මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 30, 2018

සුදීල් අය්යා සහ ටාකු ......රේඩියෝ කෙටිකතාව .......තිසරි ශිඛා

Young man's 10-year battle to stay alive | Morning Bulletin


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල


සුදීල් අය්යා .......

young-man-1281282_1920(1) – Norris

සුදීල් අය්යලගේ ගෙදර තිබ්බෙ හූවක දුරින් වුණත් සුදීල් අය්යා වැඩිපුර හිටියේ අපේ 
ගෙදර කිව්වොත් ඒක හරි ............

පුංචි කාලෙ නම් මට සුදීල් අය්යා ගැන තරහක් තිබ්බේ සුදීල් අය්යට චම්මලාගෙන් මට
වැඩිය ආදරයක් ලැබුණු හින්ද ......

එයාගෙ කෑම පිගානට ලොකු මාළු කෑල්ල වැටෙනකොට වැඩිපුර එළවළු බත් වැටෙනකොට
මම සුදීල් අය්යත් එක්ක රණ්ඩු කලා මට මතකයි .....

My Diary – My Way Diaries


ටාකු .......


INDONESIAN FOOD: Nasi Goreng & My Recipe - YouTube ...

අපේ ගෙදර සීනුව නාදවුණා අවේලාවේ ......

මම පුදුමයෙන් දොර ඇරිය .....

කෑම බන්දේසියක් අරන් හිටගෙන දොර ගාව හිටගෙන හිටපු ගෑනු ළමයා මට හිනාවුණා ....






සවනට රචනා කලේ තිසරි ශිඛා

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .



http://sawana.ca/



විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for Sawana radioImage result for Sawana radio


සේයාරූ   අන්තර්ජාලයෙන්  Google Images

             සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Should I take a job at my sister's company? | Money | The Guardian

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 


Friday, June 29, 2018

බෙල්ට හලෝ කියා කැබොට් පාරෙන් ගල් අඟුරු පතලකට......කැනඩාවේ නෝවා ස්කොෂියා පලාතට ගිය ගමනක් ......

The Cabot Trail – Cape Breton Island, Nova Scotia | CB Island

ඇලෙක්සැන් ඩර් ග්‍රැහැම් බෙල් කැනේඩියානු වන් ලෙස අපට ආඩම්බර විය හැකි ලෝකයම ලංකල දුරකථනය හඳුන්වා දුන් නිර්මපකයාය. නව ස්කොට්ලන්තය යන අරුත ඇති නෝවා ස්කොචියා පළාතේ බෙඩෙක් නගරයේ පිහිටි මනරම් බිම්කඩක ඇති බෙල්ගේ කැනේඩියානු නිවහන ආශ්‍රිතව ඔහු සමරමින්  ජාතික ඓතිහාසික පරිශ්‍රය පිහිටුවා තිබේ. ටොරොන්ටෝවේ සිට සැතපුම් දහස් ගණනක රථ ධාවනයකින් පසු අප මේ පැමිණ සිටින්නේ කැනඩාවේ නැගෙනහිර වෙරලටයි . 

Alexander Graham Bell - Inventions, Biography & Telephone - HISTORY


නාවික ක්ෂේත්‍රයේදී ඉතාමත් වැදගත්කමක් ඇති හැලිෆැක්ස් නගරය මෙහි අගනුවරයි. බෙල් පවුලෙන් ලැබුණු පරිත්‍යාග මත 1955 දී පිහිටවූ මේ කෞතුකාගාරය ඉංජිනේරු අංශයෙන් උනන්දුවක් දක්වන කාහට වුවද දැනුම් සම්බාරයක් ලැබිය හැකි තැනකි . සිය මවත් බිරිදත් දෙදෙනාම බිහිරි වූ බැවින් බිහිරි පුද්ගලයන් සඳහා සිය පර්යේෂණ මෙහෙයවූ බෙල් අතින් ටෙලිෆෝනය බිහිවී ඇත්තේ අහම්බයකිනි.ආරක්ෂක කටයුතුවලදී මහත් මෙහෙයක් කරන ලෝහ හදුනනය (Métal Detector) ඇතුළු නිමැවුම් රැසක් කල බෙල් 1906 දී බෙඩෙක් වලදී නිමවූ ප්‍රති සබ්මැරීන හයිඩ්රො ෆොඉල් යාත්‍රාවත් 1909 දී කල ගුවන් යානා පර්යේෂණත් ඔබට මෙහිදී දැකගත හැකිය.

