මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Showing posts with label රුපවාහිනී ළමා ගීත. Show all posts
Showing posts with label රුපවාහිනී ළමා ගීත. Show all posts

Saturday, December 24, 2022

හිරිහැරයක් නෑ වෙන්නේ , සමණලුනේ නොම යන්නේ

පාට ගොඩක් ගෑවෙන්නේ 

දේදුන්නේලු රෑ ඉන්නේ 

මල් නොතලා පැණි බීවේ 

කොහෙ ඉදලද ඔබ ආවේ 

සිනිදු සේලයෙන් මහලා 

කවුරුද ඇදුමක් දුන්නේ 

පාට පාට මල් ඉහිරුණු 

ඇදුමයි සිරියක් දෙන්නේ 

හිමිදිරියෙම ඔබ එන්නේ 

හිරුත් සමග යලි යන්නේ 

සමණල කන්දට ගිහිල්ලා 

සිරිපා වැදගෙනද එන්නෙ 

ආස නිසයි මේ ආවේ 

ඇයි ඔබ පියබා  යන්නේ 

හිරිහැරයක් නෑ වෙන්නේ 

සමණලුනේ නොම යන්නේ 

අනුරුද්ධ වැලිගමගේ  

 1993 ජුලි 09 දින ජාතික රූපවාහිනියේ  උදාර වැඩසටහනින් විකාශය විය .

දෘශ්‍ය පිටපත් හෝ දායකත්වය දැක්වූ නිර්මාණ ශිල්පීන් පිළිබද  පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, July 16, 2022

චූටි නංගියේ .........

රතුපාටට ඉදී දිලෙන

ජම්බු ගෙඩිය වාගේ මුණ

ඇයි අද මේ එල්ලාගෙන චූටි නංගියේ

වෙනදා වාගේ නැහැ අදනම්

අය්යට දුක හිතෙනවාලු 

චූටි නංගියේ .........

ඊයේ හවස වෙනදා වගේ 

සෙල්ලම් කලේ නැහැයි කියල

මාත් එක්ක තරහවෙලා නේද නංගියේ

හිනාවෙලා යමු අපි දැන්

චූටි නංගියේ......

පාඩම් වැඩ ගොඩගැහිලා

ගණන් ටිකක් ඉතුරුවෙලා

ඒව කරන්නට ගිහිල්ල එන්න බැරිවුණේ

හිනාවෙලා මෙහෙට එන්න

චූටි නංගියේ

දෑසේ කදුළු පිහදගන්න

පොඩියක් හිනැහී බලන්න

ඔන්න ඉතින් සෙල්ලම් කරනට ආවානේ

හනිකට දුවගෙන යමු අපි

චූටි නංගියේ ......

අනුරුද්ධ වැලිගමගේ

1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, May 21, 2022

සුවද කැකුළු මල් අපි වෙමු සුවද හමනවා............

 සුදෝ සුදට සුදු ඇදගෙන

පේලි හැදෙනවා

දහම් පාසැලේ අපි හැම

බුදුන් වදිනවා //

පන්සිල් , හොද පුරුදු

නිතර පුරුදු කරනවා

සුවද කැකුළු මල් අපි වෙමු

සුවද හමනවා //

කථා ඇතුලෙ රජ සිටුවරු

එබිලා බලනවා

ජාතකවල පාට , එළිය

හිතට වැටෙනවා //

ගුරු ඔවදන් හොද හොද දේ

හිතට ගන්නවා

දහම් පාසැලේ අපි

හොද ළමයින් වෙනවා ////

අනුරුද්ධ වැලිගමගේ

1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ  කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, March 26, 2022

දොයි දොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ

 තරු එක්කොට මාලයකට

 නුබේ ගෙලේ පලදන්නම්

දේදුන්නේ පාටවලින්

 ගවුම් පොඩිය සරසන්නම්

දොයි දොයි දොයි බෝනික්කෝ .

 බයි බයි බයි බෝනික්කෝ ..

 මට පොත් පාඩම් කරන්න

 නිදාගන්න බෝනික්කෝ .......

අම්ම එක්ක කඩේ ගිහින්

 වළලු ටිකක් ගෙන දෙන්නම්

 ජම්බු ගහේ ඉදුණු ජම්බු

 තෝරල කඩලා දෙන්නම්

දොයි දොයි දොයි බෝනික්කෝ ...

 බයි බයි බයි බෝනික්කෝ .

නාඩා ඉතින් නිදියගන්න

මගේ පුංචි බෝනික්කෝ

චක්කරේ පාඩම් කරන්න

කවි පන්තිය කියවගන්න

හරියට පාඩම් නොකරොත්

 සැවොම හිනාවෙවී ඔන්න

දොයි දොයි දොයි බෝනික්කෝ ...

 බයි බයි බයි බෝනික්කෝ

මට දැන් පාඩම් කරන්න

 නාඩා ඉතින් නිදියගන්න//

අනුරුද්ධ වැලිගමගේ

1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ

 කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Saturday, October 9, 2021

හ්ම්.... හ්ම්.... කිරිඅත්තේ .........අනුරුද්ධ වැලිගමගේ ....රුපවාහිනී ළමා ගීත.....

ඇටබ ගහේ උඩ අත්තේ

 හරි හරියට ඉද ගත්තේ

රෑ පුරාම හ්ම්… හ්ම්….

දවාලේ නැහැ නොව දැක්කේ

දවල්ට නුබ නිදියනවද

 හිරු කුමරුන් එරෙව්වාද

කියන්න මට දැනගන්නට

 හ්ම්… හ්ම්…..කිරි අත්තේ

අසුබලු උබ කාගැහමුව

 අම්මා කියනව ඇහුනා

උබව දැකලා රෑ ජාමෙක

 පුංචි අම්මා බයවීලා

ගොරෝසු කටහඩ අහලා

 පුංචි ළමයි බය වෙනවලු

පුංචි ළමයි බය කරන්න

එපා හ්ම් කිරි අත්තේ

අනුරුද්ධ වැලිගමගේ    

 1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශය දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි