙක්ලු! . මිනී  මරුවෙක්ලු ! .

දැන් මගියා බයිට් කරන්නට බලා සිටි කොල්ලන් බයිට් වී තිබේ. මගියා යන්නේ කොහාටද දැන ගන්නට වුවමනාව තිබේ. හෙමින් හෙමින් කිට්ටු වෙන 'කොන්දොස්තර' වෙත මගියා පුංචි නෝට්ටු කොළ ටික දික් කරමින් නුවරට එකක් දෙන්නයි කියයි.

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද
කියල ...

Related image

Image result for jak tree and old lady

 ...
අද කතා  තිලකසිරි ඒකනායකගේ  කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව  ..........

 කහපාට ආදරය

http://thilakasitha.blogspot.com/2014/06/1.html

පොකට් ගහන්නට බැරි ආදරය


කොස් නෝක්කාඩුව

http://thilakasitha.blogspot.com/2015/02/blog-post.html


තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .

පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .

 සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
Image result for sawana radioImage result for sawana radio




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
තිලකසිරි ඒකනායක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   තිලක සිත බ්ලොග් අඩවියට යන්න .

Image result for thilakasitha

http://thilakasitha.blogspot.com/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

තිලකසිරි ඒකනායකගේ තවත් රේඩියෝ කෙටිකථා අහන්න

හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......


තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .

පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .

http://ahasgawwenehalokaya.blogspot.com/2018/10/1.html






4 comments:

  1. තිලකසිරි ඒකනායකගේ කෙටි කතා තුනම කියවූවා. හරි අගෙයි. තව තවත් රසබර කෙටිකතා අහස ගව්වෙන් ඉදිරිපත් කිරීම සඳහා මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete
  2. බොහොම ස්තුතියි අහස්ගව්ව මේ කරන කලාකාමී කටයුත්තට. ඇත්තෙන්ම ඔබේ ඉදිරිපත් කිරීමත් දැන් සෑහෙන්න දියුණු වෙලා . පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . ජීවන කතන්දර ලෙස සටහනක් තැබුවා .

      Delete