මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 23, 2018

මිකී මීයා වෝල්ට් ඩිස්නිව ගෙන ගිය දුරක් .......ඇමෙරිකානු සංචාරයක මතකය ..... - ඩිස්නි ලෝකයට යමු 2

Walt Disney and Mickey Mouse Partners Statue at Disneyland in ...


Walt Disney drawing Steam Boat Willie | Disney facts, Disney fun ...


මිකී මවුස් ගැන නොදන්නා කෙනෙක් ලෝකෙ ඉන්නවද  කියන තරමට මිකී මියා හරිම ජනප්රිය චරිතයක් . කලින් කලට එක එක චරිත ඇතිවෙලා මතුවෙලා ගියාට මිකී මියා එහෙම නෙවෙයි .අදත් ලෝ පුරා නම කියැවෙන චරිතයක් . විශේෂයෙන්ම කාගෙ කාගේත් ළමා කාලෙදි .සාමාන් කාටුන් ශිල්පියෙකු වූ වෝල්ට් ඩිස්නි මහා නිර්මාණ ශිල්පියෙකු සේම ධන කුවේරයෙකු කරන්නට   සිහින චරිතය ගමන අපුරුයි .අපි ඩිස්නි ලෝකය පරිශ්රයේම නවාතැන් ගෙන තිබූ නිසා ගමන පහසුයි . අපි මැජික් රාජධානියට යන බස් එකට නැංගා .

Disney World Blog Discussing Parks, Resorts, Discounts and Dining ...

5 Facts You Probably Didn't Know About Disney's Magic Kingdom ...

මැජික් රාජධානිය ( Magic Kingdom )

Walt Disney World's Magic Kingdom Touring Plan for a 2-Day Visit

මැජික් රාජධානිය ඩිස්නි ලෝකයේ ඉදිකළ පළමු විනෝද උයනයි. එය බොහෝ දුරට කැලිෆෝනියාවේ ඇති ඩිස්නිලන්ත යට සමානය . උස්ව නැගුණු සින්ඩරෙල්ලා මාළිගාව සහ 1910 දී ඩිස්නි දුටු මිසුරි ප්‍රාන්තයේ මාසෙලින් නගරයේ ප්‍රධාන පාර  සිහිගන්වන මහ වීදිය මැදි කරගෙන ඇති කලාප 4 කින් යුත් වෙනමම ලෝකයකි. සිහින ලෝකය කෙතරම් ප්‍රබලද යත් එහි ඇති සියළුම දෑ ආවරණය කරන්නේ නම් පුරා දින දෙකකුදු ප්‍රමාණවත් නොවන බව කිව යුතුය.

Walt Disney World Railroad to Close December 3rd for Tron ...

අධික උෂ්ණාධික කාලගුණයක් ඇති ෆ්ලොරීඩාවේ එක දිගට වැඩි වෙලාවක් ගොඩබිම පෙදෙසෙක සිටීම අසීරු බැවින් ඔබ ඩිස්නි හෝටලයක නවාතැන් ගෙන ඇත්නම් උදෑසන 9 සිට පස්වරු 1 පමණ වනතෙක් සහ සවස 5 සිට රාත්‍රී 11 පමන වනතෙක් දවස බෙදාගෙන ජල තටාකයක ගිලී සිසිල්වී බොහෝ දේ ආවරණය කරගත හැකිය.

Disney Days of Past: Mickey Mania Parade at Magic Kingdom Park ...

walt disney world parades | ... of fantasy parade, magic kingdom ...

සෑම දිනකම සවස 3 ට පැවැත්වෙන පෙලපාලියේ  වර්ණවත් ලෙසින් අලංකාරවත් කල රථ සහ නැටුම් ශිල්පින් , ඩිස්නි චරිතවලින් ඔබව ගෙනයන්නේ සිහින රාජධානියකට බව නොකියාම බැරිය. රාත්‍රී 9 ට පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයේදී මවන රූ රටා සහ 9.30 ට ශ්වේත වර්ණ සින්ඩරෙල්ලා මාළිගාව දේදුනු වර්ණ ඩිජිටල් දර්ශන මගින්  අලංකාරවත් කරන මොහොත අසා ඇති දැක නැති මිහිපිට ඇති දෙව්ලොවක් මවන අයුරු වචනයෙන් විස්තර කල නොහැකි අත්විදිය යුතු අත්දැකීමකි. රාත්‍රී 10 ට පැවැත්වෙන ආලෝක පෙළපාලියේදී දහවල දුටු මනස්කාන්ත ඩිස්නි චරිත හාත්පසින්ම වෙනස් ඇදුම් ආයිත්තමින් සැරසී ආලෝකවත් කරන ලද රථවල නැගී ගමන් කරනු බලන්නට හැක්කේ ඩිස්නි උදයාන තුලදී පමණි.

Main Street Electrical Parade Coming to Disneyland Park for a ...

ත්‍රාසජනක රෝලර්කොස්ටර චාරිකා, දිස්නිගේ ප්‍රියතම අගුරු දුම්රිය ගමන සමග දිය යටට , අභ්‍යාවකාශයට , අතීතයට සහ අනාගතයට ඔබව ගෙනයන බොහෝ අංග මැජික් රාජධානිය තුල ඇත. 1964 නිව්යෝර්ක් වෙළද සල්පිලට ඩිස්නි ඉදිරිපත් කල 1900 සිට 1960 දක්වා තාක්ෂණය සමග නිවෙසක් වෙනස් වූ අයුරු දැක්වෙන අතපය චලනය වන ක්‍රියාත්මක කැරකෙන නැරබුම් මන්දිරය අත් නොහැරිය යුතු අගනා ලොවක් මවිත කල ප්‍රදර්ශන අංගයකි.


8 Ways to Enjoy Walt Disney World Without Going into the Parks ...

වෝල්ට් ඩිස්නි මේ තරම් දුරක් ගෙනගිය සුපිරි තරුව මිකී මීයා , සිහින රජ කුමර කුමරියන් සහ අනෙකුත් සත්ව චරිත හමුවී සේයාරුවක්, සමරු අත්සනක් ගන්නටත් , කුමරියන් ලෙස , කුමරුන් සහ වීරයන් ලෙස සැරසෙන්නටත් පොරකන, පැය ගණන් අවුවේ පෝලිම්වල වේලෙන ජන ගඟ දෙස බලන විට සිහින ලෝකය කෙතරම් ප්‍රබල දැයි සිතේ.

25 Ultimate Things to Do at Walt Disney World – Fodors Travel Guide

Top 10 Epcot Tips for Rookies At Walt Disney World – How To Disney


එප්කොට් ( EPCOT - Experimental Prototype Community Of Tomorrow )

Another Spaceship Earth Night Photo - Disney Tourist Blog

අනාගතය පිළිබද ඩිස්නිගේ පරිකල්පනය නව මානයකට යොමු කල තැනක් ලෙස එප්කොට් හඳුන්වා දිය හැකිය.මෙහි සියළු දෑ ගොනුකර ඇත්තේ විශාල ගෝලාකාර සුදු පැහැති ගොල්ෆ් බෝලයක් මැදි කර ගනිමිනි. අභ්‍යවකශයටත් , බලශක්ති සංරක්ෂනයටත් , අනාගත නිපැයුම් තුලටත් වැඩි බරක් දී ඇති එප්කොට් යොවුන් සංචාරකයන් ඉලක්ක කර ගැනුණකි.අභ්‍යවකාශ යානා සිමියුලේටර , අධිවේගී රථ ධාවන ත්‍රාසජනක හැඟුම් වඩවන බව යොවුන් දරුවන් කිහිප වරක්ම එම චාරිකා පෝලිම්වල දකින විට පෙනේ.

Epcot's Thrilling Mission: SPACE

The Sum of All Thrills show area and ride system - Photo 2 of 4


මුළු ලෝකයම හකුළුවා කැටිකළ ලෝක ප්‍රදර්ශනාගාරය ( World Showcase ) ඔබව යුරෝපයේ නෝර්වේ , ජර්මනිය,ප්‍රං ශය , ඉතාලිය සහ එක්සත් රාජධානිය යන රටවලටත් ආසියාවේ ජපානය,චීනය යන රටවලටත්, මැද පෙරදිග කලාපයේ මොරොක්කොවටත් ගෙන යන්නේ ඒ ඒ රටවල කෑම රස බලන්නටත් අවස්ථාව සැලසූ අවන්හල් රැසක් සමගිනි. මෙක්සිකෝවේ ඉතිහාස චාරිකාවත් , කැනඩාවේ සහ ඇමෙරිකාවේ නියෝජනයත් ලෝක සිතියම එප්කොට් තුලට ගෙන ඇති අයුරු අපුරුය.

World Showcase at Epcot – 11 Countries in a Day | Orlando Insider ...


රාත්‍රියේදී පැවැත්වෙන මනරම් මවාපෑම සහ මතුකිරීම*Illuminations, Reflections of Earth)    ඩිජිටල් රූපමය පෙළහර සදහා වස් මැද පිහිටි විලෙහි ජලයත් , මල්වෙඩි සංදර්ශනයේදී ඇතිවන දුමත් තිරයක් කර ගන්නා අයුරු අපුරුය. හොඳම තැනක් ඒ සදහා අල්ලා ගැනීමට නම් ප්‍රමුක තාවය ඇති ෆාස්ට් පාස් පෝලිමේ වුව මුලින්ම සිට ගත යුතුය. එප්කොට් හි සංකේතය වන ශ්වේත වර්ණ ගොල්ෆ් බෝලය රාත්‍රියේදී ආලෝකමත් කල විට එහි අසිරිය කිලෝමීටර ගණනාවක ඈතක සිට දැකිය හැකිය.

Top 10 Hidden Secrets of Epcot's World Showcase!- Disney World ...


පිරිසිදු බවින් පිරි , ඇපල් සමාගමට පමණක් දෙවැනි වන ලෝකයේ හොදම ගණුදෙනුකාර සේවාවට හිමිකම් කියන ඩිස්නි ලෝකයේ සියළු දෙනාම තරාතිරම නොබලා ඔබගේ සේවයට සැදී පැහැදී සිටිති. බස්රථ රියැදුරාගේ පටන් පවි ත්‍ර තා සේවකයා දක්වා සියළු දෙනා විවිධ පැහැයන්හි නිල ඇදුමින් සැරසී ,උපන් බිමේ නම,කතා කල හැකි භාෂාව සදහන් සදහනක් සහිතව සිනහ පිරි මුවින් ඔබගේ අත්දැකීම පැහැ ගන්වන්නට බලා සිටිති

Back to the Future – Illuminations: Reflections of Earth - by ...


* මෙම අත්දැකීමේ සමහර ඉංග්‍රීසි යෙදුම් වල පරිවර්තන එම අර්ථය නියමාකාරයෙන් නිරුපණය නොකරන බව සැලකුව මනාය          
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
සටහන
අනුරුද්ධ වැලිගමගේ

Disney Cast Member Discounts (2020) | Urban Tastebud Disney

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Florida Massage Therapists Play Starring Role in Disney Spa Magic

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 ජනවාරි  කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha

http://dasatha.com/

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  


9 Great Reasons to Visit Walt Disney World Resort this Fall | The ...













No comments:

Post a Comment