මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 28, 2019

කැනඩාවේ පැසිෆික් මනාලිය බලන්නට ගිය ගමනක් ....කැනේඩියානු සංචාරයක මතකය...


Related image


ලෝකයේ ලොකුම සාගරය වන පැසිෆික් සාගර රැල්ල මුලින්ම කැනඩාවට වදින තැනක් තියෙනවා . තමයි වැන්කුවර් දූපත . වසර දහස් ගණනක පටන් ආදි වාසීන් දිවි ගෙවූ එය වර්ග කිලෝමිටර 31,285 විශාලයි . ලක්ෂ 8 කට අධික ජනගහණයක් වෙසෙන මේ දූපතේ බ්රිටිෂ් කොලොම්බියාවේ අගනුවර වන වික්ටෝරියා නගරය පිහිටා තිබෙනවා .
ලොස් ඇන්ජලීස් නගරයේ ගමනින් පස්සෙ අපි ආයෙමත් කැනඩාවෙ රවුමක් යමු . මේ වතාවෙ අපි යන්නෙ කැනඩාවෙ බටහිර අන්තයට .ටොරොන්ටෝවේ ඉදන් පැය 5 ක් පමණ ගුවන් ගමනකට පස්සෙ අපි වැන්කුවර් ගුවන් තොටුපොළට ළගා වුනා . රිච්මන්ඩ් නගරයේ නවාතැනෙන් අපි උදෙන්ම පිටත් වුනේ වැන්කුවර් දුපතට යන්න . අපි සති කීපෙකට කලින් උදෙන්ම යන පාරුව අන්තරජාලයෙන් වෙන්කරලා තිබ්බ හින්ද වැඩේ පහසු වුණා .

Image result for victoria bc


අපි තෝරාගත්තේ වැන්කුවර් නගරයට කිලෝමීටර 38 ක් දකුණින් පිහිටි Tsawwassen ඉදන් වික්ටෝරියා නගරයට කිලෝමීටර් 32 ක් උතුරින් තිබෙන Swartz Bay අතර යන පාරුව. පැයකුත් විනාඩි 35 ක් ගතවෙන   ගමන හරිම අපූරු අත්දැකීමක් . දවසේ කාලය කළමනාකරණය කර ගන්න අපි වෙන්කලේ දවසේ පළමු පාරුව සහ අවසන් පාරුවට පෙර ආපසු යන පාරුවයි . වාහනේ පාරුවේ පහල තට්ටුවේ ගාල් කරලා උඩ තට්ටුවට ගියාම එතැන තියෙන ආපන ශාලා  වලින් උදේට , දවල්ට , රැට හොදට කන්නත් පුළුවන් . අවශ් නම් නිවාඩු පාඩුවේ පොඩි නින්දක් දා ගන්නත් පුළුවන් . එහෙම නැත්නම් Wi-Fi පහසුකම් තියෙන කොටසට ගිහින් තමන්ගේ රාජකාරී හරි අධ්යන හරි වැඩක් කරගන්න පුළුවන්. අපි නම් කලේ උදේ කෑම කාලා පාරුවේ උඩම තට්ටුවේ වටේට ගිහින් මුහුදත් , පරිසරයත් විද ගත්ත එකයි .
පාරුව ගමනාන්තයට කිට්ටු වෙනකොට කල දැනුම් දීමට අනුව අපි සුදානම් වුනේ පහලට ගිහින් වාහනයට ගොඩවෙන්න . ඔන්න ටික වෙලාවකින් අපි පැසිෆික් මනාලිය ගාව .

Image result for tsawwassen ferry terminal

Image result for butchart gardens victoria


බුචාර්ට් මල්වත්ත ( Butchart Gardens)

Image result for butchart gardens victoria


බාල , මහළු හැමෝම ආදරය කරන තැනක් වන මෙතැන දවසක්ම ඉන්න පුළුවන් . අක්කර 130 වතුයායක අක්කර 55 ක් පුරා පැතිර යන මේ මල්වත්ත ජෙනී බුචාර්ට් (  Jenny Butchart ) මැතිණිය පටන් ගත්තේ 1920 දී තම සැමියාගේ සිමෙන්ති කම්හලට ගල් ලබාගත් ගල් කොරිය ආශ්රිත ප්රදේශයෙන් . ලොව පුරා දස අත ඇය කල සංචාරවලදී එකතු කරගත් මල් සහ පැල භාවිතයෙන් කුඩාවට පටන් ගත් එය අද වසරකට මිලියන ගණනක් සංචාරකයින් පැමිණෙන ප්රමුඛ තැනක්

Image result for jennie butchart

Jenny Butchart 

ButlerSturtevant සහ Samuel Maclure යන උද්යාන ශිල්පීන් ගෙන් සහ 1939 දී අවුරුදු 21 කොලුගැටයෙක් වූ Ian Ross  නම් මුණුපුරාට පැවරුණු මේ මල්වත්ත විවිධ වෙනස්කම් වලට බදුන්ව තිබෙන කැනඩාවේ ජාතික උරුමයක් .

