මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, June 29, 2018

බෙල්ට හලෝ කියා කැබොට් පාරෙන් ගල් අඟුරු පතලකට......කැනඩාවේ නෝවා ස්කොෂියා පලාතට ගිය ගමනක් ......



ඇලෙක්සැන් ඩර් ග්‍රැහැම් බෙල් කැනේඩියානු වන් ලෙස අපට ආඩම්බර විය හැකි ලෝකයම ලංකල දුරකථනය හඳුන්වා දුන් නිර්මපකයාය. නව ස්කොට්ලන්තය යන අරුත ඇති නෝවා ස්කොචියා පළාතේ බෙඩෙක් නගරයේ පිහිටි මනරම් බිම්කඩක ඇති බෙල්ගේ කැනේඩියානු නිවහන ආශ්‍රිතව ඔහු සමරමින්  ජාතික ඓතිහාසික පරිශ්‍රය පිහිටුවා තිබේ. ටොරොන්ටෝවේ සිට සැතපුම් දහස් ගණනක රථ ධාවනයකින් පසු අප මේ පැමිණ සිටින්නේ කැනඩාවේ නැගෙනහිර වෙරලටයි . 




නාවික ක්ෂේත්‍රයේදී ඉතාමත් වැදගත්කමක් ඇති හැලිෆැක්ස් නගරය මෙහි අගනුවරයි. බෙල් පවුලෙන් ලැබුණු පරිත්‍යාග මත 1955 දී පිහිටවූ මේ කෞතුකාගාරය ඉංජිනේරු අංශයෙන් උනන්දුවක් දක්වන කාහට වුවද දැනුම් සම්බාරයක් ලැබිය හැකි තැනකි . සිය මවත් බිරිදත් දෙදෙනාම බිහිරි වූ බැවින් බිහිරි පුද්ගලයන් සඳහා සිය පර්යේෂණ මෙහෙයවූ බෙල් අතින් ටෙලිෆෝනය බිහිවී ඇත්තේ අහම්බයකිනි.ආරක්ෂක කටයුතුවලදී මහත් මෙහෙයක් කරන ලෝහ හදුනනය (Métal Detector) ඇතුළු නිමැවුම් රැසක් කල බෙල් 1906 දී බෙඩෙක් වලදී නිමවූ ප්‍රති සබ්මැරීන හයිඩ්රො ෆොඉල් යාත්‍රාවත් 1909 දී කල ගුවන් යානා පර්යේෂණත් ඔබට මෙහිදී දැකගත හැකිය.

Alexander Graham Bell National Historic Site Baddeck Cape Breton ...

HD-4 hydrofoil, Alexander Graham Bell National Historic Si… | Flickr


කැබොට් මංපෙත ( Cabot Trail)

Cabot Trail - Picture of Nova Scotia, Canada - Tripadvisor

ලෝකයේ ජනප්‍රිය දර්ශනීය මාවත් අතරින් එකක් ලෙස සැලකෙන කැබොට් මංපෙත කිලෝමීටර 298 ක් දිග බෙඩෙක් වලින් ඇරඹී කේප් බ්‍රිටන් දුපත වටා ගොස් ආපසු බෙඩෙක් වලින් අවසන් වන වටරවුම් මාර්ගයකි. කඳු නිම්න වන වදුලින් පිරි ජෛව විවි ධත්වයකින් හෙබි මේ මාවත ගමන් කරන්නේ කිලෝමීටර 948 ක් වසා සිටින කේප් බ්‍රිටන් උස්බිම් රක්ෂිතය වටාය .ඒ සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍රය දින දෙකකට වලංගු වන්නේ ඔබ පරිසර ලෝලියෙකු නම් කඳවුරු බිමක රැය පහන් කරන්නටත් , බයිසිකල් හෝ ඇවිදින මංපෙත් වල යන්නෙක් නම් ඒ සඳහා ඉඩ සලසන බොහෝ ගණනක් එහි ඇති බැවිනි.  වාහනයෙන් යන විටදී ඔබ දකින අතිශය සුන්දර රුපපෙල  අඩුවක් නැතුව කැටිකර ගන්නට නම් ඩෑෂ් බෝඩ් කැමරාවක් ප්‍රයෝජනවත් වනු නියතය.ඉතා විශාල වංගු ගණනාවක් ඇති බැවින් ඔරලෝසුවේ කටු කැරකෙන අතට වටරවුම් මාර්ගය ධාවනය කරන විට දසුන් වඩාත් සුන්දරව දිස්වන බවත් රිය පැදවීම  වඩාත් ප්‍රවේශම් වන බව සංචාරක වෙබ් අඩවියක සදහන් වූ බැවින් අපිද එය අනුගමනය කළෙමු. 

cabot trail map 3 – over60hiker


ඒ මාර්ගය මුදුනේ ඇති ගම් කිහිපය කේන්ද්‍ර කර ගනිමින් සංචාරකයින් සඳහා අත්ලාන්තික් සාගරයේ තල්මසුන් නැරබුම් චාරිකා සේවාවන් ද ක්‍රියාත්මක වේ. රිය නවතා අත්ලාන්තික් සයුරේ රැල පාගන්නට ඉඩ සලසා ඇති තැන් රැසක් වූ බැවින් අපට ගිමන් හරින්නට අසීරු වුයේ නැත. කැබොට් මංපෙත තුල තැනින් තැන වාහන නවතා බයිසිකල් වල නැගී වනපෙත ගවේෂණය කරන්නටත් ඇවිද්ද පයට දහස් ගණනින් වටිනාකමක් දෙමින් වනය නිරීක්ෂණය කරන්නටත් , කෑම ගැනීමට මෙන්ම වැසිකිලි පහසුකම් පිරි විවේක ස්ථාන ද බොහොමයක් වේ. ගස්වල කොළ රතු කහ තැඹිලි පැහැයන්ගෙන් වර්ණ ගැන්වෙන සමයට කේප් බ්‍රිටන් දිවයිනත් කැබොට් මන්පෙතත් මවන විසිතුර බලන්නට ලොව නන් දෙසින් දහස් ගණනින් සංචාරකයින් පැමිණෙන වග සදහන්ය.

The Dubliners ~ Springhill Mining Disaster - YouTube



ස්ප්‍රින්හිල් ගල් අඟුරු පතල






අඩි 14200 දිගට විහිදුණු අංක 2 දරණ පතල 1956 සහ 1958 දී සිදුවූ ඛේදවාචකයෙන් පසුව වසාදැමූනද සංචාරකයින් සදහා කුඩා කොටසක් වඩා ආරක්ෂිතව පනගන්වා තිබේ.එම දුක්බර සිද්ධියෙන් දිවි ගලවාගත් පතල් කම්කරුවෙකු විසින්ම පවත්වන කණ්ඩායම් සංචාරයකට අපට මෙහිදී ඉඩ ලැබිණි.පතල් කම්කරු ඇදුම් ආයිත්තම් වලින් සැරසී අංකය සහිත බෙලෙක් තහඩුවක්ද සහිතව දෝනාවට බට පැය බාගයක පමණ කාලයේදී  කට්ට කළුවර වැසිකිළියක්වත් නැති ගුහාවක දවස පුරා ගල් අඟුරු වලින් ඩක්කු  පිරවූ කම්කරුවන් ගැන නෙතට කඳුලක් ඉනු බව කිව යුතුය. මේ වනවිට පාළුවට ගොස් තිබෙන එම ප්‍රදේශය ගල් අඟුරු වලට හොඳ කලක් පැවති එදවස කෙතරම් ජනාකීර්ණ වන්නට ඇත්දැයි අපට සිතිණි . එම පරිශ්‍රයේ ඇති කෞතුකාගාරයේ දකින්නට ලැබෙන දෑ සහ වීඩියෝ චිත්‍රපට සුවිශේෂය.

