ලෝකයේ ලොකුම මිරිදිය දූපත තියෙන්නේ අප ඉන්නා ඔන්ටාරියෝ පළාතේම තමයි. පංච මහා විල් අතරින් දෙවැනි තැන ගන්නා Huron විලේ කොනක තියෙන මේ දූපත වර්ග කිලෝමීටර 2766 ක් විශාලයි . මේ වන විට මේ දූපතට භාවිත වන නම Manitoulin Island . Ojibwe ගෝත්‍රික භාෂාවෙන් " Cave of the Spirit" කියන තේරුම තියෙන Manidoowaaling කියන වචනය ප්‍රදේශය ගවේෂණය කළ ප්‍රංශ ජාතිකයන් භාවිතයට හදාගෙන තිබුණේ එහෙමයි.
අපි කලින් දවසේ නවාතැන් අරගෙන හිටි Sault Ste marie ඉඳලා පැය හතරක වාහන ගමනකට පස්සේ අපි Manitoulin Island එකට ආවේ Little Current Swing Bridge එක හරහා. දූපතට වසර පුරාම එන්න යන්න පුලුවන් එකම මාර්ගය තියෙන්නේ මේ හරහා. ඒත් මැයි ඉඳන් ඔක්තෝබර් කාලයේදී Tobermory ඉදන් ක්‍රියාත්මක වන වරකට වාහන 140 ක් සහ මගීන් 638 දෙනෙක් ගෙනියන්නට පුළුවන් Chi-Cheemaun පාරුව මගින් ඔබට මේ දූපතට යන්නත් පුළුවන්.
ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයෙන් Manitoulin දූපතට යන්නෙ අපි හැරුනේ Espanola නගරයේදී. Frise Espanol කියන ස්පාඤ්ඤ ජාතිකයා Ojibwe කාන්තාවක් විවාහ කරගත්තායින් පස්සේ දිංචි වුණු මේ ප්‍රදේශය වඩාත් දියුණු වුණේ පිහිටුවා තිබුණු Pulp & Paper Mill එක හන්දයි.
Little Current Swing Bridge
Hwy 6 සහ මැනිටියුලින් දූපත යාකරන අඩි 368 ක් දිග මේ පාලම 1912 දී ඉදිකර තිබෙන්නේ Algoma Eastern Railway සමාගම මගින්. පංච මහා විල් හරහා දැව ගල්ලඟුරු , යපස් වැනි බොහෝ දේ ප්‍රවාහනය කෙරුණු ඒ කාලයේ පාලම දුම්රියක් ගමන් කරන වෙලාවලදී පමණක් දෙකොන සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වුණා. කාලයත් එක්ක සිදුවුණු වෙනස්කම් එක්ක රථ වාහන භාවිතය වැඩිවුණු හින්දා 1946 දී මේ පාලම වාහන ගමනාගමනය සඳහා යොදාගන්න පුළුවන් විදිහට සංවර්ධනය වුණා.
අද වෙනකොට මේ ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය නැවතිලා ඒ වගේම නාවික ගමනාගමනයත් අඩුවෙලා .ඒ හින්දා තනි මං තීරුවේ මේ පාලම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ දූපතට ඇතුළු වෙන්නත් පිට වෙන්නත් තමයි. තවමත් ශීත කාලයේ දී හැර අනික් කාලවල දීවා කාලයේ සෑම පැයකම පළමු විනාඩි 15 පාලම නාවික ගමනාගමනය සඳහා විවෘතව තැබෙනවා. කලින් ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වුවත් මේ වන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය පාලමේ හැරවුම බලන්න වටින දෙයක්. ඒ සඳහා ඔබට වෙනම වෙන්කල ප්‍රදේශයක් තිබෙනවා.
 පාලමෙන් ඇතුළු ඇතුළු වුනු ගමන්ම තියෙන සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඔබට දූපත තුළ කරන්නට පුළුවන් ක්‍රියාකාරකම් ගැන තොරතුරු දැනගන්නට පුළුවන් හොඳ සම්පතක්.  ගෝත්‍රික පාලන ප්‍රදේශයක් හින්දා ඒ අය අන්තර්ජාලයට බොහෝ තොරතුරු යාවත්කාලීන කරලා නැහැ . සමරු සේයාරූ ගන්නත් ඔබේ ගමන සැලසුම් කරගන්නත් මෙතැන නැවතිලා යන එක හොඳයි.

