මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 2, 2018

පැරීසියේ මතක පොතින්. ……කවි ....අනුරුද්ධ වැලිගමගේ



Image result for paris

තරුමංසල මල් පිපුණා 
සෙ යින් නදියේ මැද්දේ
 අඩසද රැදිලා තිබුණා
 අයිපල් කුළු මුදුනේ
සිංදු කියන මල්වත්තේ
 නෙත පිනවන වේලේ
 මහ මැදුරේ වර් සා යි
රැඳුණු රහස් හෙලිවේ .

බැස්ටීලයට රජමැදුරට
 වැදුණු පහර ඔස්සේ
 විප්ලවයේ ඉතිහාසය
 කියැවේ පොත් අතරේ
නොටර්ඩාම් මහ පල්ලිය
පිළිරූ පෙල අතරේ
 මතක පොතේ පිටු පෙරලේ
 සේයා රූ හමුවේ.

 අනුරුද්ධ වැලිගමගේ

Image result for parisImage result for paris

සේයාරූ - අන්තර්ජාලයෙන් .... Google images

2 comments: