මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
මයිකල් ආන්ජිලෝගේ සුප්‍රකට නිර්මාණ සහිත අංශය සහන්ගේ සිත පහර ගත්තායි කිව හැකිය.ඔහුට සිතුණේ නැවත වරක් වැඩි කාලයක් ගත කරන්නට මෙහි ආයුතුය වැනි හැගීමකි.කිරිගරුඩ එම ප්‍රතිමාවන්ට වඩා ඉසුරුමුණි පෙම් යුවල ගල් කැටයම් ඉදිරියෙන් සිටිනු මැවී පෙනුණේ අලුත් සිංහල ගීතයක ඉළුක් සෙවිකල පැල්පතක් ඉදිරිපිට පැදුරක් එලා තනිකඩ නිර්මාණ ශිල්පියා ඉසුරුමුණි පෙම් යුවල නිර්මාණය කරන ආකාරයයි.
පැරිසියේත් , ලංකාවේත් ගතකළ කාලය දැන් අවසන්ය. නිවාඩුවෙන් පසු සුපුරුදු රැකියාවට යායුතුය. අයිපල් කුළුන මුදුනින් , සිගිරි පව්ව මුදුනින් , රුවන්වැලි සෑය කොත අද්දරින් , නොට්‍රෙදාම් පල්ලිය දකුණු පසින් සඳ පායද්දි ඒවා කෙතරම් සොදුරුදැයි සේයා රු පෙරලා බලද්දී පෙනේ. සේයා රු මතක අවදි කරන අයුරු අපුරුය. කැලැන්ඩරයේ දවසින් දවසට දින අතීතයට යද්දී ලොවට ඉතිරි වන්නේ අනර්ඝ කලා නිර්මාණයන් පමණි. ලෝකයේ කොයි ඉමේ සිටියත් කලින් කලට සංචාරය කරන පරපුරෙන් පරපුරට ඒවා රසවිදින්නට පුළුවන් වන්නේ සංරක්ෂණය කල ඇති විටෙක පමණි
මෙම කෙටිකතාවේ ශ්‍රව්‍ය රසවින්දනය
කෙටි කතාව…..
සැසදීම …..
සහන් සහ පවුල රැගත් ගුවන්යානය චාර්ල්ස්
ඩි ගොල් ගුවන් තොටුපොලින් ගුවනට නැගුණේ දැන් පැය බාගයකට කලිනි. ගමන් වෙහෙස නිසා
නිදන බිරිදත් දරු දෙදෙනාත් සහන්ට පෙනේ. සහන්ට නිදිමතක් දැනුනේම නැත. චැනලයන් කිහිපයක්
පෙරලමින් බැලුවද බලන්නට හිත ගත් චිත්‍රපටයක් ද නැත.
සීගිරියේ රුව සහිත සංචාරක වෙළඳ
දැන්වීමක් සහන්ගේ නෙත ගැටුනේ අහම්බෙනි.සීගිරිය කවර නම් අරුම පුදුම නිර්මාණයක් දැයි
සහන් සසදා බලන්නට වුයේ පැරීසියේදී අත්විඳි සංචාරයේ මතකයන් සමගිනි. ලෝ
පතල පැරීසියේ අයිපල් කුළුනත් , සීගිරියත් සසදා බලන කල අයිපල් කුළුන
සීගිරියට වඩා මදක් උසින් වැඩි නව ලෝකයේ කෘතීම නිමැවුමකි. ලෝකයේ වැඩිම සංචාරක
පිරිසක් සැරිසරන පෙම්වතුන්ගේ පාරාදීසය බවට පැරිසිය පත් කරන්නට මේ ලෝහමය අටල්ල මෙතරම් දුරක් යතැයි කිසිවෙක්
නොසිතන්නට ඇත. පැරිස් නගරයේ ඇති උසම තැන වන එහි මුදුනට ගොස් වටපිට බලන්නට සංචාරකයන්
දක්වන්නේ පුදුම ආසාවකි .සෙයින් නදිය අසබඩ මනරම් පරිසරයක පිහිටි අයිපල් කුළුන
පැරිසිය සහ ප්‍රංශය ලොවට නිරුපණය කරන සංකේතයකි. රාත්‍රියේදී විදුලි බුබුලින් ආලෝකමත් කලවිට එහි මැවෙන අපුරුව වචනයෙන්
විස්තර කල නොහැකි චමත්කාරයක් දනවයි.
