මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
"තුසිතට මාව මතකද දන්නෙ නැහැ. දැන් ඉතින් අපි දෙන්නගෙම රූපෙ වෙනස් වෙලානෙ වයසත් එක්ක . " කටහඩ මද සමීප බවක් දැනුණත් තුසිතට තවමත් නමක් මතකයට එන්නෙම නැත.
තුසිත නිහඩය.ඔහු යලිත් හඩ අවදි කලේය . " මම රනුක මතකද රාහුලේ හිටියෙ , මතකද අපි රුහුණු ළමා රඟමඩල නාට්‍ය කරන්න යනවා."
" ඇත්තමයි රනුක, උඹ හරියට වෙනස් වෙලා, රූපෙ , කටහඩ , හැබැයි කථාකරන විදිහෙ නම් කිසිම වෙනසක් නැහැ. එදා වගේමයි. උඹ කොහෙද මෙහෙ."
" අපි දැන් කලක ඉදන්ම මෙහෙ තමයි. මුලින් කොටිකටේ පදවිය ඉස්පිරිතාලෙ වැඩකලේ.අනුරාධපුරයට මාරුවෙලා අවුරුද්දක් විතර ඇති . 5 හේ වාට්ටුවේ වැඩ. මම මේ බැංකුවට තමයි එන්නෙ . සැකේට ඇහුවම දැනගත්තා උඹම තමයි කියල ." රනුක දිගටම කියවාගෙන යයි.
" ඇත්තටම අවුරුදු පහලොවකට කොච්චර දේවල් වෙනස් වෙලාද ? මට මතකයි භීෂණය කාලෙ තාත්තලා අපි අරන් කොළබට ආපු හැටි .... ඉතින්....ඉතින්.... " තුසිත සහ රනුක අතර දිගු කතාබහ නිමාවුයේ රනුකගේ නිල නිවාසයට කෑමකට කල ආරාධනාවත් සමගිනි.
මෙම කෙටිකතාවේ ශ්‍රව්‍ය රසවින්දනය
පසුබිම
2005 වසර......
තුසිත
නිල නිවාසයෙන් එළියට ආවේ අද
නින්ද අහලකටවත් එන බවක් පෙනුණේ නැති නිසාය. නිසසල අදුර අතරින් ඈතින් පෙනෙන්නේ විදුලි ආලෝකයෙන් දිදුළන රුවන්වැලි දාගැබයි. පසුගිය දිනවල වැසි වැටුණ නිසා හාත්පස වෙනදා මෙන් දැඩි රස්නයක්ද නැත. මොකද මන්දා අද කවි සිතුවිලි පහල වන්නේද නැත. ගැමියෙකු හුළු අත්තක් ගෙන කොහේදෝ යනු පෙනේ. බාගදා ඔහු නුවර වැවේ මාළු බාන ධීවරයෙකු විය හැකිය. දැල් එලන්නට ඔරුවේ නැගී ඔවුන් යන්නේ රාත්රියටය. පසුගිය සතියේ සිදුවූ ත්රස්තවාදී බෝම්බ ප්රහාරය නිසා ප්රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
හුළු
එලිය දිගේ තුසිතට සිහිපත් වුයේ දෙකොන විලක්කුව යන වදනයි. දකුණේ තරුණ නැගිටීම් සමග උතුරේ ත්රස්තවාදයත් සහිතව රට පාලනය කල නායකයෙකු මේ වචනය නිතර භාවිතා කල බව තුසිතට මතකය. තුසිත බරාදයේ වූ හාන්සි පුටුවට බරවුණේ සිතුවිලි දහරට සුවසේ දුවන්නට ඉඩ දෙන්නටයි.
මුදල්
වංචාවක් පිළිබද විමර්ශන කටයුතු සිදුකෙරෙන බැවින් අගනුවර සිට අනුරාධපුර ශාඛාව ආවරණය කිරීම සදහා තුසිතට මාරුවක් ලැබෙන්නේ මාස දෙකකට කලිනි. බිරිදගෙන් , දරුවන්ගෙන් වෙන්ව ඇත දුරක නිල නිවාසයකට කොටුවුණු මේ මාස දෙකට ලද අත්දැකීම් නගරයේදී අවුරුදු ගණනාවකට ලැබෙන්නේ නැතැයි තුසිතට සිතිණි .