Alexander Graham Bell National Historic Site Baddeck Cape Breton ...

HD-4 hydrofoil, Alexander Graham Bell National Historic Si… | Flickr






කැබොට් මංපෙත ( Cabot Trail)

Cabot Trail - Picture of Nova Scotia, Canada - Tripadvisor

ලෝකයේ ජනප්‍රිය දර්ශනීය මාවත් අතරින් එකක් ලෙස සැලකෙන කැබොට් මංපෙත කිලෝමීටර 298 ක් දිග බෙඩෙක් වලින් ඇරඹී කේප් බ්‍රිටන් දුපත වටා ගොස් ආපසු බෙඩෙක් වලින් අවසන් වන වටරවුම් මාර්ගයකි. කඳු නිම්න වන වදුලින් පිරි ජෛව විවි ධත්වයකින් හෙබි මේ මාවත ගමන් කරන්නේ කිලෝමීටර 948 ක් වසා සිටින කේප් බ්‍රිටන් උස්බිම් රක්ෂිතය වටාය .ඒ සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍රය දින දෙකකට වලංගු වන්නේ ඔබ පරිසර ලෝලියෙකු නම් කඳවුරු බිමක රැය පහන් කරන්නටත් , බයිසිකල් හෝ ඇවිදින මංපෙත් වල යන්නෙක් නම් ඒ සඳහා ඉඩ සලසන බොහෝ ගණනක් එහි ඇති බැවිනි.  වාහනයෙන් යන විටදී ඔබ දකින අතිශය සුන්දර රුපපෙල  අඩුවක් නැතුව කැටිකර ගන්නට නම් ඩෑෂ් බෝඩ් කැමරාවක් ප්‍රයෝජනවත් වනු නියතය.ඉතා විශාල වංගු ගණනාවක් ඇති බැවින් ඔරලෝසුවේ කටු කැරකෙන අතට වටරවුම් මාර්ගය ධාවනය කරන විට දසුන් වඩාත් සුන්දරව දිස්වන බවත් රිය පැදවීම  වඩාත් ප්‍රවේශම් වන බව සංචාරක වෙබ් අඩවියක සදහන් වූ බැවින් අපිද එය අනුගමනය කළෙමු. 

cabot trail map 3 – over60hiker


ඒ මාර්ගය මුදුනේ ඇති ගම් කිහිපය කේන්ද්‍ර කර ගනිමින් සංචාරකයින් සඳහා අත්ලාන්තික් සාගරයේ තල්මසුන් නැරබුම් චාරිකා සේවාවන් ද ක්‍රියාත්මක වේ. රිය නවතා අත්ලාන්තික් සයුරේ රැල පාගන්නට ඉඩ සලසා ඇති තැන් රැසක් වූ බැවින් අපට ගිමන් හරින්නට අසීරු වුයේ නැත. කැබොට් මංපෙත තුල තැනින් තැන වාහන නවතා බයිසිකල් වල නැගී වනපෙත ගවේෂණය කරන්නටත් ඇවිද්ද පයට දහස් ගණනින් වටිනාකමක් දෙමින් වනය නිරීක්ෂණය කරන්නටත් , කෑම ගැනීමට මෙන්ම වැසිකිලි පහසුකම් පිරි විවේක ස්ථාන ද බොහොමයක් වේ. ගස්වල කොළ රතු කහ තැඹිලි පැහැයන්ගෙන් වර්ණ ගැන්වෙන සමයට කේප් බ්‍රිටන් දිවයිනත් කැබොට් මන්පෙතත් මවන විසිතුර බලන්නට ලොව නන් දෙසින් දහස් ගණනින් සංචාරකයින් පැමිණෙන වග සදහන්ය.

