මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 29, 2020

Hoover වේල්ලේ අසිරිය බලන්නට යමු.....සංචාරයක මතකය...


Can Los Angeles use the Hoover Dam as a giant battery? | GreenBiz

ඇමෙරිකානු සංචාරයක මතකය ...... Grand Canyon  වටේ රවුමක්  4.

$3 billion plan would turn Hoover Dam into giant battery - SFGate

Herbert Hoover - Facts, Presidency & Great Depression - Biography

Herbert Hoover

ගංවතුර පාලනය , විදුලි බලය , වගාවන්ට අවශ් ජලය , පානීය සහ දෛනික කටයුතු සහ නගර වාසීන්ට භාවිතය පිණිස කොලරාඩෝ ගගේ ගලායන ජලය පාලනය ඇරබුනේ අතීතයේ පටන් . 1905 දී ඉදිකළ Laguna බැම්ම ඉන් පළමුවැන්නයි.ප්රාන්ත ගණනාවක් කලක තිස්සේ වාද විවාද කල මේ ජල භාවිතය පිළිබද ගැටළුවට විසදුම් දෙන්නට පසුකාලීනව ඇමෙරිකාවේ ජනාධිපති වූ Herbert Hoover මහත් මෙහෙයක් ඉටුකලා . අනුව කෙරුණු සැලසුම් , කතාබහ රැසකට පස්සෙ 1931 දී නෙවාඩා , ඇරිසෝනා ප්රාන්ත මායිමේ තියෙන Black Canyon හරහා වේල්ලක් හදන්න ඇමෙරිකානු මධ්යම රජය කටයුතු කලා . මුලින් එහි නම වුනේ Boulder dam සදහා එදා වියදම් කල මුදල ඩොලර් මිලියන 49 ක්. Grand Canyon වටා යන ගමනෙ අවසානයට ඇවිත් . අද අපි යන්නෙ ජනප්රිය Hoover වේල්ල බලන්න. තරමක දිගු වාහන ගමනකට පස්සෙ අපි සුවිසල් වේල්ල ගාව .

Hoover Dam - HISTORY


Hoover Dam

Hoover Dam Bypass Bridge Dedicated | 2010-10-19 | ENR

තට්ටු 60 ක් උස ගොඩනැගිල්ලක් තරමේ මෙය අඩිවලින් 726.4 ක් උසයි. එහි පළල අඩි 1244 ක් . මෙය අක්කර අඩි 28,537,000 ක් ජලය රදන Lake Mead තනනවා. වේල්ලේ සහ සංකීර්ණයේ සැලසුම් ශිල්පියා Gordon Kaufmann සමාගම් 6 ක් එක්ව තැනු Six Companies Inc.මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කලා . දැඩි ආර්ථික අවපාතයක් පැවති 1931 දී මෙහි සේවය කරන්නට රැකියා විරහිත පිරිමින් ආවේ බොහෝ ඈත පළාත්වලින්. ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල පදිංචිය සදහා Boulder නගරය ඉදි කෙරුණා . මුලින්ම 1930 දී  Salt Lake සිට ලොස් ඇන්ජලීස් දක්වා යන දුම්රිය මගේ දිගුවක් ලෙස Henderson සිට Boulder City දක්වාත්, Boulder city සිට වේල්ල ඉදිකල ස්ථානය දක්වාත් , Arizona සිට ගල්කුඩු ගෙන ඒම සදහාත්  ලෙසින් දුම්රිය මාර්ග 3 ක් තැනුනා . මේ සුවිසල් ඉදිකිරීමට අවශ් ද්රව් කඩිනමින් පරිශ්රයට ගෙන ඒමේ අරමුණින් . එහෙත් පසුකාලීනව  ඒවා භාවිතයෙන් ඉවත් කෙරුණා . Boulder city  දුම්රිය කෞතුකාගාරය මතකය අළුත් කරනවා . විවිධ කම්කරු ගැටළු මධ්යයේ දිවා රෑ නොබලා විශාල පිරිසක් යොදවා කල ඉදිකිරීම් කටයුතු නියමිත කාලයට අවුරුදු 2 කට කලින් නිමකිරීමේ ගෞරවය හිමි වන්නේ මේ ඉදිකිරීම් භාරව සිටි ඉංජිනේරු ප්රධානියා වූ Frank Crowe ටයි . කැනඩාවේ කුවිබෙක් ප්රාන්තයේ උපන් ඔහු වේලි ඉදිකිරීම ගැන පළපුරුදු කෙනෙක්.ඒවාගේම වේලි කොන්ක්රීට් ප්රවාහනය සහ ඒවා කේබල් යොදවා නියම තැනට නියම පරිමාවෙන් වෙලාවට දැමීම සදහා ක්රමවේද සදහා පේටන්ට් හිමිකම් ඇති අයෙක් .

Gordon Kaufmann - Wikipedia

Gordon Kaufmann

Chief engineer: Frank Crowe | American Experience | Official Site ...

Frank Crowe
ශීතල වතුර විදිමින් කල සුවිසල් කොන්ක්රීට් මෙහෙයුම් වලින් කියුබික් අඩි  මිලියන 3.25 ක් මේ Gravity Arc වේල්ල සදහාත් කියුබික් අඩි මිලියන 1.1 ක් බලාගාරය සහ ගොඩනැගිලි සදහාත් භාවිතා කර තිබෙනවා. ප්රමාණය නිව්යෝර්ක් ඉදන් සැන් ෆ්රැන්සිස්කෝ  දක්වා Two lane Highway එකක් Pave කරන්නට තරම් එකක් . මේ සුවිසල් වේල්ල තුල කිලෝමීටර් 937 තරමේ දිග ශීතල නල තිබෙන බවයි කියැවෙන්නෙ
අපි වාහනය වාහන නැවතුමේ උඩ තට්ටුවක නවත්වලා විදුලි සෝපානයෙන් පහල තියෙන මධ්යස්ථානයට ආවා . අපේ බලාපොරොත්තුව බලාගාර චාරිකාවක් යන්න . බලාගාරයේ ඉතිහාසය , සිවිල් ඉංජිනේරු , විදුලි ඉංජිනේරු තොරතුරු නිරූපණය වන කුටි රැසක් මේ පරිශ්රයේ තිබෙනවා . වසරකට මිලියනයක් තරම් සංචාරකයින් පිරිසක් මෙහි එන බවයි කියැවෙන්නෙ. වේල්ල මතින් වාහන යාමේ අවදානම නිසා 2010 දී ඉදිකෙරුණු Hoover dam bypass ඔබට වේල්ල අද්දර ඉදන් පහසුවෙන් බලන්න පුළුවන් . 

Hoover Dam: Construction Milestones in Concrete Delivery and ...



Inside Hoover Dam | David Herrera | Flickr

Hoover Dam බලාගාර චාරිකාව

Hoover Dam | Hoover Dam Tours | Hoover Dam Las Vegas | Travel Nevada

විනාඩි 10 ක් විතර ඉතිහාස වාර්තා චිත්රපටයක් බලපු අපි අඩි 530 ක් පහලින් තියෙන ගල් පර්වතය වෙත ගියේ විදුලි සෝපානයෙන් .Lake Mead වල ඉදන් විනාඩියකට ගැලුම් 90000 වතුර ගෙනයන අඩි 30 නලයක් ලග අප නතර වුනා . රොකී කදුවැටිය වටා ගිය ගමනේදී ගිය Revelstoke Dam ඔබට මතක ඇති . නියාමක වරයා විස්තර කියන්න පටන් ගත්තා .අගෝස්තුවේ Sonoran desert  අවට වටපිටාව ගිනිගහන රස්නෙ වුණත් මෙතැන නම් හරිම ශීතලයි . එත් එක්කම බිත්තියේ දිය සීරාව .අවුරුද්දකට කිලෝවොට් බිලියන 4.5 තරම් ජල විදුලියක් නිපදවන මෙහි ටර්බයින් යන්ත් 17 ක් තිබෙනවා . ඉන් 8 ක් මේ චාරිකාවේදී ඔබට දකින්නට පුළුවන්. ඉන් එක උමගකදී ඔබට වේල්ලේ මැදක සිට හුළං කවුළුවලින් එළිය බලන්නත් , 1950 දී ජල කාන්දුවක් පිලියම් කල තැනක් දකින්නත් පුළුවන් . මේ ටර්බයින් වලට අවශ් ජලය ලබාගන්නේ දෙපැත්තේ 2 බැගින් තිබෙන Intake tower හතරෙන් .හරියටම වේල්ල මැදදී ඔබට එක කකුලක් නෙවාඩා වලත් , අනෙක ඇරිසෝනා වලත් තියන්න පුළුවන් වෙන්නේ මේ වේල්ල හදල තියෙන්නෙ ප්රාන්ත මායිමේ හින්ද .

