ලොවටම බලපෑම් කළ බරපතල අනතුරු ගැන කෙරෙන විශ්ලේෂණයක් - Disaster Autopsy
පහුගිය දවස්වල මම ආයෙමත් නිදි මරාගෙන වාර්තා වැඩසටහන් පෙලක් බැලුවා. පටන් ගන්නා තැන පටන් අවසානය තෙක් කුතුහලයෙන් බලන්නට පුළුවන් ඒ වැඩසටහන් පෙල Disaster Autopsy.
National Geographic නාලිකාව නිෂ්පාදනය කල මේ වැඩසටහන් මාලාව වෙබ්ගත වුනේ 2024 අගෝස්තු මාසයේ පටන් . එහි පළමු අදියර යටතේ මේ වනවිට වැඩසටහන් 8 අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
ඒ එක වැඩසටහනකදී ලෝකයේ මේ වනවිට සිදුවූ බිහිසුණු අනතුරු 3 ක් ගැන පියවරෙන් පියවර තොරතුරු විශ්ලේෂණයක යෙදෙන්නේ ඒ ඒ විෂය පිළිබද හසල දැනුමැති විද්වත් මණ්ඩලයක් විසින් . එහි විශේෂත්වය වන්නේ එහි යටගියාව සහ දර්ශන දක්වන අතරේම ත්‍රිමාණ අනුරූ ( 3D Graphics ) මගින් තැනින් තැන නවත්වමින් අනතුර පටන් ගත් තැන පටන් එය පියවරෙන් පියවර විස්තර කෙරෙන අපූරුවයි.
වැඩි තාක්ෂණික දැනුම් පසුබිමක් නැති මටත් ඒ පැහැදිලි කිරීම් අවසානයේදී ඒ සිදුවීම පිළිබද පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම අපි වැඩි වටිනාකමක් නොදෙන සුළු සුළු සිදුවීම් මහා විනාශයකට පාර කියන හැටි පැහැදිලි වෙද්දී හැම දෙයක්ම හරිහැටි වගකීමෙන් කිරීම ගැනත් බරපතල ලෙස දැනෙන්නට පටන් ගන්නවා.
මින් පෙර මා තොරතුරැ ඉදිරිපත් කල අත්හැර දමන ලද තැන් වල අභිරහස් - Mysteries of the abandoned වැඩසටහන් මාලාවේ සිටි සම්පත් දායකයින් රැසක්ම මේ තොරතුරුත් පැහැදිලි කරන නිසා හුරු බවකුත් දැනෙන බව කිවයුතුයි.
මේ එහි දිගුවයි
https://ahasgawwenehalokaya.blogspot.com/2023/01/500.html
මේ එහි වැඩසටහන් පෙලයි
Disaster Autopsy - Season 1
පළමු අදියර - පළමු වැඩසටහන
2003 පෙබරවාරි 1 - කොලොම්බියා අභ්‍යවකාශ යානා අනතුර ,
ඇමෙරිකා එක්සත් ජනපදය
2017 ජූනි 14 - Grenfell Tower මහල් නිවාස ගින්න , මහා බ්‍රිතාන්‍යය
1998 ජූනි 3 - Eshede අධිවේගී දුම්රිය අනතුර , ජර්මනිය
පළමු අදියර - දෙවන වැඩසටහන
1980 සැප්තැම්බර් 19 - ටයිටන් මිසයිල අනතුර , ඇමෙරිකා එක්සත් ජනපදය
1994 සැප්තැම්බර් 28 - MV Estonia මගී පාරු අනතුර , බෝල්ටික් මුහුද
1988 ජූලි 6 - Piper Alpha ඛනිජ තෙල් ළිං සංකීර්ණය පිපිරීම , උතුරු මුහුද
පළමු අදියර - තෙවන වැඩසටහන
1999 මාර්තු 24 - Mont Blanc මගී උමං මාර්ග ගින්න , ඉතාලිය සහ ප්‍රංශය අතර
1995 ජූනි 29 - Sampoong සාප්පු සංකීර්ණය කඩාවැටීම , දකුණු කොරියාව
1979 මාර්තු 28 - Three Mile Island න්‍යෂ්ටික බලාගාර අනතුර ,
ඇමෙරිකා එක්සත් ජනපදය
පළමු අදියර - සිව්වන වැඩසටහන
1970 අප්‍රේල් 13 - ඇපලෝ 13 අභ්‍යවකාශ යානා අනතුර
ඇමෙරිකා එක්සත් ජනපදය
1980 නොවැම්බර් 21 - MGM Grand Casino ගොඩනැගිලි සංකීර්ණ ගින්න ,
ඇමෙරිකා එක්සත් ජනපදය
2018 අගෝස්තු 14 - Genoa පාලම කඩාවැටීම , ඉතාලිය
පළමු අදියර - පස්වන වැඩසටහන
2021 ජූනි 24 - Champlain මහල් නිවාස සංකීර්ණය කඩාවැටීම
ඇමෙරිකා එක්සත් ජනපදය
2020 අගෝස්තු 12 - Kursk සබ්මැරීන අනතුර , බැරෙන්ට්ස් මුහුද
1987 නොවැම්බර් 18 - Kings Cross උමං දුම්රිය ස්ථානයේ ගින්න, මහා බ්‍රිතාන්‍යය
පළමු අදියර - හයවන වැඩසටහන
2008 පෙබරවාරි 7 - Imperial සීනි කර්මාන්ත ශාලාවේ ගින්න
ඇමෙරිකා එක්සත් ජනපදය
2013 ජූලි 6 - Lac Magnetic දුම්රිය අනතුර , කැනඩාව
2021 මාර්තු 23- 29 - Ever Given සූවස් ඇලේ හිරවූ ලොව විශාලතම බහාලුම් නැව, ඊජිප්තුව
පළමු අදියර - හත් වන වැඩසටහන
2011 මාර්තු 11 - Fukushima න්‍යෂ්ටික බලාගාර අනතුර, ජපානය
2023 ජූලි 27 - Manhattan දොඹකර අනතුර , ඇමෙරිකා එක්සත් ජනපදය
1967 ජූලි 29 - USS Forrestal යුධ නෞකා අනතුර, දකුණු චීන මුහුද
පළමු අදියර - අට වන වැඩසටහන
2010 අප්‍රේල් 20 සිට 2010 සැප්තැම්බර් 19 දක්වා - Deepwater Horizon සමුද්‍ර තෙල් කාන්දුව , මෙක්සිකෝ බොක්ක
2000 ජූලි 25 - කොන්කෝඩ් සුපර්සොනික් ජෙට් අනතුර , ප්‍රංශය
2000 නොවැම්බර් 11 - Kaprun Funicular අනතුර, ඔස්ට්‍රියාව
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.