Image result for butchart gardens victoria


 රෝස උද්යානය, ජපන් උද්යානය, ඉතාලි උද්යානය, මධ්යධරණී උද්යානය, ගිලුණු උද්යානය ලෙසින් නම් වුනු කලාප රැසක් එහි තිබෙනවා . කාන්තාවන් නම් මෙතැනින් එළියට ගන්න අමාරු වේවි . මල් ඇට , සමරු සේම රසවත් ඉතාලි අයිස්ක්රීම් එකක රස බලන්නත් මෙතැන කදිම තැනක් .

Image result for butchart gardens victoria



 Craigdarroch   මාලිගාව (  Craigdarroch Castle)    

Image result for robert dunsmuir



වැන්කුවර් දූපතට යන අය බලන්න යන වික්ටෝරියානු යුගයේ ස්කොටිෂ් ඌරුවේ මාලිගාවක් වන මෙය සිහිපත් කලේ අප මීට පෙර ගමනකදී ගිය ටොරොන්ටෝවේ කාසලොමා මන්දිරය . කැනඩාවේ තවත් ජාතික උරුමයක් වන මෙය කාමර 39 කින් යුත් වර්ග අඩි 25,000 සුවිසල් නිවසක් . ගල් අගුරු ආකර වලින් පොහොසතෙකු වූ Robert Dunsmuir විසින් කරවූ මෙය Warren Haywood williams සැලැස්මක් මත ඉදිවුණා. එහෙත් මෙහි ඉදිකිරීම් අවසන් කරන්නට පෙර   දෙපලම මියගියා

Image result for robert dunsmuir
Robert Dunsmuir


පසු කාලීනව සැලසුම් කටයුතු කලේ Arthur L Smith.
කැනේඩියානු ඩොලර් ලක්ෂ 5 ක් පමණ වැයවූ මේ මැදුර ඩන්ස්මුයිර් මහතාගේ අභාවයෙන් පසු ඇතිවූ ආර්ථික අවපාතයත් සමග ඩොලර් 38000 වැනි අඩු මුදලකට විකිණී තිබෙනවා . කලින් කලට විවිධ දේ සදහා භාවිතා වූ මෙය වර්තමානයේදී භාරයක් මගින් පාලනය වන වසරකට 150000 කට වැඩි පිරිසක් නරබන සංචාරක කේන්ද්රස්ථානයක් .  

Image result for craigdarroch castle victoria vintage


මයිල් සීරෝ ( Mile 0 )

Image result for mile zero monument victoria


බ්රිටිෂ් කොලොම්බියාවේ වික්ටෝරියා නගරයෙන් පටන් අරගෙන නිව් ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජෝන් නගරය දක්වා යන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය දිගින් කිලෝමීටර 8030 ක් . යුකෝන් , නිනවුට් සහ North west teritories  හැර කැනඩාවේ අනෙකුත් පළාත් 10 යා කෙරෙන මේ පාර පටන් ගන්නේ බීකන් හිල් උද්යානයෙන් .(  Beacon Hill Park ) වෙනුවෙන් තැනුණු සමරු සලකුණක් උද්යානයේ එක් මායිමක තිබෙනවා .

Image result for beacon hill park victoria


පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ( BC Parliament Building)

Image result for BC Parliament Building

වික්ටෝරියාවට යන කවුරුත් යන මෙහි සැලසුම් ශිල්පියා අවුරුදු 25 කොලුගැටයෙක් . 1893 පැවති තරගාවලියකදී ABC Architech  නමින් සැලසුමක් ඉදිරිපත් කල  Francis Ratenbury ගේ අදහස් අනුව 1897 දී මෙය ඉදිකර තිබෙනවා . වසර පුරාම උදෑසන 9 සිට සවස 5 දක්වා මග පෙන්වන්නෙකු විස්තර කියන සංචාර මෙහි ක්රියාත්මක වෙනවා .

Image result for francis rattenbury
Francis Ratenbury

Image result for bc parliament building inside

Image result for bc parliament building inside

වික්ටෝරියා නගරය නම් වුනේ එකල හිරු නොබසින අධිරාජ්යයේ මහා රාජිනියව සිටි වික්ටෝරියා රැජිණ සිහිවීමටයි . බ්රිතාන් ගති ලක්ෂණ පෙන්වන එහි අශ්ව රථයක නැගී රවුමක් යන්නත් , තල්මසුන් බලන්නට යන මුහුදු සංචාරයක් සේම සී ප්ලේන් එකක නැගී ගුවනට නැගෙන්නත් ඔබට පුළුවන් .
අපි වික්ටෝරියා නගරයේ වීදි දිගේ ඇවිද්දා , ටිකක් කලියෙන් පාරුවේ පිටවෙන පෝලිමට එකතු වෙන්න ආයෙමත් වාහනයට නැග්ගා . රෑ කෑමත් පාරුවෙන්ම අරගෙන රිච්මන්ඩ් නගරයේ නවාතැනට යන්නයි අපේ සූදානම .

Image result for bc ferries inside

අවුරුදු 300 ක් පරණ ගස් මැද්දෙන් වැන්කුවර් වරායෙන් ඉර බහිනවා බලන්න ඊළග මාසයේදී හමුවෙමු .

සටහන   අනුරුද්ධ වැලිගමගේ  



සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for victoria bc

Image result for victoria bc



කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 ජනවාරි කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Image result for dasatha publications

Image result for victoria bc

Image result for beacon hill park victoria