මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 25, 2023

සංචාරක ගවේෂක රොහාන් එක්ක ඉරාකයට ........

 

ඉරාකයේ ඉතිහාසය ඉතාමත්ම පැරණි එකක් . යුක්‍රටිස් , ටයිග්‍රීස්  ගංගාධාරයේ මානව ජනාවාස වලින් පටන් ගෙන මෝගල් , ඔටෝමාන් අධිරාජ්‍යයන් යටතේ පැවතුණු ප්‍රදේශ ඉරාකය නමින් රටක් ලෙස නම්වුනේ පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පස්සෙ . ඔබ ඒ ගැන උනන්දුයි නම් ඔබට අන්තර්ජාලයට ගිහින් ඒ ගැන වැඩි විස්තර හොයාගන්න පුළුවන් .

අප දන්නා කාලයේ ඉරාකය ජනප්‍රිය වුනේ හොද පැතිවලින් නම් නොවේ . කලක් තිස්සේ ඇදුනු ඉරාන - ඉරාක යුද්ධය රටවල් දෙකක් අතර සිදුවුණු ගැටුමකට වඩා ලෝකයේ පිල් දෙකක බලය පෙන්වූ එකක් . ඇමෙරිකානු ඛනිජ තෙල් පාලන බලයට අභියෝග කිරීම හින්ද ඉරාකයේ පාලක සදාම් හුසේන් ට අත්වුණේ ඉතාමත්ම දරුණු ඉරණමක් . ඒ හරහා විනාශ වුනු ඉරාකයට යලි ගොඩනැගෙන්නට තවත් සෑහෙන කාලයක් යාවි . 


සාමාන්‍යයෙන් තවමත් ඉරාකය සංචාරයට එතරම් සුදුසු යැයි සම්මත සංචාරක ගමනාන්තයක් නෙවෙයි . ඒත් ගවේෂණාත්මක සංචාරක රොහාන් ඩිරෙක්ස් කියන්නෙ එවන් අභියෝග වලට සාර්ථකව මුහුන  දෙන කෙනෙක්. රොහාන් ගැන සහ ඔහු රුසියාවේ නිතර නොදකින තැන් බලන්න අපව ගෙනගිය ගමන ගැන මේ සටහනෙන් වැඩි විස්තර බලන්න පුළුවන්.   

සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට ....

http://ahasgawwenehalokaya.blogspot.com/2023/01/blog-post_21.html

ඔහුගේ තවත් ගමන් විස්තර සංචාර වෙබ් අඩවියෙන් සහ යූ ටියුබයේ තිබෙන සිරස රූපවාහිනියෙන් විකාශය වූ සංචාර වැඩසටහන් මාලාවෙන් බලන්න පුළුවන් . 

https://www.sanchara.lk/







මුහුණු පොත හරහා කල ආරාධනයෙන් රූපණ බලන ඔබ වෙනුවෙන් රොහාන් අපිත් එක්ක වැඩසටහන් 2 ක් සදහා කැමති වෙනවා. තවත් වෙනස්ම සංචාරයකට සුදානමින් සිටි මොහොතක ඉතාම නිහතමානීව ඔහු අප සමග බෙදාගත් දැනුම සහ දර්ශන වෙනුවෙන් අප ඔහුට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.




මේ ඉරාකයේදී සහ කුර්දිස්ථානයේ දී ඔහු ලද අත්දැකීම් රූපණ ප්‍රේක්ෂක පිරිසත් එක්ක බෙදාගත් මොහොතක් . මෙහි ඇතුලත් වීඩියෝ දර්ශන දුර්ලභ ඒවා වගේම ඔහු මෙතෙක් සමාජ මාධ්‍යය හරහා ඉදිරිපත් නොකල ඒවා හින්ද ඔබේ අත්දැකීම සුවිසේශී එකක්ම වේවි 
.

https://rupane.com/2023/03/25/rupane-episode-340-march-25-2023/

*****************************************************************

සම්පත් දායකත්වය -  සංචාරක ගවේෂක රොහාන් ඩිරෙක්ස් 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - ගොයුම් එරංග   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

Saturday, March 18, 2023

තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ගේය පද රචකයා - නිලාර් එන් කාසිම්.

 නොමැකෙන ගී රස -  ගී පද රචනා ඇසුරේ රූපණ කරනා නිර්මාණ චාරිකාව 


වරෙක ඔහු කවියෙක්, තවත් වරෙක කාටුන් ශිල්පියෙක්. වරෙක ගුවන් විදුලිය සහ රූපවාහිනිය තුලින් හරවත් යමක් සන්නිවේදනය කරන නිවේදකයෙක්. ඒ වගේම හරබර වැඩසටහන් සම්බන්ධීකරණය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පරිපාලකවරයෙක්. තවත් වරෙක තම දැනුම තවත් පරම්පරාවකට බෙදන විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්. විවිධ අංශ රැසකින් දස්කම් දක්වන ඔහු වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගීත රචනා කලාවේදී ඔහු දක්වන දස්කම් නිසයි.

මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිංහල ශාස්ත්‍රවේදී උපාධිය ගෞරව සාමාර්ථයක් සහිතව නිමකලේ එවන් දස්කමක් කල පළමු මුස්ලිම් ජාතිකයා ලෙස වාර්තාවක් තබමින්.

පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තිය ගමන ආරම්භ කල ඔහු ස්වතන්ත්‍ර කෘතීන් රැසක් සේම පරිවර්තන කෘති කිහිපයක්ද රචනා කොට තිබෙනවා. ජනප්‍රිය ධාරාවේ ගීත, සුභාවිත සරල ගීත සේම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත ලෙසින් මතකයේ රැදෙන ගීත නිර්මාණ රැසක් නිර්මාණය කල ඔහු ඒ වෙනුවෙන් විවිධ සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. ඒ අතුරින් වර පෙරලිය ටෙලි නාට්‍ය ගීතය වෙනුවෙන් ලද සිග්නීස් සම්මානය විශේෂයි.

1990 දී විහග ගීතය ගීත ඇල්බමයත්, 2006 දී කිරි කෝඩු හිතට සංයුක්ත තැටියත් නිකුත් කල ඔහු 2000 වසරේදී හොදම යොවුන් ජනමාධ්‍යවේදියා ලෙස කොළඹ සරසවියෙන් සහ 2007 වසරේ ජපාන මිත්‍රත්ව සංගමයේ බුන්කා සම්මානයෙන්ද පුද ලැබුවේ රූපවාහිනිය වෙනුවෙන් කල මෙහෙවර වෙනුවෙන්.

මේ වනවිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රචාරක හා මාධ්‍ය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කරන ඔහු කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයෙක්. අද අප සමග ඔබ හමුවන තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ඔහු නිලාර් එන් කාසිම්.  

වැඩසටහනේ ඇසෙන සහ කථාකරන ගීත කොටස් 

කරකවයි උකුසු ඇස / විහග ගීතය 

පැහැසර අරුණක / සද දිය දෙවුණු සේ 

ඈත වන්නියේ /  ග ඟ තවම තරුණයි 

ගුම් නදේ / අහස සිඹන 

බිදුණු තල්ගස / සලාම් කියා 

සුබ ලකුණු බල බලා / ඔබ ගියාම දුක මට දී 

වලාකුළු වියන් තනාලා / උන්මාදිනි හැන්ගුනා 

කිරි කෝඩු හිතට / මීදුම උතුරන හදපානේ



https://rupane.com/2022/03/05/rupane-episode-285-march-05-2022/

පළමු කොටස 2022 මාර්තු  05 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි



https://rupane.com/2022/03/19/rupane-episode-287-march-19-2022/

දෙවන කොටස 2022 මාර්තු 19 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි

*****************************************************************

සම්පත් දායකත්වය -  සම්මානනීය ගීත රචක , නිලාර් එන් කාසිම්.  

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - ගොයුම් එරංග    

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, March 11, 2023

ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි.




අපි සමාජ අධ්යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. අනුව ග්රිනිච් මධ් රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ග්රිනිච් මධ් රේඛාව උඩ හිටගෙන. ග්රිනිච් මධ් රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ.

Royal Observatory

රාජකීය තාරකා විද්යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්රයේ තිබෙන ග්රිනිච් මධ් රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්

රාත්රී කාලයට රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන යාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40   තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 පහලට වැටෙනවා. පැයක කාලයකට  පස්සෙ ආයෙමත් දවල් 1 එය නියමිත තැනට එසවෙනවා.

Greenwich Area

ග්රිනිච් ලන්ඩන් ප්රදේශයේ තිබෙන වැදගත් සංධිස්ථානය ඔබට තේම්ස් ගග යටින් තිබෙන බිම්ගෙයින් ගගේ අනිත් පැත්තට යන්න පුළුවන්. තේම්ස් නදියේ අසිරිය බලන්න සංචාරක බෝට්ටුවක් ගන්නත් මෙතැනදීම ඔබට පුළුවන්. ගගට ඉහලින් යන ගොන්ඩෝලාවකින් අවට සිරි බලන්නත් පුළුවන්. Blackwall බිම්ගෙය හරහා වාහනයකින් අනික් පැත්තට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලන්ඩන් Tube දුම්රියෙන් ලන්ඩන් නගරයේ ගමනාන්තවලට යන්නත් පුළුවන්.මේ ප්රදේශයේ තිබෙන සුවිසල් උද්යානය විවේක සුවය සදහා සියළු පහසුකම් දනවන කදිම පරිසරයක් හින්ද ඇවිදින්න , බයිසිකල් පදින්න, තණ නිල්ලේ වැතිර ඉන්න වගේම ගහක් යට බංකුවකට වෙලා පොතක් කියවන්න වුණත් නියමයි.    

