![Image result for couple in nature](https://image.freepik.com/free-photo/couple-honeymoon-nature-happiness-romance_1150-1457.jpg)
අපි යොවුන් වියට යනවා
මතක පිටු රොත්තක් පෙරලනවා
හීන පාලමක් දිගේ……………
අපි අතීතයට යනවා
හිතින් තරු අතකුරු කියවනවා
සඳපානේ හිනැහෙනවා
පුදීන ගොයමේ පුසුඹ මතකයෙන්
අපි අතීතයට යනවා
වෙල් එළියේ දුව පනිනා
ගන් දැලේ පෙම් කෙළිනා
රසම රස මතකයන් ඔස්සේ
අපි අතීතයට යනවා
අනුරුද්ධ වැලිගමගේ
![Image result for couple in nature](https://d2v9y0dukr6mq2.cloudfront.net/video/thumbnail/E3B4x7iFxik72selm/couple-of-lovers-walk-in-nature-blossom-red-poppies-field_ndjk9r6sl__F0000.png)
👍👍👍👍
ReplyDeleteමම ඔබේ ප්‍රතිචාරය දැක්කේ නැහැ . සමාවෙන්න . බොහොම ස්තුතියි අගය කිරීමට
DeleteNice. Enjoyed! Keep composing!
ReplyDelete