සඳරැස් වැටුණු විට ගඟදිය සමග එහි
අසිරිය වැඩිවී පෙනේ.සීගිරිය සියවස් ගණනාවක් පැරණි ස්වභාවික පර්වතයක් නමුදු කාශ්‍යප
රජතුමන් සමයෙහි එය සිංහයෙකු මෙන් දිස්වන පරිදි හැඩතල කල බවට ඉතිහාසය කියයි. නටබුන්ව තිබී මතුකළ දියඅගල හා ගොඩනැගිලි
සංකීර්ණය පෙර පරිද්දෙන් තිබුණේ නම් එය පැරීසියේ වර්සායි මහ මැදුර පරදවන වග සහන්ට
සිතුණි .
වර්සායි මැදුරට යාබද මල්වත්ත සැගවුණු
ඉතිහාස රහස් රැසක් කැටිවූ මනරම් උදයානයකි . එදා වාදක කණ්ඩායමක් මිහිරි නාද වැයූ අද
නවීන තාක්ෂණය භාවිතයෙන් සංගීතවත් කරන ලද සුන්දර සුවිසල් ප්‍රදේශයකි.වසර තුන්සියයකට
වඩා පැරණි ඉතිහාසයකට උරුම එහි විසු මේරි ඇන්ටනොට් බිසව පොදු ජනතාවට කියූ "පාන්
නැත්නම් කේක් කාපල්ලා " කියමන ප්‍රංශ විප්ලවයේ උච්චතම අවස්ථාවට පාර කැපූ බව
ප්‍රකට කරුණකි. ලංකාවේ මෙන් වෛරයෙන් විරුද්ධවාදීන්ගේ දේපල විනාස කිරීමක් නොවූ
බැවින් අදද එය සංචාරකයන් තුල මනස්කාන්ත අත්දැකීමක් ජනිත කරවයි. සීගිරිය අසබඩ වූ වැවත් සීගිරි පව්වේ සෙවණ
ලබමින් වැඩුණු ගස් වැලුත් එදා ලංකාවේ එවන් මනස්කාන්ත මල්වත්තක් නිර්මාණය කරන්නට
ඇතිවග සහන්ට සිතිණි .
"
ඔයාට මහන්සි නැද්ද " සරසි
සහන්ගෙන් ඇසුවේ ඔහු අවදිව සිටින වග දැනුණු නිසාය. ඇය අනෙක් පස හැරී යලි නින්දට
වැටුනාය.
නොටර්ඩම් මහ පල්ලියද පැරිසියේ ඇති අගනා
සංචාරක ආකර්ෂණයකි. එම විසල් ගොඩනැගිල්ල හා ප්‍රතිමාවන් නිසඟ කලා හැකියාවෙන් පිරි
මුර්ති හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් මොනවට පෙන්වන කැඩපතකි. සහන්ට අනුරාධපුර මහමෙවුනා උයනේ ඇති සමාධි
පිළිමය අපුරුයි සිතිණි .එහි ඇති ශාන්ත පෙනුම කොයි දිශාවෙන් මුහුණ දෙස බැලුවත්
නොවෙනස්ව අදත් දැකිය හැකිය. සුවිසල් නව මහල් ලෝවාමහාපාය අද ඉතිරිව තිබුණේ නම් එය
මේවා පරයා නැගිසිටිනු ඇතැයි සහන්ට සිතිණි . මිනිසුන් හොද මිනිසුන් කරන්නට සෑම ආගමක්ම වෙහෙසෙන අතරේ තම අභාෂයන් මත
විසල් පුජනීය ස්ථාන තනන්නට ඒ ඒ යුගයන්හිදී ජනතාව පෙළඹුණු බව ඒ නිර්මාණ සාක්ෂි
දරයි. මොනාලිසා චිත්‍රය බලන්නට පිරිස්
රැස්කකා හිදින බැවින් අනෙකුත් දෑ බැලීම පසෙකලා සහන් සහ සරසි දුවරුන් කැටුව පළමුව
දිවගියේ මධ්‍ය කාලීන ඉතාලි චිත්‍ර අංශයට . මහත්සේ අගයන මදහසින් පිරි වංශවත් ඉතාලි
කුල කාන්තාවකගේ සුවිසල් චිත්‍රයක්