Hoover Dam (at Lake Mead National Recreation Area) - Nomadic Niko

Hoover Dam 4-Hour Small Group Tour from Las Vegas - Las Vegas ...

වේල්ලේ අයිනක අතීතයේ ක්රියාත්මක වූ දොබකර අතරින් ක්රියාකාරී එකක් අදත් දකින්නට පුළුවන් . යම් හෙයකින් ජලාශය වාන් දැමුවහොත් වැඩි වතුර පිටව යාමට spillways දෙකක් ඇරිසෝනා සහ නෙවාඩා අන්තවල තිබෙනවා . අවසන් වරට පීටර ගැලීමක් වාර්තා ඇත්තේ 1983 දී . බලාගාරයේ ඇති Terrazo බිම Allen True ගේ නිර්මාණ වලින් අලංකාරවත්  වී තිබෙනවා . වෙලාවකට ඒක කලාගාරයක් වගේ . Terrazo පොලොව Joseph සහ John Martina කියන ඉතාලි ජාතික සහෝදරයින් දෙන්නාගේ වැඩක්. චාරිකාවෙන් පස්සෙ එළියට ආවාම තියෙන ප්රතිමා පිටීකාවේ නෝවේජියානු සංක්රමණික J W Hansen ගේ දස්කම් බලන්නට පුළුවන් . බලාගෙන ගියාම මේ සංකීර්ණය ජාතීන් රැසකගේ දක්ෂතා එකට එකතු වූ මානව නිර්මාණයක් .මට එහෙම හිතුණා .

This Old Palette: Oskar J. W. Hansen (1892-1971)

J W Hansen

CT Monuments.net » Blog Archive » Hoover Dam, Nevada and Arizona

Lake Mead National Recreation Area | Visit The USA

Lake Mead

Lake Mead National Recreation Area (Nevada) - All You Need to Know ...


ජල ධාරිතාව අතින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති විශාලතම ජලාශය වන මෙහි කොලරාඩෝ ගගේ අවුරුද්දක වතුර ප්රමාණය තියා ගන්න පුළුවන් කියලයි කියන්නෙ . එය තරමින් වර්ග කිලෝමීටර 640 ක් . කලක් මේ ව්යාපෘතියේ කොමසාරිස් වරයෙකු වූ Elwood Mead සිහි වන්නට මේ ජලාශයට මේ නම ලැබුණා . ලාස් වෙගාස් නගරයට කිට්ටුවෙන් තියෙන ප්රධානම ස්වභාව උද්යානය වන මෙහි බෝට්ටු පදින්න , මාළු බාන්න , පීනන්න , ඇවිදින්න , බයිසිකල් පදින්න වගේම කදවුරු බිම් සදහාත් පහසුකම් තිබෙනවා . අප මේ ලිපියේ මුලින් සදහන් කල අතහැර දමන ලද දුම්රිය මාර්ගය මේ වනවිට ජනප්රිය ඇවිදින මං පෙතක් ලෙස භාවිත වෙනවා . එය ඇරබෙන තැන තියෙන සංචාරක මධ්යස්ථානයෙන් ඔබට මේ කලාපය පිළිබද බොහෝ විස්තර දැනගන්න පුළුවන් . Lake Mead  වලට එපිටින් Grand canyon වල එක් කොනක් හරිම ලස්සනට දකින්නට පුළුවන්

Elwood Mead - Wikipedia

Elwood Mead

7.5 Million People Visited Lake Mead National Recreation Area in ...

රොකී කදුවැටිය වටා ගිය ගමනේදී ගිය Revelstoke Dam ඔබට මතක ඇති . 


ඒ වෙබ් ලිපියේ යොමුව 



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
 සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


Hoover Dam | Bureau of Reclamation


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

Canadian Minority Media Database | Dasatha


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 අගෝස්තු කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Oskar J. W. Hansen - Wikipedia

High Scaler Sculpture - Hoover Dam - Todays Weather and News