Nova Scotia Archives - Men in the Mines







ජෝගින්ස් පොසිල මද්‍යස්ථානය





ලෝකයේ වැඩිම වඩදිය බාදිය වෙනස දකින්නට ලැබෙන ෆන්ඩි බොක්කේ නෝවා ස්කොෂියා මායිමේ වසර මිලියන 300 ක ඉතිහාසයක් ඇති මේ පොසිල පරිශ්‍රය කිලෝමීටර 15 ක් දිගට විහිදී තිබේ.  යුනෙස්කෝව මගින් ප්‍රකාශයට පත්කළ ලෝක උරුමයන් අතුරින් එකක් වන මෙහි මුහුදු වෙරළේ අදද පොසිලයන් දකින්නට ලැබේ. සැමදා වතුරේ යට වෙමින් නැවත පැදෙමින් කල්පනාකාරී විය යුත්තේ වතුර පිරෙන පැය කිහිපයේදීය . ඔබ ඇවිද ගිය වෙරළ තීරය ඔබ බලා සිටියදීම වතුරින් යටවන්නේ ඔබ මවිත කරවමිනි.ඒ බව දැක්වෙන පුවරු සේම නිලධාරින්ද සිටිනා බැවින් ඔබ කිසි සේත්ම මේ සංචාරයට බිය විය යුතු නැත. එහි පිහිටා ඇති අධ්‍යාපන මද්‍යස්ථානය පහසුකම් සපිරි දැනුම් ගබඩාවකි.බොහෝ දෘශ්‍ය ආකෘති පිරි මෙහිදී පොසිල, ගල් අඟුරු පතල් පමණක් නොව මේ ප්‍රදේශයේ ඉතිහාසය පවා මැනවින් නිරුපණය  කර ඇති වග පෙනේ.








අත් නොහැරිය යුතු තවත් තැන් .  


බ්ලු නොස්  II ( Bluenose II )*



කැනේඩියානු සත දහයේ කාසිය(Dime ) කොටා ඇති නිල්නැහැය (Bluenose II) රුවල් නැවේ ප්‍රතිනිර්මාණය බ්ලු නෝස් 2  සිඩ්නි වරාය බලා යන ගමනක මැද සමුද්‍රයේ වූ බැවින් අපට අතහැරුණද එය වරායක නැංගුරම් ලා ඇත්නම් අත් නොහැරිය යුත්තකි. එහි නැගී සංචාරයක යෙදෙන්නත් සේවය සදහා බැදෙන්නත්  ඉඩ ප්‍රස්ථා ඇති බැවින් ඒ ගැන උනන්දු නම් අන්තර්ජාලය බලන්න.

පෙගීගේ ගුහාව  ( Peggy’s  Cove )*





හැලි ෆැක්ස් නගරයේ සිට කිලෝමීටර් 43 දුරින් පිහිටි කුඩා ධීවර ගම්මානයක් පෙගීගේ ගුහාව ලෙසින් නම් ලබා තිබේ. මෙහි තුඩුවේ 1868 ඉදිකර තිබෙන ප්‍රදීපාගාරය අත්ලාන්තික් සාගර මායිමේ පිහිටි ජනප්‍රිය සංචාරක ආකර්ෂණ අතුරින් එකකි.

ලුනෙන්බර්ග්  ( Lunenberg )*




කැනඩාවේ මුල් උරුමකරුවන්ගේ වරායක් ලෙස ලුනෙන්බර්ග් හදුන්වා දිය හැකිය.ආකේඩියන් වරුන් ගේ ප්‍රකට රතු සහ නිල් පැ හගැන්වූ නිවෙස් සහ ගොඩනැගිලි අතරේ සයුරට විවර වූ මේ පෙදෙස සිතුවමක ලෙසින් යලි යලිත් සිහිපත් කල හැකිය.

ලුවිස්බර්ග් බලකොටුව (  Louisberg ) *

Image result for louisbourg nova scotia

1700 ගණන්වල බලකොටුවක සොල්දාදුවන් ආචාර පෙලපාලියක් සහ ආචාර වෙඩිමුර දක්වන අතරේ ඒ කාලයේ ජන ජීවිතය සහ ක්‍රීඩා වල අත්දැකීම් ලබන්නට කදිම තැනක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

Capture of Louisburg 1758

ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන

අනුරුද්ධ වැලිගමගේ

Frederic Gate at Fortress Louisburg in Nova Scotia. (With images ...

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 ඔක්තෝබර් කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha



http://dasatha.com/


Skyline Hiking Trail - Cape Breton Highlands National Park - Cabot ...


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  



3 comments:

  1. Nice one with lots of information. Thanks!

    ReplyDelete
  2. මේව බලන්න ගියා අපි. කියන්න බැරි තරමටම හිතට ආසාවක් ආව. මතකය නැවත අලුත් උනා. ස්තුතියි ඔබට.

    ReplyDelete