මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 2, 2018

බණ්ඩත්තා ........කෙටිකතාව .....අනුරුද්ධ වැලිගමගේ.....රේඩියෝ කෙටිකතාව

Image result for first ctb bus

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

සුක්කානම වට කිහිපයක් කරකවමින් බසය හරවන , දිගු ගියර් ලීවරය උස් පහත් කරමින් වේගය වෙනස් කරන බණ්ඩත්තා ගේ ක්රියාවලිය පුංචි සුනිල්ට නම් මහා   විස්මයකි . සුනිල්ගේ ලෝකය තුල බණ්ඩත්තා වීරයෙකු වන්නේ එහෙයිනි . ගමන අතරතුර වහලයේ සවිකර ඇති අතින් අදින ලණුවකින් ක්රියාත්මක වන පිත්තල සීනුවටත් , සමහරු වචනයෙන් කියන " අනේ  මාව  අර  මාර ගහ ගාවින් දාල යන්නකෝ "ඉල්ලීම් වලටත් සුදානමින් සිටින අද මෙන් නොව කෑලි ගාණට මගීන් ගණන් නොගත් එකල බස් නැවතුමෙන් පිටදී වුවත් මගීන් නංවා ගන්නා හෝ බස්වා ගත් කාරුණික ප්රජා සේවකයෙක් වුයේ එහෙයිනි . දිනක් ලොකු මාමා ලොකු වුනාම කවුද වෙන්න කැමති යැයි ඇසූවිට " බණ්ඩා අත්තා වගේ බස් ඩ්රයිවර් කෙනෙක් වෙනවා " යැයි සුනිල් පැවසුවේ එහෙයිනි . අවුරුද්දට මහ ගෙදරට රැස්ව හුන් පවුලේ සියල්ල්ලෝම හඩදී සිනාසුනේ ඇයි දැයි පුංචි සුනිල්ට එදා වැටහුනේ නැත . එහෙත් එදා සුනිල්ට බණ්ඩත්තා  සුපර් මෑන් බැට් මෑන්  එහා තැනක විය .



Barrie bus driver welcomes criminal-catching cameras | Simcoe.com

මෙම කෙටිකතාවේ ශ්‍රව්‍ය රසවින්දනය 


දින නැති දිනපොත .... සවන රේඩියෝ කෙටිකතාව ...


බණ්ඩත්තා ........කෙටිකතාව .....අනුරුද්ධ වැලිගමගේ.

බණ්ඩා අත්තා පිළිබද සිතුවිලි වලට සුනිල් පිවිසෙන්නේ සිය දියණිය කල රියැදුරා සුක්කානමේ අත තබාගත යුතු අයුරු පිළිබද කතිකාවතක් නිසාය .
සුනිල්ගේ මතකය දිවගියේ හැත්තෑව දශකයේ අග භාගය වෙතය . එකල සුනිල් පලවෙනි පන්තියට පාසැල් යාම සදහා නගරයේ පාසැල වෙත ගිය සමයයි . පාසැල් බස්රථ , වෑන් රථ තබා පෞද්ගලික බස්රථ පවා නොතිබූ එකල සියළු මගී සහ සුළු භාණ්ඩ ප්රවාහනය කෙරුනේ අගනා මෙහෙයක් කල රතු පාට ඇලුමිනියම් බස්රථ වලින් ලංගම (ලංකා ගමනා ගමන මණ්ඩලය ) මගින් ධාවනය කෙරුණු බස් සේවාව මගිනි . බෙන්ස් , ටාටා සහ ඉසුසු බස්රථ වලින් පිරි ලංගම  බලඇණිය කුකුළා හඩලන හිමිදිරියේ සිට මැදියම් රැය වනතුරු අඛණ්ඩ , විශ්වාස වන්ත  සේවයක් ඉටුකල අයුරු එදා අත්දැකීම් ලද කාහට වුවද සිහිපත් වනු නියතය .




SRI LANKA BUSES Sep 22, 2018 - YouTube

සරලවම කියතොත් බණ්ඩා අත්තා ලංගම බස් රථයක් පැදවූ රියදුරු මහතෙකි . මව් පාර්ශවයෙන් සුනිල්ගේ නෑදෑ වන සීයා කෙනෙකි . දැන් අපි දකින රියැදුරන්ට වඩා ප්රබල  පෞර්ෂයකින් පිරි සැබෑ මානව හිතවාදියෙකි . පාරිභෝගික සේවා පාඨමාලා , වැඩමුළු වලට සහභාගී නොවුවාට අංක එකේ ගණුදෙනු කාර සේවාවක් කල ගමත් නගරයත් එක්කල පාලම වුයේ ඔහුය .

නගරයේ සිට සැතපුම් පහ හයක දුරින් පිහිටි  ගම පසුකර යන බසයේ එක් රියැදුරෙකු වුයේ බණ්ඩා අත්තාය . නගරයේ සේවය කල සුනිල්ගේ පියා දවල්ට පාසැල නිමාවූ විගස සුනිල්ව කැටුව විත් බස් පර්යන්තයෙන් ගොඩ කරන්නේ බණ්ඩා අත්තා පදවන බසයටය . බුලත් විටක් හපමින් කොන්දොස්තර මහතා සිටින  කුටිය අසලින් හිදින ඔහු සුනිල්ගේ පියා බසය පිටත්වන තුරු නැවතී සිටින්නට සුදානම් වන විට කියන්නේ " මහත්තය  යන්න  මම  පුතාව  හරියට  උයන්දන  හන්දියෙන්  බස්සනම්කො " කියාය .

බණ්ඩා අත්තා එලවූ බසය පරණ බෙන්ස් වර්ගයේ එකකි.ලංගමය පිහිටවූ අලුත බල ඇණියට එකතු වූ එකකි . රතු , කහ , නිල් පැහැයෙන් වර්ණ ගැන්වුණු ලාංචනය දරමින් උජාරුවෙන් බලා හිදින්නේ තම ගමන යන්නටය . සුවිසල් සුක්කානමත් , පත ගියර් පොල්ලත් ඇති බස් රියේ වම්පස බැටරි පෙට්ටියට උඩින් බඩු ගෙනයාම සදහා ඇති ඇලුමිනියම් පටි වලින් ආවරණය කල පෙට්ටියකි . ගම්මු නගරයෙන් මිලදී ගන්නා දෑ බහාලන්නේ එහිය . අද මෙන් නොව එදා බස්රථ වල මැද විශාල එන්ජිමක්ද , විශාල ගියර් ලීවරයක්ද , සුවිසල් සුක්කානමක් විය . සුනිල්ගේ පියා පවසා ඇති පරිදි සුනිල් හිටගන්නේ බණ්ඩා අත්තාගේ ආසනය පිටුපස ඇති කුඩා වීදුරු බිත්තියට හේත්තු වීය . එවිට මන්නාරමේ හෝ කල්පිටියේ කරවල වාඩි සදහා ළමයින් ගෙනයන ගෝනි බිල්ලන් ගෙන් පරිස්සම් වන්නටත් , බණ්ඩා ආතට සුනිල්ව නියමිත බස් නැවතුමෙන් බස්වා යන්නටත් අපහසු වන්නේ නැත .

Image result for old ctb bus



කොටු සරමක් , සුදු කමිසයක් හැද සිටින බණ්ඩා අත්තා නියමිත වෙලාවට තම ආසනයට පැමිණ බසය පණ ගන්වයි . වටපිට බලා තවත් කිසිවෙකු නැතැයි තහවුරු කරගන්නා කොන්දොස්තර තැන " හරේ " ගාමින් වේදිකාවේ තමන්ගේ කුටියෙන් විත් පස්සා දොරින් නැග ගන්නේ බසයට යන්නට සන් කරමිනි . බසය වේදිකාවෙන් පරිස්සමට එලියට ගන්නා බණ්ඩා අත්තා සෙමින් ප්රධාන මාර්ගය දක්වා ධාවනය කරන්නේ   අතරමගදී පමාවී පැමිණෙන කිසිවකු වේ නම් ගොඩවන්නට ඉඩ හැරීමටය .

සුක්කානම වට කිහිපයක් කරකවමින් බසය හරවන , දිගු ගියර් ලීවරය උස් පහත් කරමින් වේගය වෙනස් කරන බණ්ඩත්තා ගේ ක්රියාවලිය පුංචි සුනිල්ට නම් මහා   විස්මයකි . සුනිල්ගේ ලෝකය තුල බණ්ඩත්තා වීරයෙකු වන්නේ එහෙයිනි . ගමන අතරතුර වහලයේ සවිකර ඇති අතින් අදින ලණුවකින් ක්රියාත්මක වන පිත්තල සීනුවටත් , සමහරු වචනයෙන් කියන " අනේ  මාව  අර  මාර ගහ ගාවින් දාල යන්නකෝ "ඉල්ලීම් වලටත් සුදානමින් සිටින අද මෙන් නොව කෑලි ගාණට මගීන් ගණන් නොගත් එකල බස් නැවතුමෙන් පිටදී වුවත් මගීන් නංවා ගන්නා හෝ බස්වා ගත් කාරුණික ප්රජා සේවකයෙක් වුයේ එහෙයිනි . දිනක් ලොකු මාමා ලොකු වුනාම කවුද වෙන්න කැමති යැයි ඇසූවිට " බණ්ඩා අත්තා වගේ බස් ඩ්රයිවර් කෙනෙක් වෙනවා " යැයි සුනිල් පැවසුවේ එහෙයිනි . අවුරුද්දට මහ ගෙදරට රැස්ව හුන් පවුලේ සියල්ල්ලෝම හඩදී සිනාසුනේ ඇයි දැයි පුංචි සුනිල්ට එදා වැටහුනේ නැත . එහෙත් එදා සුනිල්ට බණ්ඩත්තා  සුපර් මෑන් බැට් මෑන් එහා තැනක විය .

An OLD Sri Lanka CTB Bus | Older CTB vehicles wear a combina… | Flickr

සුනිල්ගේ මතකය නිවැරදි  නම් බණ්ඩත්තාගේ නම  කිරිබණ්ඩා . උදැසනින්ම පාපැදියෙන් බස් ඩිපෝවට යන බණ්ඩත්තා බසය සෝදා පුද සත්කාර කොට එය පාරට ගන්නේ  පළමු ගමන් වාරය සදහාය . අද  මෙන් ගොෂාවක් නොතිබුණු එකල මගීන්ට බසය එන බව දැනගන්නට හැකි වුයේ හැතැප්මක් පමණ ඈතින් කන්ද නගින හඩ ඇසෙද්දීය . අනුව පාරට එන මගීන් බොහෝ විට ගුරුපාර තාර දැමූ මහපාරට වැටෙන හන්දිවල රැස්වී සිටියේ බසයට නගින්නටය . ගමෙන් නගරයට දිනපතා වැඩි දෙනෙක් නොගිය එකල සුනිල් සුවිශේෂ කෙනෙකුද විය .   ගමෙන් නගරයේ  පාසැලකට ගිය ළමුන් කිහිප දෙනාගෙන් කෙනෙකු වීම නිසාය . බොහෝ දිනවල තාත්තා සමග පාපැදියෙන් නගරයට යන සුනිල්ට තාත්තා හවස් වරුවේ  හෝ රාත්රී වැඩ මුරයේ සිටියේ නම් බසයේ පිහිට පතන්නට සිදුවිය . බොහෝම සුළු මුදලකට ගත හැකි වූ වාර ප්රවේශ පත්රය නැත්නම් සීසන් ටිකට් එක  නිසා ගමන තාත්තා ට වැඩි  බරක් වුයේද නැත . අද  මෙන්  නොව  එදා ගම් වල එකිනෙකා හොදින් දන්නා නිසා ආරක්ෂාව පිළිබද ගැටළුවක් වුයේද නැත .

නිවාඩු දිනවලදී කුඹුරු කොටන , ගමේ  උත්සව අවස්ථාවලදී , පන්සලේදී නිතර හමුවන බණ්ඩත්තා ගමේ මිනිසුන්ට නගරය පිළිබද තොරතුරු  දැනගන්නටත් යම් දෙයක් නගරයෙන් ගෙන්වා ගැනීමටත් සිටි විශ්වෂාවන්තයෙකි . අද  මෙන් බට්ටා , කුඩා  ලොරි , ත්රිරෝද රථ නොතිබූ එකල බයිසිකලයේ ගෙනයාමට අපහසු යමක් ගෙන  ආවේද බසයේ කලින් කී බඩු පෙට්ටිය තුල තබාගෙනය . වැඩි මගී පිරිසක් ගෙනයාම සදහා අද එතැන ඇත්තේ තවත් අසුනකි .

බණ්ඩා අත්තා අද මිය ගොසිනි . එදා අරුම  පුදුම අජීවී වස්තුවක් වුණු බෙන්ස් බස්රථය පසුකාලීනව ජරාජීර්ණ වූ දේශපාලන ක්රමය තුල ජීවත්ව සිටියදීම පරණ යකඩ වලට විකුණු බව ඔහු ජීවත්  සිටියදී කී  බව  සුනිල්ට මතකය . කාලයත්  සමග විපර්යාසයකට ලක් වුණු ලංගම මගම වී නැති නාස්තිව සුදු අලියෙකුව ඇත්තේය . එහෙත් බණ්ඩා අත්තාගේ මහා රූ පකායත් , සිහින් සිනාවත් , බුලත් විට මුසු වූ කථාවත් , ගමත් නගරයත් එක්කල මහා බෙන්ස් බස් රාජයාත් තවමත් සුනිල්ගේ මතකය තුල විරාජමාන ඇත්තේ නොස්ටල්ජියානු මතකයක ශේෂ ඉතිරි කරමිනි .

අනුරුද්ධ වැලිගමගේ


කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝව

http://sawana.ca/

Image result for sawana radioImage result for sawana radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Sltb bus timetable

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  


No comments:

Post a Comment