මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 25, 2020

සක්මන් මළුවේ මතකයන් දිගේ ඇවිද ගිය මොහොත......අනුරුද්ධ වැලිගමගේ .... සුනිමල් බාලසුරිය......

Image result for anuruddha weligamage




කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ මතකයන් දිගේ සිත කියවන සක්මන් මළුව වැඩසටහන තුලින් මගේ ජීවන මතකයන් කියැවූ මොහොතක් .......


මාතර රාහුලයෙන් පටන්ගෙන අග නගරයේ ඩි ඇස් සේනානායකය හරහා ලේක්හවුසියේ ආලින්දය දිගේ දෙසතිය, පෙරමග, කල්පනා හරහා දසත, යාත්‍රා දක්වා මුද්‍රිත මාධ්‍ය හරහාත්,  රුහුණු සේවයේ රේඩියෝ මතක සහ ජාතික රූපවාහිනියේ සහ සිරස ටීවී සිට රූපණ දක්වා රූපවාහිනී අත්දැකීම් අතර මගේ ජීවන අත්දැකීම් අතුරින් බිදක් ..........
Image result for sawana radio
Image result for sawana radio

විශේෂ ස්තූතිය - වැඩසටහන සම්පාදනය කරමින් ඉදිරිපත් කල සුනිමල් බාලසුරිය සහ විධායක නිෂ්පාදක ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක මහත්වරුන්ට

Saturday, April 18, 2020

ජනප්‍රියත්වය සහ සංස්කෘතිය ..... චිත්‍රපට තුලින් ලෝකය දකිමු .....5

Image result for hindi movies"


සිනමාව කර්මාන්තයක් පමණක්ම නෙවෙයි. එය ජනප්රියත්වය සහ සංස්කෘතිය වෙනස් කරන දෙයක්.
වැඩිදුර නොයා ලංකාව දිහා එහෙමත් නැත්නම් තමන් අද ඉන්න රට දිහා බලන්න. අදත් ඔබ මුමුණන චිත්රපට ගීත කොච්චර තියෙනවද ?. චිත්රපට හරහා ජනප්රිය වුණු චරිත කොච්චර තියෙනවද ? .මුදල් වලට අමතරව චිත්රපට හරහා ඒවායේ නිර්මාණ ශිල්පීන් කෙතරම් සමාජ ප්රසාදයක් ලබනවාද ?. වගේම චිත්රපට හරහා  කෙතරම් දේ මිනිසුන්ට හුරු වී තිබෙනවාද?

නරබා අවසන් වූ සැනින් නිම නොවන චිත්රපට තුලින් සුබවාදී ඇසකින් ලෝකය දකින්නට උවමනා වන්නේ නිසයි

Celebrity couples you definitely forgot dated in the last decade ...

Image result for film reel"

Image result for sound of music 1965"

Sound of Music (1965)

Image result for sound of music 1965"

ඔස්ට්රියාවේ කන්යාරාමයක පුහුණුව ලබන තරුණ මරියා දරුවන් 7 දෙනෙකු සිටින වැන්දබු විශ්රාමික හමුදා නිලධාරියෙකුගේ නිවෙසේ දරුවන් බලාගන්නට යනවා.   
දැඩි හමුදා විනයක් ඇති හමුදා නිලධාරියාගේ හිත වෙනස් කරමින් දරුවන් 7 දෙනාට ජීවිතය කියා දෙමින් සංගීතය, නැටුම් උගන්වන්නට මරියා දරන උත්සාහය අවසානයේදී දක්ෂ ගායක කණ්ඩායමක් බිහි වෙනවා සේම වෙනත් කුල කාන්තාවක් විවාහ කරගන්නට සුදානමින් සිටි කපිතාන් ජෝර්ජ් වොන් ට්රැප් ඇයව විවාහ කර ගන්නවා.
දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් හමුදාවට එක්වීමට කල නියෝගය පිලි නොගැනීම නිසා  රටින් පලායාම දක්වා සිදුවීම් මාලාවක් රැගත් මේ චිත්රපටය සම්මාන විශාල ප්රමාණයක් දිනු අද දක්වාම ජනප්රිය විශාල ආදායමක් ඉපැයූ අදත් මතකයේ හිටින ගීත රැසක් ලොවට දායාද කල සංගීතමය චිත්රපටයක්.