The Dubliners ~ Springhill Mining Disaster - YouTube



ස්ප්‍රින්හිල් ගල් අඟුරු පතල






අඩි 14200 දිගට විහිදුණු අංක 2 දරණ පතල 1956 සහ 1958 දී සිදුවූ ඛේදවාචකයෙන් පසුව වසාදැමූනද සංචාරකයින් සදහා කුඩා කොටසක් වඩා ආරක්ෂිතව පනගන්වා තිබේ.එම දුක්බර සිද්ධියෙන් දිවි ගලවාගත් පතල් කම්කරුවෙකු විසින්ම පවත්වන කණ්ඩායම් සංචාරයකට අපට මෙහිදී ඉඩ ලැබිණි.පතල් කම්කරු ඇදුම් ආයිත්තම් වලින් සැරසී අංකය සහිත බෙලෙක් තහඩුවක්ද සහිතව දෝනාවට බට පැය බාගයක පමණ කාලයේදී  කට්ට කළුවර වැසිකිළියක්වත් නැති ගුහාවක දවස පුරා ගල් අඟුරු වලින් ඩක්කු  පිරවූ කම්කරුවන් ගැන නෙතට කඳුලක් ඉනු බව කිව යුතුය. මේ වනවිට පාළුවට ගොස් තිබෙන එම ප්‍රදේශය ගල් අඟුරු වලට හොඳ කලක් පැවති එදවස කෙතරම් ජනාකීර්ණ වන්නට ඇත්දැයි අපට සිතිණි . එම පරිශ්‍රයේ ඇති කෞතුකාගාරයේ දකින්නට ලැබෙන දෑ සහ වීඩියෝ චිත්‍රපට සුවිශේෂය.

Nova Scotia Archives - Men in the Mines




ජෝගින්ස් පොසිල මද්‍යස්ථානය

Home · Joggins Fossil Cliffs, Nova Scotia, Canada (UNESCO World ...





ලෝකයේ වැඩිම වඩදිය බාදිය වෙනස දකින්නට ලැබෙන ෆන්ඩි බොක්කේ නෝවා ස්කොෂියා මායිමේ වසර මිලියන 300 ක ඉතිහාසයක් ඇති මේ පොසිල පරිශ්‍රය කිලෝමීටර 15 ක් දිගට විහිදී තිබේ.  යුනෙස්කෝව මගින් ප්‍රකාශයට පත්කළ ලෝක උරුමයන් අතුරින් එකක් වන මෙහි මුහුදු වෙරළේ අදද පොසිලයන් දකින්නට ලැබේ. සැමදා වතුරේ යට වෙමින් නැවත පැදෙමින් කල්පනාකාරී විය යුත්තේ වතුර පිරෙන පැය කිහිපයේදීය . ඔබ ඇවිද ගිය වෙරළ තීරය ඔබ බලා සිටියදීම වතුරින් යටවන්නේ ඔබ මවිත කරවමිනි.ඒ බව දැක්වෙන පුවරු සේම නිලධාරින්ද සිටිනා බැවින් ඔබ කිසි සේත්ම මේ සංචාරයට බිය විය යුතු නැත. එහි පිහිටා ඇති අධ්‍යාපන මද්‍යස්ථානය පහසුකම් සපිරි දැනුම් ගබඩාවකි.බොහෝ දෘශ්‍ය ආකෘති පිරි මෙහිදී පොසිල, ගල් අඟුරු පතල් පමණක් නොව මේ ප්‍රදේශයේ ඉතිහාසය පවා මැනවින් නිරුපණය  කර ඇති වග පෙනේ.


Beach tours · Joggins Fossil Cliffs, Nova Scotia, Canada (UNESCO ...

TCD

අත් නොහැරිය යුතු තවත් තැන් .  


බ්ලු නොස්  II ( Bluenose II )*

Image result for bluenose
කැනේඩියානු සත දහයේ කාසිය(Dime ) කොටා ඇති නිල්නැහැය (Bluenose II) රුවල් නැවේ ප්‍රතිනිර්මාණය බ්ලු නෝස් 2  සිඩ්නි වරාය බලා යන ගමනක මැද සමුද්‍රයේ වූ බැවින් අපට අතහැරුණද එය වරායක නැංගුරම් ලා ඇත්නම් අත් නොහැරිය යුත්තකි. එහි නැගී සංචාරයක යෙදෙන්නත් සේවය සදහා බැදෙන්නත්  ඉඩ ප්‍රස්ථා ඇති බැවින් ඒ ගැන උනන්දු නම් අන්තර්ජාලය බලන්න.

පෙගීගේ ගුහාව  ( Peggy’s  Cove )*

Image result for peggy's cove

හැලි ෆැක්ස් නගරයේ සිට කිලෝමීටර් 43 දුරින් පිහිටි කුඩා ධීවර ගම්මානයක් පෙගීගේ ගුහාව ලෙසින් නම් ලබා තිබේ. මෙහි තුඩුවේ 1868 ඉදිකර තිබෙන ප්‍රදීපාගාරය අත්ලාන්තික් සාගර මායිමේ පිහිටි ජනප්‍රිය සංචාරක ආකර්ෂණ අතුරින් එකකි.

ලුනෙන්බර්ග්  ( Lunenberg )*

Image result for lunenburg

කැනඩාවේ මුල් උරුමකරුවන්ගේ වරායක් ලෙස ලුනෙන්බර්ග් හදුන්වා දිය හැකිය.ආකේඩියන් වරුන් ගේ ප්‍රකට රතු සහ නිල් පැ හගැන්වූ නිවෙස් සහ ගොඩනැගිලි අතරේ සයුරට විවර වූ මේ පෙදෙස සිතුවමක ලෙසින් යලි යලිත් සිහිපත් කල හැකිය.

ලුවිස්බර්ග් බලකොටුව (  Louisberg ) *

Image result for louisbourg nova scotia

1700 ගණන්වල බලකොටුවක සොල්දාදුවන් ආචාර පෙලපාලියක් සහ ආචාර වෙඩිමුර දක්වන අතරේ ඒ කාලයේ ජන ජීවිතය සහ ක්‍රීඩා වල අත්දැකීම් ලබන්නට කදිම තැනක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

Capture of Louisburg 1758

ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන

අනුරුද්ධ වැලිගමගේ

Frederic Gate at Fortress Louisburg in Nova Scotia. (With images ...

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


Image result for peggy's cove

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 ඔක්තෝබර් කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha



http://dasatha.com/


Skyline Hiking Trail - Cape Breton Highlands National Park - Cabot ...


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  


Thursday, June 28, 2018

හීන පාලමක් දිගේ ……..අපි අතීතයට යනවා....කවි .......අනුරුද්ධ වැලිගමගේ



Image result for couple in nature

අපි යොවුන් වියට යනවා
මතක පිටු රොත්තක් පෙරලනවා
හීන පාලමක් දිගේ……………
අපි අතීතයට යනවා

හිතින් තරු අතකුරු කියවනවා
සඳපානේ හිනැහෙනවා
පුදීන ගොයමේ පුසුඹ මතකයෙන්
අපි අතීතයට යනවා

වෙල් එළියේ දුව පනිනා
 ගන් දැලේ පෙම් කෙළිනා
රසම රස මතකයන් ඔස්සේ
අපි  අතීතයට යනවා


අනුරුද්ධ වැලිගමගේ

Image result for couple in nature

Saturday, June 23, 2018

මිකී මීයා වෝල්ට් ඩිස්නිව ගෙන ගිය දුරක් .......ඇමෙරිකානු සංචාරයක මතකය ..... - ඩිස්නි ලෝකයට යමු 2

Walt Disney and Mickey Mouse Partners Statue at Disneyland in ...