National Maritime Museum


1937 දී ආරම්භ කල මේ කෞතුකාගාරය 6 වන ජෝර්ජ් රජතුමා විසින් විවෘත කල බ්රිතාන් නාවික ඉතිහාසය පෙන්වන සුවිශේෂ තැනක්. ලෝකයේ නාවික ඉතිහාසයේ ඉතා සුවිසල් තැනක් හිමිකරගෙන සිටි බ්රිතාන් නාවික අංශ භාවිතා කල විවිධ උපකරණ, චිත් සහ නොයෙකුත් දෑ ඔබට මෙහිදී බලන්නට පුළුවන්. මේ පරිශ්රය නොමිලයේ බලන්න පුළුවන්. ඔබට කැමති නම් වෙබ් අඩවියට ගිහින් මේ සදහා ප්රවේශ පත් වෙන්කරවා ගන්න පුළුවන්. ගමනටම ලගම තියෙන බ්රිතාන් රජ පවුල පාවිච්චි කල Queens House එකතු කරගන්න පුළුවන්.

ගමන් වෙහෙස නිසා ළගම තියෙන ග්රිනිච් නගරයේ ස්ථාන කිහිපයක් බැලූ හින්ද හවස් වරුවේ දුම්රියෙන් අපි ගියේ කථා හතක් තිබෙන Harry Potter ප්රබන්ධ  කථා මාලාවේ මතක රැසක් එකතුකර තිබෙන තැනක් බලන්න. මතක් කරගන්න Harry Potter කථා මාලාවේ රසිකයෙක් නම් ලන්ඩනය ආශ්රිත බොහෝ ස්ථාන නාම ඔබට සිහියට නැගේවි.  

The Warner Bros. Harry potter Studio Tour

මුලින්ම Harry Potter කථා මාලාව චිත්රපටයට නැගුනේ 2000 වසරේදී. එතැන් පටන් විවිධ පසුතල වල රූපගත කෙරුණු කථාමාලාව 2010 දී  කල මේ වනවිට අවසන් Harry potter and deathly hallows Part 2 චිත්රපටය දක්වා දිගටම ඇදුනා. චිත්රපටය සදහා භාවිතා වූ සියළු දේ එක්තැන් කරමින් වෙනමම පරිශ්රයක්  තැනීමේ අදහස වෝනර් සමාගමට ඇතිවී තිබුනේ කාලයේදී. අනුව Leavesden  ප්රදේශයේදී මේ මධ්යස්ථානය සකස් වුනේ 2012 වසරේදී. ඔබ පොදු ප්රවාහන මාධ්යයක් පාවිච්චි කරන්නේ නම් Watford Junction දුම්රිය ස්ථානය අසලට ගිහින් එතැන ඉදන් ක්රියාත්මක වන විශේෂ බස් සේවාවෙන් මෙතැනට එන්න පුළුවන්.  

Hogwarts Express  දුම්රිය , Platform 9 ¾  මගේ මතකය අළුත් කලා. පටු Diagon alley වීදිය ආයෙමත් මාව කථාවට ගෙනගියා. Great Hall, Forbidden forest    අතරින් අප ඇවිද ගියේ කථාවට යොදාගත් ඇදුම් ආයිත්තම්, උපකරණ ජීවමාන අයුරින් දකිමින්. මේ පරිශ්‍රයේදී චිත්‍රපටවලට මැවූ පසුතල හා කථාව ඔබට ජීවිතයේ එක් වරක් පමණක් ලබන්නට හැකි අත්දැකීමක් එකතු කරනවාට කිසිම සැකයක් නැහැ. කලින්ම මේ සදහා වෙලාව වෙන්කරවා ගැනීම හොද වෙන්නෙ මෙය ඉතාමත්ම ප්‍රකට සංචාරක ආකර්ශනයක් හින්ද. ආයෙමත් දුම්රිය ස්ථානයට ආව අපි රෑ වෙනකොට නවාතැනට ආවා.

හෙට දවසේ අපි නගරයෙන් බැහැර තැන් කිහිපයක් බලන්නයි සුදානම. ඒ වෙනුවෙන් අප ලන්ඩන් නගරයේ සිට දිනක චාරිකාවක් වෙන් කරගෙන තිබෙනවා. 

ලබන මාසයේදී තවමත් අභිරහසක් වන Stonehenge බලන්න යමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්       

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නීර්මාණ  එළිය කරාවි.

Saturday, March 4, 2023

අයෝමා …..

 


අයෝමට වැරදුනේ එකම එක   දවසක් 

සමාජය ගැරහුවේ ඉදන් ඒ සවසක් 

වීදියේ කොන ඉදන් වික්ක ඒ පහසක් 

කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක් 


කරුමයට වෙන්කරත් , ඒ නරුම ගතියක් 

ඇයයි හිත හොද එකී තිබ්බ එක පැතුමක් 

ලෝකයට පෙන්නලා පැතුම් මල් සහසක් 

දිනෙන් දින බොද කලේ ඇගෙ හීන දහසක් 


හිරිපොදේ ගුලිවුණත්  ලැයිම් කොන අයිනේ 

හද කොනේ කිසි ඉඩක් තිබුණු අය නැහැනේ 

වැහැරිලා ඇගේ රුව ගිලුණු ඇස් අයිනේ 

ඇයට වින කල අයට කිමද පල දුන්නේ 


අනුරුද්ධ වැලිගමගේ  





2023 මාර්තු   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.