පසුගිය නොවැම්බර් මාසය අගදී සිදුවූ ස්වභාවික ව්‍යසනයේ තොරතුරු තවමත් එක් රැස් කෙරෙමින් පවතින අතරේ , ආපදා සහන සහ රට ගොඩනැංවීම වෙනුවෙන් බොහෝ සංවාද කෙරෙනවා. ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වන ආකාරය ගැන විප්‍රවාසී අපට හරි අවබෝධයක් නැතත් මේ වතාවේ හෝ පවතින රජය සේම පොදු ශ්‍රී ලාංකික ප්‍රජාව තාවකාලික පැලැස්තර වෙනුවට විද්‍යාත්මක පදනමක් ඇති ස්ථිරසාර වැඩ පිළිවෙලක් අනාගතයේදී කරනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා .
ඒ වගේම පක්ෂ, ජාති , ආගම් , කුල බේදයකින් තොරව ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැනුම් දායකත්වයෙන් දිගු කාලීන දැක්මක් ඇති ආපදා කළමනාකරණ සහ අනාගතයේ විය හැකි හරිතාගාර ආචරණ බලපෑම් වෙනුවෙන් ශ්‍රී ලංකාව සුදානම් කරනු ඇතැයි සිතනවා.
මේ ඒ සම්බන්ධයෙන් යූ ටියුබයේ මා බැලූ විද්වත් සංවාද කිහිපයක්. ඒවාට සහභාගී වූ විද්වත් සම්පත්ධාරීන් ගේ දේශපාලන සහ පුද්ගල මතවාද වලින් බැහැරව මේ කාරණාව සම්බන්ධයෙන් දැක්වූ වැදගත් අදහස් මත මේ දිගු මගේ සටහනට එකතු කලා. ඉඩක් තිබුනොත් අහල බලන්න.
යූ ටියුබ් චැනලය - Asian Mirror , Epicentre
වැඩසටහනේ නම - "දිත්වා" ට්‍රේලර් එකක් විතරයි! හරියට සූදානම් නොවුණොත් මහා විනාශයක් අත ළඟ | Patali With Epicente
සන්නිවේදකයා - රසික ජයකොඩි
සම්පත් දායකයා - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක
යූ ටියුබ් චැනලය - Sanjaya Elvitigala
වැඩසටහනේ නම - ස්වාභාවික ව්‍යසන - ලංකාව හා ලෝකය - with Prof. Chandima Gomes
සන්නිවේදකයා - සංජය ඇල්විටිගල
සම්පත් දායකයා - මහාචාර්ය චන්දිම ගෝමස්
යූ ටියුබ් චැනලය - Sanjaya Elvitigala
වැඩසටහනේ නම - මධ්‍යම කඳුකරය අපිට අතහැරීමට සිදුවේද? - Prof. Lakshman Galagedara and Dr. Pani Fernando
සන්නිවේදකයා - සංජය ඇල්විටිගල
සම්පත් දායකයා - මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර සහ ආචාර්ය පානි ප්‍රනාන්දු
යූ ටියුබ් චැනලය - Upul shantha Sannasgala
වැඩසටහනේ නම - ජීවත් වෙන්න මේ ටික අහන්න | Dr. Nuwan Thotawatha | Srilanka
සන්නිවේදකයා - උපුල් ශාන්ත සන්නස්ගල
සම්පත් දායකයා - වෛද්‍ය නුවන් තොටවත්ත
යූ ටියුබ් චැනලය - Ape Sinhala Panthiya
වැඩසටහනේ නම - ඊළඟට ගං වතුර එන දවස. |Prof. Ranjith Premasiri
සන්නිවේදකයා - උපුල් ශාන්ත සන්නස්ගල
සම්පත් දායකයා - භූ විද්‍යාඥ මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි
යූ ටියුබ් චැනලය - Royal Taprobanian
වැඩසටහනේ නම - වට්ටන්න එපා.අත දෙන්න | හිත නොරිද්දා නැගිටින්න හිත දෙන්න.| Udaya Dewamulla
සන්නිවේදකයා - උපුල් ශාන්ත සන්නස්ගල
සම්පත් දායකයා - පෞර්ෂ වර්ධක පුහුණු උපදේශක උදය දේවාමුල්ල
යූ ටියුබ් චැනලය - Upul shantha Sannasgala
වැඩසටහනේ නම - හුස්ම ගන්න ආදරේ දෙන්න | Anoja Weerasinghe
සන්නිවේදකයා - උපුල් ශාන්ත සන්නස්ගල
සම්පත් දායකයා - රංගන ආචාරිණී අනෝජා වීරසිංහ
යූ ටියුබ් චැනලය - Advocata Plus
වැඩසටහනේ නම - පැමිණීමට නියමිත ආර්ථික සුළි කුණාටුවකට අප සූදානම්ද ? | Dhananath Fernando & Prof Rohan Samarajiva
සන්නිවේදකයා - ධනනාත් ප්‍රනාන්දු
සම්පත් දායකයා - මහාචාර්ය රොහාන් සමරජීව
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images


.jpg)

No comments:
Post a Comment