Walt Disney drawing Steam Boat Willie | Disney facts, Disney fun ...


මිකී මවුස් ගැන නොදන්නා කෙනෙක් ලෝකෙ ඉන්නවද  කියන තරමට මිකී මියා හරිම ජනප්රිය චරිතයක් . කලින් කලට එක එක චරිත ඇතිවෙලා මතුවෙලා ගියාට මිකී මියා එහෙම නෙවෙයි .අදත් ලෝ පුරා නම කියැවෙන චරිතයක් . විශේෂයෙන්ම කාගෙ කාගේත් ළමා කාලෙදි .සාමාන් කාටුන් ශිල්පියෙකු වූ වෝල්ට් ඩිස්නි මහා නිර්මාණ ශිල්පියෙකු සේම ධන කුවේරයෙකු කරන්නට   සිහින චරිතය ගමන අපුරුයි .අපි ඩිස්නි ලෝකය පරිශ්රයේම නවාතැන් ගෙන තිබූ නිසා ගමන පහසුයි . අපි මැජික් රාජධානියට යන බස් එකට නැංගා .

Disney World Blog Discussing Parks, Resorts, Discounts and Dining ...

5 Facts You Probably Didn't Know About Disney's Magic Kingdom ...

මැජික් රාජධානිය ( Magic Kingdom )

Walt Disney World's Magic Kingdom Touring Plan for a 2-Day Visit

මැජික් රාජධානිය ඩිස්නි ලෝකයේ ඉදිකළ පළමු විනෝද උයනයි. එය බොහෝ දුරට කැලිෆෝනියාවේ ඇති ඩිස්නිලන්ත යට සමානය . උස්ව නැගුණු සින්ඩරෙල්ලා මාළිගාව සහ 1910 දී ඩිස්නි දුටු මිසුරි ප්‍රාන්තයේ මාසෙලින් නගරයේ ප්‍රධාන පාර  සිහිගන්වන මහ වීදිය මැදි කරගෙන ඇති කලාප 4 කින් යුත් වෙනමම ලෝකයකි. සිහින ලෝකය කෙතරම් ප්‍රබලද යත් එහි ඇති සියළුම දෑ ආවරණය කරන්නේ නම් පුරා දින දෙකකුදු ප්‍රමාණවත් නොවන බව කිව යුතුය.

Walt Disney World Railroad to Close December 3rd for Tron ...

අධික උෂ්ණාධික කාලගුණයක් ඇති ෆ්ලොරීඩාවේ එක දිගට වැඩි වෙලාවක් ගොඩබිම පෙදෙසෙක සිටීම අසීරු බැවින් ඔබ ඩිස්නි හෝටලයක නවාතැන් ගෙන ඇත්නම් උදෑසන 9 සිට පස්වරු 1 පමණ වනතෙක් සහ සවස 5 සිට රාත්‍රී 11 පමන වනතෙක් දවස බෙදාගෙන ජල තටාකයක ගිලී සිසිල්වී බොහෝ දේ ආවරණය කරගත හැකිය.

Disney Days of Past: Mickey Mania Parade at Magic Kingdom Park ...

walt disney world parades | ... of fantasy parade, magic kingdom ...