 Directed by
Produced by
Robert Wise
Screenplay by
Story by
Maria von Trapp (uncredited)
Based on
Starring
·         Julie Andrews
·         Christopher Plummer
Music by
·         Richard Rodgers
·         Irwin Kostal (score)
Cinematography
Edited by
Production
company
Argyle Enterprises, Inc.
Distributed by
Release date
·         March 2, 1965 (United States)
Running time
174 minutes[1]
Country
United States
Language
English

Image result for sound of music 1965"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Image result for film reel"

Image result for tulip fever (2017)"


Tulip Fever (2017)

Image result for tulip fever (2017)"

17 වන සියවසේ නෙදර්ලන්තයේ ටියුලිප් උන්මාදය ගැන කියැවෙන සුවිශේෂී චිත්රපටයක්. අනාථ නිවාසයක හැදුණු සොපියා වියපත් වංශවත් ව්යාපාරික කොරනේලිස් ගේ බිරිය වෙනවා. තම පරම්පරාව ගෙනයාම සදහා දරුවෙකු ලැබීම පමණක් අරමුණු කරගත් නීරස විවාහය අතරේ කොරනේලිස් තම රූමත් බිරියගේ චිත්රයක් අදින්නට ජෑන් නම් තරුණ සිත්තරෙකුට බාර කරනවා.

මේ අතර නිවසේ සේවිකාව මරියා සහ නිවසට මාළු ගෙනෙන විලෙම් අතර ඇතිවන සම්බන්ධයකින් ඇය ගැබ් ගන්නවා. තරුණ සිත්තරා සමග ආදරයක බැදෙන සොපියා මරියාගේ කබාය ඇදගෙන ජෑන් දකින්නට යන මොහොතක ඇය ලුහුබදින විලෙම් හිතන්නේ මරියා ඔහුට පිටුපාන බවයි. ඉන් කලකිරෙන විලෙම් නාවික හමුදාවට බැදී රටින් පිටවෙනවා. 
සොපියා සහ මරියා එකගතාවයකට පැමිණ සොපියා ගැබ්ගෙන ඇති බව කොරනේලිස්ට අගවනවා. ඉන් පසු සොපියා, මරියා, විලෙම් සහ ජෑන් ගේ ජීවිත ගලායන වෙනස්ම විදිහ ඔබට දිගටම මේ චිත්රපටය තුලින් දකින්නට පුළුවන්.

Directed by
Produced by
Screenplay by
·         Deborah Moggach
·         Tom Stoppard
Based on
Tulip Fever
by Deborah Moggach
Starring
·         Alicia Vikander
·         Dane DeHaan
·         Jack O'Connell
·         Holliday Grainger
·         Tom Hollander
·         Matthew Morrison
·         Kevin McKidd
·         Douglas Hodge
·         Joanna Scanlan
·         Zach Galifianakis
·         Judi Dench
·         Christoph Waltz
Music by
Cinematography
Edited by
Rick Russell
Production
company
·         Worldview Entertainment
·         Paramount Pictures[nb 1]
·         Ruby Films
Distributed by
Release date
·         August 13, 2017 (Soho House)
·         September 1, 2017 (United States)
Running time
107 minutes[1]
Country
·         United States
·         United Kingdom
Language
English

Image result for tulip fever (2017)"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for dear zindagi 2016"


Dear Zindagi ( 2016)

Image result for dear zindagi 2016"


කයිරා තරුණ දක්ෂ සිනමා කැමරා ශිල්පිණියක්. සුරූපි අවිවාහක ඇය හැමවිටම සබදතාවයක් ගොඩනගා ගන්නා විට අතරමැද දී එය අතහැර යනවා.
එයින් බලවත් ලෙස පීඩා විදින, අවිනිශ්චිත තාවය මැද, නොනිදන රැය පහන් කරන ඇයට අහම්බෙන් මනෝ චිකිත්සක ජග් ගේ වැඩසටහනක් දකින්නට ලැබෙනවා.
වෙනස් හැසිරීම් ඇති ඇයගේ රෝග නිධානය සොයා විවිධ වෙනස් පරිසර වලදී ඇයව යථා තත්වයට පත්කරවන අපූරු කථාවක් මේ තුල තිබෙනවා. ජීවිතය දෙස වෙනස් විදිහකට හිතන්න හොද පෙලබවීමක් මේ චිත්රපටය තුල තියෙනවා.   
   