Cup & saucer Trail
 ඇවිදින්න,  බයිසිකල් පදින්න කැමති කෙනෙකුට මේ කිලෝමීටර් 12 ක  මං පෙත සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි බලන්න යන්න පුළුවන්.  තරමක් තද බෑවුම තිබෙන මෙය  ටිකක් දුෂ්කර ගමනක් විදියට හඳුන්වන්නත් පුළුවන් වුනත් අමාරුවෙන් හරි උඩට ගියාම ඔබ දකින දසුන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.  පැරැණි ගල් කොරියක් අසලින් යන මේ ඇවිදින මං පෙත   ඔන්ටාරියෝ පලාතේ ජනප්‍රියතම  ඇවිදින මං පෙත් අතරින් එකක්.  මීට අමතරව තවත් ඇවිදින මං පෙත්  රැසක් ම මේ දූපතේ තියෙනවා.

 වර්ග කිලෝමීටර් 104  ඉඩක් වසා සිටින මේ විල ලෝකයේ මිරිදිය දූපතක් තුළ තිබෙන විශාලතම විල හැටියටයි වාර්තා පොත්වල තියෙන්නෙ. විවිධ ප්‍රමාණයන්ගේ විල් දාහක් විතර තියෙන  මේ දූපතේ බලන්න වටින තැනක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.

 Lighthouses in Manitoulin Island
Lighthouses in Manitoulin Island
 අතීතයේ දැව කර්මාන්තය විශාල වශයෙන් සිදුවුනු ඉසව්වක් වගේම ඒවා ප්‍රවාහනය සඳහා නාවික ගමනාගමනය ක්‍රියාත්මක වුනු නිසා පැරැණි ප්‍රදීපාගාර රැසක්ම  මේ දූපතේ තියෙනවා.  ඔබටත් ඉන් කිහිපයක් ඔබේ ගමනට එකතු කරගන්න පුළුවන්.

Bridal Veil Falls
 Hwy 540 අද්දරම තියෙන අඩි 35 ක් උස මේ  දියඇල්ල බලන්න වටින එකක් . දිය ඇල්ල වැටෙන තැන බේසමක් වගේ ප්‍රදේශයේ පීනන්න,  නාන්න වගේම මේ දිය ඇල්ල යටින් එක කොනක ඉඳන් අනිත් කොනට යන්නත් ඔබට පුළුවන්.
Hwy 540 අද්දරම තියෙන අඩි 35 ක් උස මේ  දියඇල්ල බලන්න වටින එකක් . දිය ඇල්ල වැටෙන තැන බේසමක් වගේ ප්‍රදේශයේ පීනන්න,  නාන්න වගේම මේ දිය ඇල්ල යටින් එක කොනක ඉඳන් අනිත් කොනට යන්නත් ඔබට පුළුවන්.

Pow Wow Festival
 Wiikwemkoong ගෝත්‍රික ජන ගායනා,  නැටුම් වගේම ඔවුන්ගේ කෑම බීමත් අගෝස්තු මාසයේ මුලදී පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සංදර්ශනයේදී ඔබට දකින්නට පුළුවන්.
Wiikwemkoong ගෝත්‍රික ජන ගායනා,  නැටුම් වගේම ඔවුන්ගේ කෑම බීමත් අගෝස්තු මාසයේ මුලදී පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සංදර්ශනයේදී ඔබට දකින්නට පුළුවන්.
Manitoulin Eco park
 ඔබට ආකාශ වස්තු නිරීක්ෂණය සඳහා උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ දූපත රැයක් ගත කරන්න වටිනවා. ජනශුනය රක්ෂිත කලාපයක් හින්දා මේ ඉසව්වේ Light pollution  එක හරිම අඩුයි.මෙය කැනඩාවේ Royal Astronomical Society  මගින් සහතික ලත් කැනඩාවේ තිබෙන හොදම ආකාශ වස්තු  නිරීක්ෂණ ස්ථාන වලින් එකක්. ඒ පිළිබඳ දැනුමැති අයගේ උදව් ඇතිව  දුර දක්නවලින් අහස බලමින් කූඩාරමක හරි කැබින්  එකක හරි කාලය ගත කරන එක අපූරු අත්දැකීමක්. ඊට අමතරව  ගිම්හාන කාලයේ වගේම ශීත කාලයේ වෙනස්ම කඳවුරු අත්දැකීමක් ලබන්නත් පහසුකම් මෙතන තියෙනවා.

Manitoulin Island Beaches
 ආයෙමත් වතාවක් පාරුවෙන් ඇවිත්,  කූඩාරමක ඉඳගෙන රෑ අහස බලන රැයක් ගත කරන සිතිවිල්ල ඇතිව අපි Sudbury වල අපේ ඊළඟ නවාතැනට පිටත් වුනා.
ආයෙමත් වතාවක් පාරුවෙන් ඇවිත්,  කූඩාරමක ඉඳගෙන රෑ අහස බලන රැයක් ගත කරන සිතිවිල්ල ඇතිව අපි Sudbury වල අපේ ඊළඟ නවාතැනට පිටත් වුනා.
ලබන මාසයේදී පතල් කර්මාන්තයේ පතල Sudbury නගරයේදී හමුවෙමු.
අනුරුද්ධ වැලිගමගේ
 සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

.jpg)

.jpg)
බොහෝම ස්තූතියි විස්තර යට. මේ දූපතට ගිහිල්ලා තිබුනාට මෙච්චර විස්තර නම් දැනගෙන හිටියෙ නෑ. දැන් ආයෙම යන්න ආසයි.
ReplyDeleteලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් ආයෙමත් ගිහින් බලන්න.
Deleteමම ආසම කරන වර්ගයේ සටහනක් මේ. ගොඩක් වැදගත්. වටිනවා.
ReplyDeleteජයවේවා !!!
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteතේරවිල්ලක් වගේ...
ReplyDelete"විලක් තුල දූපතක් - දූපතක් තුල විලක්"
ඩ්රැකී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් නේන්නම්.
Deleteආලෝක දූෂණය නැත් නම්, කණාමැදිරියො ඇති රංචු ගණං...?
ReplyDeleteඩ්රැකී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මම කැනඩාවේදී කණාමැදිරියෝ දැකලා නැහැ. ඒ ගැන හොයල බලන්න ඕන. අනිත් එක ඔය ආකාශ වස්තු නිරීක්ෂණය වෙනමම විෂයක්. ඒකට අවශ්‍ය ආම්පන්න ගන්න , දැනුම එකතු කරගන්න සහ දුර ගිහින් කාලය ගෙවන්න තව කාලයක් බලා ඉන්න වේවි. දුවලා ඉගෙනීම ඉවර කලාම වෙලාව ලැබේවි කියලා හිතනවා. බලමු.
Deleteඔය තියෙන්නේ විස්තරේ අපිත් ගියා වගේ වෙන්ඩ
ReplyDeleteඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. එහෙම නම් හොදයි. රොහාන් ඩිරෙක්ස් ගේ සංචාර වෙබ් එකටත් ගොඩවෙලා බලන්න. රොහාන් ලෝකෙ ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා. https://www.sanchara.lk/blog
Deleteහරිම ලස්සන ප්‍රදේශයක් නේ....පිරිසිදු සහ නිහඩ බව පින්තූරවලින්ම දැනෙනවා....අර පාලම ගැන වැඩි විස්තර දැන්ගන්න උනන්දුවක් ඇතිඋනා... Mayya
ReplyDeleteමය්යා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. පහතින් දැක්වෙන දිගු ඔබට වැඩි විස්තර සදහා උදව් වේවි .
Deletehttps://en.wikipedia.org/wiki/Little_Current_Swing_Bridge
https://historicbridges.org/bridges/browser/?bridgebrowser=ontario/littlecurrent/
https://roadstories.ca/manitoulin-island/manitoulin-island-little-current-swing-bridge/
https://www.youtube.com/watch?v=6Selb5dK5DY
මනත් ගියා වගේ දැනෙනවා කියවල ඉවර කලාම...ඒ පින්තූර ටිජත් ලස්සනයි...ස්තූතියි අපි එක්ක බෙදා ගත්තාට..
ReplyDeleteසඳවතී , ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
Delete