සෑම දිනකම සවස 3 ට පැවැත්වෙන පෙලපාලියේ  වර්ණවත් ලෙසින් අලංකාරවත් කල රථ සහ නැටුම් ශිල්පින් , ඩිස්නි චරිතවලින් ඔබව ගෙනයන්නේ සිහින රාජධානියකට බව නොකියාම බැරිය. රාත්‍රී 9 ට පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයේදී මවන රූ රටා සහ 9.30 ට ශ්වේත වර්ණ සින්ඩරෙල්ලා මාළිගාව දේදුනු වර්ණ ඩිජිටල් දර්ශන මගින්  අලංකාරවත් කරන මොහොත අසා ඇති දැක නැති මිහිපිට ඇති දෙව්ලොවක් මවන අයුරු වචනයෙන් විස්තර කල නොහැකි අත්විදිය යුතු අත්දැකීමකි. රාත්‍රී 10 ට පැවැත්වෙන ආලෝක පෙළපාලියේදී දහවල දුටු මනස්කාන්ත ඩිස්නි චරිත හාත්පසින්ම වෙනස් ඇදුම් ආයිත්තමින් සැරසී ආලෝකවත් කරන ලද රථවල නැගී ගමන් කරනු බලන්නට හැක්කේ ඩිස්නි උදයාන තුලදී පමණි.

Main Street Electrical Parade Coming to Disneyland Park for a ...

ත්‍රාසජනක රෝලර්කොස්ටර චාරිකා, දිස්නිගේ ප්‍රියතම අගුරු දුම්රිය ගමන සමග දිය යටට , අභ්‍යාවකාශයට , අතීතයට සහ අනාගතයට ඔබව ගෙනයන බොහෝ අංග මැජික් රාජධානිය තුල ඇත. 1964 නිව්යෝර්ක් වෙළද සල්පිලට ඩිස්නි ඉදිරිපත් කල 1900 සිට 1960 දක්වා තාක්ෂණය සමග නිවෙසක් වෙනස් වූ අයුරු දැක්වෙන අතපය චලනය වන ක්‍රියාත්මක කැරකෙන නැරබුම් මන්දිරය අත් නොහැරිය යුතු අගනා ලොවක් මවිත කල ප්‍රදර්ශන අංගයකි.


8 Ways to Enjoy Walt Disney World Without Going into the Parks ...

වෝල්ට් ඩිස්නි මේ තරම් දුරක් ගෙනගිය සුපිරි තරුව මිකී මීයා , සිහින රජ කුමර කුමරියන් සහ අනෙකුත් සත්ව චරිත හමුවී සේයාරුවක්, සමරු අත්සනක් ගන්නටත් , කුමරියන් ලෙස , කුමරුන් සහ වීරයන් ලෙස සැරසෙන්නටත් පොරකන, පැය ගණන් අවුවේ පෝලිම්වල වේලෙන ජන ගඟ දෙස බලන විට සිහින ලෝකය කෙතරම් ප්‍රබල දැයි සිතේ.

25 Ultimate Things to Do at Walt Disney World – Fodors Travel Guide

Top 10 Epcot Tips for Rookies At Walt Disney World – How To Disney


එප්කොට් ( EPCOT - Experimental Prototype Community Of Tomorrow )

Another Spaceship Earth Night Photo - Disney Tourist Blog

අනාගතය පිළිබද ඩිස්නිගේ පරිකල්පනය නව මානයකට යොමු කල තැනක් ලෙස එප්කොට් හඳුන්වා දිය හැකිය.මෙහි සියළු දෑ ගොනුකර ඇත්තේ විශාල ගෝලාකාර සුදු පැහැති ගොල්ෆ් බෝලයක් මැදි කර ගනිමිනි. අභ්‍යවකශයටත් , බලශක්ති සංරක්ෂනයටත් , අනාගත නිපැයුම් තුලටත් වැඩි බරක් දී ඇති එප්කොට් යොවුන් සංචාරකයන් ඉලක්ක කර ගැනුණකි.අභ්‍යවකාශ යානා සිමියුලේටර , අධිවේගී රථ ධාවන ත්‍රාසජනක හැඟුම් වඩවන බව යොවුන් දරුවන් කිහිප වරක්ම එම චාරිකා පෝලිම්වල දකින විට පෙනේ.