Directed by
Produced by
Gauri Khan
Karan Johar
Gauri Shinde
Written by
Gauri Shinde
Screenplay by
Gauri Shinde
Starring
Music by
Cinematography
Edited by
Hemanti Sarkar
Production
companies
Distributed by
NH Studioz (India)
Reliance Entertainment (Overseas)
Release date
·         23 November 2016 (North America)
·         25 November 2016 (Worldwide)
Running time
150 minutes[1]
Country
India
Language
Hindi

Image result for dear zindagi 2016"
 
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 

Image result for film reel"


Image result for In the Mood for Love ( 2000)"

In the Mood for Love ( 2000)

Image result for In the Mood for Love ( 2000)"

1962 දී හොංකොං  වල තට්ටු නිවසක කාමරයක් කුලියට ගෙන සිටින මාධ්යවේදී තරුණ සැමියෙකුගේ යාබද කාමරයේ කුලියට ඉන්නේ නැව් සමාගමක ලේකම්වරියක්. මේ දෙදෙනාගේම සහකරුවන් දෙදෙනාම නිවෙසින් පිටව කාර්ය බහුල ජීවිතයක් ගත කරන දෙදෙනෙක්. දරුවන් නොමැති මේ දෙදෙනා අතර ඇතිවන සම්බන්ධය ගැන කියැවෙන මේ කථාව ජාත්යන්තර සම්මාන රැසකට පාත් වූ වෙනස්ම ආකාරයේ කථාවක්. 

花樣年華
样年华
huāyàng niánhuá
faa1joeng6 nin4waa4
ho1 hhian3 nyi3 hho3
Literally
flowery years
Directed by
Produced by
Wong Kar-wai
Written by
Wong Kar-wai
Starring
Music by
Cinematography
Edited by
Distributed by
USA Films (United States)
Release date
·         20 May 2000 (Cannes)
·         29 September 2000 (Hong Kong)
Running time
98 minutes
Country
Hong Kong
Language
·         Cantonese
·         Shanghainese

Image result for In the Mood for Love ( 2000)"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for gamperaliya film"

ගම් පෙරළිය, කලියුගය සහ යුගාන්තය  ( 1963- 1983 )

Image result for gamperaliya film"

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්යක්ෂණය කල මේ චිත්රපට ත්රිත්වය ප්රවීණ ගත් කතුවර මාර්ටින් වික්රමසිංහ ගේ තුන් ඈදුතු නවකතා වලින් සැකසුනක්.
කාලයත් සමග කොග්ගල ගමේ වලව්වක සිදුවන වෙනස්කම් ගැන කියැවෙන ගම් පෙරළිය ඉන් මුල් කතාවයි. කලියුගය ගමෙන් නගරයට එන පියල් සහ නන්දා වියපත්ව ගෙවන වෙනස් පරිසරයේ වෙනස්කම් ගැන කියැවෙන කතාවක්. සේවකයින් තලා පෙලා වැඩගන්නා සයිමන් කබලාන නම් ධනවතාගේ එංගලන්තයේ සිට පැමිණෙන මාලන් නම් පුතා තාත්තාට හාත්පසින්ම වෙනස් චරිතයක්. කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන පුතා සහ සයිමන් අතර අරගලය යුගාන්තය තුලින් කියැවෙනවා.   
 
ගම් පෙරළිය

Image result for gamperaliya film"

Directed by
Produced by
Written by
Starring
Music by
Cinematography
Edited by
Distributed by
Cinelanka Ltd.
Release date
·         1963
Running time
108 minutes
Country
Sri Lanka
Language
Sinhala



කලියුගය

Image result for gamperaliya film"

Directed by
Written by
A.J. Gunawardena
Starring
Punya Heendeniya
Henry Jayasena
Trilicia Gunawardena
Wickrema Bogoda
Music by
Cinematography
Donald Karunarathne
Edited by
Gladwin Fernando
Distributed by
Tharanga Films
Release date
·         1982
Running time
85 min
Country
Sri Lanka
Language


යුගාන්තය

Image result for yuganthaya film"

Directed by
Written by
A.J. Gunawardena
Starring
Music by
Cinematography
William Blake
Edited by
Gladwin Fernando
Distributed by
Tharanga Chithrapata
Release date
·         1983
Running time
130 minutes
Country
Language
Sinhala

Image result for yuganthaya film"

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 

චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු 

ගම් පෙරළිය


කලියුගය










යුගාන්තය




Image result for tulip fever (2017)

සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for sound of music 1965"

Image result for In the Mood for Love ( 2000)"