හුරුළු
වැව ව්යාපාරයෙන් ජලය ලබන ගලෙන්බිදුනුවැව , කැකිරාව , කටගස්දිගිලිය . රාජාංගන ව්යාපාරයෙන් මහවැලි දියවර ලබන ගල්ගමුව , තඹුත්තේගම ප්රදේශත් , මිහින්තලය , කලාවැව ,තලාව ආදී ප්රදේශත් ආවරණය කෙරුණු තුසිතගේ ආයතනයේ සේවා වපසරිය ප්රධාන බැංකු ශාඛාවට අමතරව ජංගම බැංකු රථ රැසකින් , විශාල ක්ෂේත්‍ර නිලධාරීන් රැසකින් පිරි සැමදා කාර්ය බහුල දුෂ්කර නමුත් නැවුම් අත්දැකීම් දෙන සේවා ආයතනයක්ව තිබීම නිසා දවස් ගෙවී ගියේ පුදුම වේගයකිනි .
මුදලින්
දුප්පත් නමුදු ආගන්තුක සත්කාරයෙන් පොහොසත් බහුතර ගණුදෙණු කරුවන් සමග කටයුතු කිරීමේදී සහ දවස පුරා විවිධ ඉසව් කරා යද්දී දකින මනරම් දසුන් පවුලෙන් මිදුණු කාන්සිය මදක් සමනය කලද සිතුමිණි ගෙන් සහ දියණියන්ගෙන් වෙන්වුණු ඒ කාලය තුසිතට තවමත් ජීවිතයේ හිඩැසක්ව මතක
තිබේ .
කෘෂි
ණය පිළිබද ලිපිගොනු අතරේ සිරව සිටි මොහොතක ජගත් " සර් දොස්තර මහත්තය සර්ව හම්බුවෙන්න පුළුවන්ද අහනවා."
අසමින් තුසිතගේ අවධානය බින්දේ සොපාවේ වාඩිවී සිටි මැදිවියේ තරුණ මහතෙකු දෙස අත දිගු කරමිනි. පෙනුමෙන් එක්වරම තුසිතට ඔහු ගැන මතක නොවුණත් කුතුහලය් නිසා
" හා
එන්න කියන්න " කීවේ ලිපිගොනුවට කලින් ගණුදෙනුකරු යන සේවක ප්රතිපත්තිය නිසාදැයි තුසිතට මතක නැත.
"තුසිතට
මාව මතකද දන්නෙ නැහැ.
දැන් ඉතින් අපි දෙන්නගෙම රූපෙ වෙනස් වෙලානෙ වයසත්
එක්ක . " කටහඩ
මද සමීප බවක් දැනුණත් තුසිතට තවමත් නමක් මතකයට එන්නෙම නැත.
තුසිත
නිහඩය.ඔහු යලිත් හඩ අවදි කලේය . " මම රනුක මතකද රාහුලේ හිටියෙ , මතකද අපි රුහුණු ළමා රඟමඩල නාට්‍ය කරන්න
යනවා."
" ඇත්තමයි
රනුක, උඹ හරියට වෙනස් වෙලා, රූපෙ , කටහඩ , හැබැයි කථාකරන විදිහෙ
නම් කිසිම වෙනසක් නැහැ. එදා වගේමයි. උඹ කොහෙද මෙහෙ."
" අපි
දැන් කලක ඉදන්ම මෙහෙ තමයි. මුලින් කොටිකටේ පදවිය ඉස්පිරිතාලෙ වැඩකලේ.අනුරාධපුරයට මාරුවෙලා අවුරුද්දක් විතර ඇති . 5 හේ වාට්ටුවේ වැඩ. මම මේ බැංකුවට තමයි එන්නෙ . සැකේට ඇහුවම
දැනගත්තා උඹම තමයි කියල ." රනුක දිගටම කියවාගෙන යයි.
" ඇත්තටම
අවුරුදු පහලොවකට කොච්චර දේවල් වෙනස් වෙලාද ? මට
මතකයි භීෂණය කාලෙ තාත්තලා අපි අරන් කොළබට ආපු හැටි
.... ඉතින්....ඉතින්.... " තුසිත සහ රනුක අතර දිගු කතාබහ නිමාවුයේ රනුකගේ නිල නිවාසයට කෑමකට කල ආරාධනාවත් සමගිනි.
රනුක
බොහෝ දක්ෂතා තිබු තුසිතගේ පාසැල් සගයෙකි. රජයේ ආයතනයක මුරකරුවෙකු වූ ඔහුගේ පියා සිය සොච්චම් වැටුපෙන් දරුවන් තිදෙනෙකු සමග කරන ජීවන සටන දුටු රනුකගේ වැඩිමල් සොහොයුරා උසස් අධ්යාපනය පසෙකලා යුධ හමුදාවට බැදුනේ ඔහුගේත් , සොහොයුරියගේත් යහපත පිණිසය. 1987 දී අත්සන් කෙරුණු සාම ගිවිසුමත් සමග පැන නැගුණු භීෂණකාරී වාතාවරණය ප්රදේශවාසීන්ට ගෙනදුන්නේ මහත් අමිහිරි මතක රැසකි.