Epcot's Thrilling Mission: SPACE

The Sum of All Thrills show area and ride system - Photo 2 of 4


මුළු ලෝකයම හකුළුවා කැටිකළ ලෝක ප්‍රදර්ශනාගාරය ( World Showcase ) ඔබව යුරෝපයේ නෝර්වේ , ජර්මනිය,ප්‍රං ශය , ඉතාලිය සහ එක්සත් රාජධානිය යන රටවලටත් ආසියාවේ ජපානය,චීනය යන රටවලටත්, මැද පෙරදිග කලාපයේ මොරොක්කොවටත් ගෙන යන්නේ ඒ ඒ රටවල කෑම රස බලන්නටත් අවස්ථාව සැලසූ අවන්හල් රැසක් සමගිනි. මෙක්සිකෝවේ ඉතිහාස චාරිකාවත් , කැනඩාවේ සහ ඇමෙරිකාවේ නියෝජනයත් ලෝක සිතියම එප්කොට් තුලට ගෙන ඇති අයුරු අපුරුය.

World Showcase at Epcot – 11 Countries in a Day | Orlando Insider ...


රාත්‍රියේදී පැවැත්වෙන මනරම් මවාපෑම සහ මතුකිරීම*Illuminations, Reflections of Earth)    ඩිජිටල් රූපමය පෙළහර සදහා වස් මැද පිහිටි විලෙහි ජලයත් , මල්වෙඩි සංදර්ශනයේදී ඇතිවන දුමත් තිරයක් කර ගන්නා අයුරු අපුරුය. හොඳම තැනක් ඒ සදහා අල්ලා ගැනීමට නම් ප්‍රමුක තාවය ඇති ෆාස්ට් පාස් පෝලිමේ වුව මුලින්ම සිට ගත යුතුය. එප්කොට් හි සංකේතය වන ශ්වේත වර්ණ ගොල්ෆ් බෝලය රාත්‍රියේදී ආලෝකමත් කල විට එහි අසිරිය කිලෝමීටර ගණනාවක ඈතක සිට දැකිය හැකිය.

Top 10 Hidden Secrets of Epcot's World Showcase!- Disney World ...


පිරිසිදු බවින් පිරි , ඇපල් සමාගමට පමණක් දෙවැනි වන ලෝකයේ හොදම ගණුදෙනුකාර සේවාවට හිමිකම් කියන ඩිස්නි ලෝකයේ සියළු දෙනාම තරාතිරම නොබලා ඔබගේ සේවයට සැදී පැහැදී සිටිති. බස්රථ රියැදුරාගේ පටන් පවි ත්‍ර තා සේවකයා දක්වා සියළු දෙනා විවිධ පැහැයන්හි නිල ඇදුමින් සැරසී ,උපන් බිමේ නම,කතා කල හැකි භාෂාව සදහන් සදහනක් සහිතව සිනහ පිරි මුවින් ඔබගේ අත්දැකීම පැහැ ගන්වන්නට බලා සිටිති

Back to the Future – Illuminations: Reflections of Earth - by ...


* මෙම අත්දැකීමේ සමහර ඉංග්‍රීසි යෙදුම් වල පරිවර්තන එම අර්ථය නියමාකාරයෙන් නිරුපණය නොකරන බව සැලකුව මනාය          
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
සටහන
අනුරුද්ධ වැලිගමගේ

Disney Cast Member Discounts (2020) | Urban Tastebud Disney

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Florida Massage Therapists Play Starring Role in Disney Spa Magic

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 ජනවාරි  කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha

http://dasatha.com/

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  


9 Great Reasons to Visit Walt Disney World Resort this Fall | The ...