බලාපොරොත්තුවෙන් ගියමුත් බිත්ති වසාගත්
සුවිසල් චිත්‍ර අතරේ දකින්නට ලැබුනේ නිවෙස්වල එදිනෙදා එල්ලා තිබෙන තරමේ
සිතුවමකි.එහෙත් ලියනාඩෝ ඩා වින්චි ගේ ප්‍රතිභාවෙන් පිරි එහි කොයි දිශාවෙන් බැලුවත්
ඇගේ සිනාවෙහි නම් වෙනසක් වුයේ නැත. මෑතකදී
සිනමාහල් වල තිරගත වූ ත්‍රිමාණ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණය වූ ඩාවින්චි එම
සිතුවම අදින අවස්ථාව සහන්ට සිහිපත් විය. සීගිරි ගලේ එක් පසෙක අව් වැසි සුළං
මැද්දේ විරාජමාන වන සිගිරි ලලනාවන් කාල පරාසය හා සසදා බලද්දී කෙතරම් උසස් තත්වයක
ඇත්දැයි කෙතරම් වර්ණවත් දැයි සහන්ට සිතිනි. ලුවර් කෞතුකාගාරයේ ඇති මධ්‍ය කාලීන
යුරෝපීය සිතුවම් තුලින් මතුකරන ලාලිත්‍යයෙන් පිරි කාන්තාවන් දියුණු අද සිටින
නිරූපණ ශිල්පීන් පරදවන වග සහන්ට සිතිනි.
මයිකල් ආන්ජිලෝගේ සුප්‍රකට නිර්මාණ
සහිත අංශය සහන්ගේ සිත පහර ගත්තායි කිව හැකිය.ඔහුට සිතුණේ නැවත වරක් වැඩි කාලයක් ගත
කරන්නට මෙහි ආයුතුය වැනි හැගීමකි.කිරිගරුඩ එම ප්‍රතිමාවන්ට වඩා ඉසුරුමුණි පෙම්
යුවල ගල් කැටයම් ඉදිරියෙන් සිටිනු මැවී පෙනුණේ අලුත් සිංහල ගීතයක ඉළුක් සෙවිකල
පැල්පතක් ඉදිරිපිට පැදුරක් එලා තනිකඩ නිර්මාණ ශිල්පියා ඉසුරුමුණි පෙම් යුවල නිර්මාණය කරන ආකාරයයි.
පැරිසියේත් , ලංකාවේත් ගතකළ කාලය දැන් අවසන්ය. නිවාඩුවෙන් පසු සුපුරුදු රැකියාවට
යායුතුය. අයිපල් කුළුන මුදුනින් , සිගිරි පව්ව මුදුනින් , රුවන්වැලි සෑය කොත අද්දරින් , නොට්‍රෙදාම් පල්ලිය දකුණු පසින් සඳ පායද්දි ඒවා
කෙතරම් සොදුරුදැයි සේයා රු පෙරලා බලද්දී පෙනේ. සේයා රු මතක අවදි කරන අයුරු අපුරුය.
කැලැන්ඩරයේ දවසින් දවසට දින අතීතයට යද්දී ලොවට ඉතිරි වන්නේ අනර්ඝ කලා නිර්මාණයන් පමණි. ලෝකයේ කොයි ඉමේ සිටියත්
කලින් කලට සංචාරය කරන පරපුරෙන් පරපුරට ඒවා රසවිදින්නට පුළුවන් වන්නේ සංරක්ෂණය කල
ඇති විටෙක පමණි.
ගුවන් සේවිකාවන් ආහාර බෙදන්නට වුයෙන්
සහන් මතක ලොවින් පියවි ලොවට විසිවිය. කෑම සඳහා සුදානම් වන්නට සහන් , සරසිටත් , දුවරුන් දෙදෙනාටත් අවදි කරවන්නට විය.
අනුරුද්ධ වැලිගමගේ
දින නැති දිනපොත .... සවන රේඩියෝ කෙටිකතාව ...
කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝව
http://sawana.ca/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
No comments:
Post a Comment