තුසිත
යලිත් තමාට " දෙකොන විලක්කුව " යන වදන සිහිපත් වුයේ ඇයිදැයි කල්පනා කලේය . දෙපසම ගිනි ගන්නා පන්දම යන අරුත එහි ගැබ්ව තිබේ. ඒ සමය රනුකගේ
පවුලට දෙකොන විලක්කුවක්ම වුයේය.
රාජ්‍ය විරෝධී සංවිධාන උතුරේත්, දකුණේත් රජයට අයත් දේපල විනාශ කර දමමින් විරෝධය ප්රකාශ කලේ ඉතා දරුණු අන්දමිනි. ප්රදේශයේ තිබු ප්රාදේශීය ගුවන් විදුලි මධ්යස්ථානයට ගිනි තැබීමෙන් රනුක, තුසිත ඇතුළු පිරිසට සිය නිර්මාණ කටයුතු නවතා දමන්නට සිදුවුයේ කලින් කලට වසා දමන පාසැලට අමතරවය. ගමට යන බස්රථය ගිනි තැබීම නිසා රනුකටත් අක්කාටත් දිනපතා සැතපුම් පහක් පයින් යන්නට සිදුවුයේ අන් විකල්ප ප්රවාහන මාධ්යයක් නොතිබූ බැවිනි. උතුරේ ත්රස්තවාදීන්ට එරෙහිව දිවි පරදුවට තබා සටන් කරන තම වැඩිමල් සොහොයුරා වෙනුවෙන් ඉවසමින් ඔවුන් හොඳින් ඉගෙනීම් කටයුතුවල නිරත විය .
හමුදා
සාමාජිකයින් , රජයේ සේවකයින්, තරුණයින් ඝාතනය වෙමින් තත්වය
එන්න එන්නම දරුණු වුයෙන් තුසිතගේ පියා තමන් කැටුව කොළබට මාරුවක් ගෙන පැමිණි අයුරු තුසිතට සිහියට නැගිණි.
නුහුරු
කොළබට හුරු වීමත්, අධ්යාපන කටයුතුත් නිසා අද මෙන් සමාජ ජාල සන්නිවේදනය නොදියුණු එකල තුසිතට පාසැල් සගයින්ට ආයුබෝවන් කියන්නට සිදුවිය. රැකියාව, විවාහය නව සම්බන්ධතා ගොඩ නගමින් පැරණි සබදකම් දුරස් කර දැමුවේ යැයි තුසිතට සිතිණි .
" බිල්ලන්ගෙනුයි
, ආණ්ඩුවේ මැරයින් ගෙනුයි දවල්ට බේරිලා
ඉන්න අතරේ ආණ්ඩුවේ වදුරු හමුදාවේ
අය්ය වැඩ
කරනවා කියල කියල
දේශප්රේමින් ගෙනුත් මරණ තර්ජන ආපු හින්ද
අපි මාතර ටවුමේ කාමරයක් කුලියට අරන් ඇවිත් තමයි ඉගෙන ගත්තෙ . අය්යට පින්
සිද්ද වෙන්න කොහොම
හරි අපි ගොඩ ගියා. තාමත් ඒ කාලෙ හීනයක්
වගේ. " රනුකගේ වචන තුසිතගේ සිතේ පිලි රැවු දෙන්නට
විය.
දකුණේ
භීෂණය අවසන් වුවත් , තවමත් කොටි තර්ජන නිසා සාමාන්‍ය ජීවිතයට ඇති අපහසුතා
සමග ප්රහාරවලින් මියගිය තරුණ හමුදා නිලධාරීන්ගේ දේහයන් නගරයේ මල් ශාලාවලට ගෙනෙන විට දැනෙන ප්රතිරෝදතාවය මේ ටික දිනට තුසිත හොදින්ම අවබෝධ කර ගත්තේය.
දේශපාලකයන්ගේ
පාට කුමක් වුවත්, නගරයේදී ජාතිය කුමක් වුවත් , සැපට සනීපයට ගත කරන විට ඇගට නොදැනුනත් , පොළොවේ පය ගසා නුවරින් පිටව ගත කරන විට උතුරේත්, දකුණේත් පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතය දෙපස ගිනිගන්නා විලක්කුවක් මෙනැයි තුසිතට සිතිණි .
අනුරුද්ධ වැලිගමගේ
දින නැති දිනපොත .... සවන රේඩියෝ කෙටිකතාව ...
කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝව
http://sawana.ca/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
No comments:
Post a Comment